2024.04.14 ඉරිදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 14, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - සවස 04.47 - 06.19
සුබ දිශාව - දකුණ

 

මේෂ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරන බවක් පෙනේ. අමනාප වූ ඥාතියකු සමඟ සුහදවීමට කටයුතු සැලසෙන දිනයකි.

වෘෂභ

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පවුලේ වගකීමක් තමා පිට පැවැරීමට ඉඩ ඇත. දරුවකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

මිථුන

වගකීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ. අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන දිනයකි.

කටක

තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

සිංහ

අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදෙන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කන්‍යා

වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. වමනය, ක්ලාන්තය වැනි අසනීප ගතියකින් පීඩා විඳින බවක් පෙනේ. නිතර ගතට සිතට පීඩා ගෙනදෙන දිනයකි.

තුලා

අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවිය හැකි දිනයකි.

වෘශ්චික

ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි.

ධනු

යොදාගත් සැලසුමක් සාර්ථක කරයි. ආගමික කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට කටයුතු සූදානමක් ඇති කර ගනී. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. ඥාතීන්ගෙන් තෑගි බෝග හිමිකරයි.

මකර

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. ගේ දොර කටයුතු පිළිවෙළක් ඇති කර ගැනීමට වෙහෙසක් කරන දිනයකි.

කුම්භ

සමාජසේවා කටයුත්තකින් තමාට ප්‍රශංසා හිමි කරයි. නිතර පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. රැකියා බලාපොරොත්තුවක් පිළිබඳ අදහසක් වෙනස් කිරීමට සිදුවේ.

මීන

වියදම් අධිකවන දිනයකි. යොදා ගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. දරුවකුගේ ඉදිරි අනාගත සැලසුමක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. පවුලේ කෙනෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.