2024.04.15 සඳුදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 15, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 07.34 - 09.06
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ අය වෙනුවෙන් භෝජන සංග්‍රහයකට සැලසුමක් ඇති කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි.

වෘෂභ

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන දිනයකි.

මිථුන

උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න.

කටක

විශ්වාසය බිඳ වැටීමක් සිදු කරයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වියදම් අධික අන්දමේ කටයුතු කීපයක් යෙදෙන දිනයකි.

සිංහ

නිතර ඇවිදිලි ඇති කරයි. සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙනේ. පෙම් සබඳතාවක් සාර්ථක කරන දිනයකි.

කන්‍යා

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි. පවුලේ උත්සව අවස්ථාවකට කරුණු ඇති කරයි.

තුලා

වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ පාදයේ වේදනාවක් නැවත මතු කරයි. වැඩිහිටියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට කටයුතු සැලසේ.

වෘශ්චික

දරුවකුගේ දියුණුවක් දැකිය හැකි දිනයකි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

ධනු

පොත්පත් ලිපි ලේඛන කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ. පැවැති වගකීමකින් නිදහස උදා කරයි. සුළු සුළු ලාබ හිමිකරන මාර්ග කීපයක් යෙදේ.

මකර

පවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. දරුවකුගේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කුම්භ

විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. ප්‍රමාද කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අවිවේකී ලෙස කටයුතු සිදු කරන දිනයකි.

මීන

ලැබීම් අතින් යහපත් කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙනේ. ශාරීර සෞඛ්‍යයට බාධාගෙනදෙන කටයුතු කීපයක් සිදු කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.