2024.02.28 බදාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 28, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.24
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - දහවල් 12.23 - 01.53
සුබ දිශාව - දකුණ

 

මේෂ

සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. හිතමිතුරු ඇසුරට කටයුතු යෙදෙන බවක් පෙනේ. පවුලේ භෝජන සංග්‍රහයකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ.

වෘෂභ

වගකීම් බහුල කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

මිථුන

ලැබීම් අතින් යහපත් කරයි. විදෙස් ගත හිතවතකුගෙන් උපකාරයක් හිමිකරයි. ඇවිදිලි වැඩිකරන කටයුතු කීපයක් යෙදෙන දිනයකි.

කටක

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර සිතේ චංචලබවකින් කටයුතු සිදුකරයි. වගකීම් බහුල දිනයකි.

සිංහ

අමත වගකීම් බහුල කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කන්‍යා

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි ගමන් යෙදෙන දිනයකි.

තුලා

නිතර සිතේ සැනසිල්ලෙන් කටයුතු සිදු කරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි.

වෘශ්චික

පැරැණි හිතවත්කම් අලුත්කරයි. තමාසතු දෙයක් නැතිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි.

ධනු

සිතට සතුට සැනසීම උදාකරන දිනයකි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. යටපත් වූ වාත වේදනාවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ.

මකර

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක බවක් ඇති කරයි. වෙනදාට වඩා කටයුතු කළයුතු බවක් පෙනේ. නිතර පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. පියපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි.

මීන

ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. පවුලට අලුත් සාමාජිකයෙකු එක්විය හැකි බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙන්නුම් කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.