ජ්‍යොතිෂ් ශාස්ත්‍රය කෙසේ පැවතෙන්නක්ද?

මැයි 19, 2023

 

ඡ්‍යෝතිෂය මානසික විද්‍යාවක්ද, මානසික විද්‍යාවක් නම් ජ්‍යෝතිෂවේදීන් මානසික චිකිත්සකයන් ද? එසේත් නැතිනම් මෙය මඟහැරී ගොස් නෂ්ඨාවශේෂ වූ ගවේෂණයට ලක් නොවූ තවමත් ප්‍රාථමික අවධියේ තිබෙන්නක්ද? එසේ වුවහොත් අද පවතින ඡ්‍යෝතිෂ ශාස්ත්‍රයෙන් ලබන පල නිශ්චිත නොමැතිද? එසේත් නැතිනම් මෙය කිසිදු පදනමකින් තොරවූ මිථ්‍යාවිශ්වාසයක්ද? මෙයාකාරයෙන් ඡ්‍යෝතිෂය පිළිබඳව ඇති විවිධ මත රාශියකි. එක්තරා ආකාරයකින් අද දවසේත් ඉතා දැඩි ලෙස විවාදයට ලක්වී ඇති ශාස්ත්‍රයක් ලෙස ජ්‍යෝතිෂය හැඳින්විය හැකිය.

 

ජ්‍යෝතිෂ පිළිබඳව වසර 2500 ප්‍රථම දීඝ නිකායේ බුදුන් වහන්සේ විසින් වදාළ බ්‍රහ්මජාල සූත්‍රයේදී මේ ගුප්ත විද්‍යාවන් පිළිබඳව හැඳින්වීමක් කොට ඇත. අංග ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, උත්පාත ලක්ෂණය, ස්වප්න ශාස්ත්‍රය, පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය, අංග විද්‍යාව, වාස්තු විද්‍යාව, ක්‍ෂාක විද්‍යාව, ශිව විද්‍යාව, භූත විද්‍යාව, භූරි විද්‍යාව, අභි විද්‍යාව, වායු විද්‍යාව, ශාකුන විද්‍යාව, මිණි ලකුණූ, දඬු ලකුණු, වත් ලකුණුූ, ඊ ලකුණු, දුනු ලකුණු අව ලකුණු,කකුළු ලකුණු, මුව ලකුණූ, කසබ ලකුණු,ඇත් ලකුණු, ඉතිරි ලකුණුූ පිළිබඳව එහි සඳහන්ව ඇතත් ඒවා සියල්ල දැක්වෙන්නේ තිරශ්චීන විද්‍යාවන් ලෙසය. නක්කත්ත ජාතකයේදදී කිං කරිස්සන්ති තාරකා යනුවෙන් තාරකාවන්ට කුමක් කළ හැකි දැයි බුදුන් වහන්සේ වදාළහ. නමුත් ලෞකික ජීවිතයේදී මිනිසුන් විසින් දැඩි විශ්වාසයෙන් යුතුව අනුගමනය කළ බොහෝ දෑ උන්වහන්සේ ගර්හාවට ලක් නොකළ බව බුද්ධ දේශනාවලින් පැහැදිලි වේ. මිනිසා සියල්ල ස්වභාව ධර්මයේ අවබෝධ කර ගැනීමට අපහසු ප්‍රපංචයන් තමන්ගේ දෛවය හා ඉරණම විනිශ්චය කිරීම බුදුන් වහන්සේ කිසිසේත් අනුමත නොකළහ. ඊට වහල්වීම නම් තම කර්මය වන බව උන්වහන්සේ දැන සිටීම ඊට හේතුවයි. නමුත් දීර්ඝ කාලයක් මුළුල්ලේ සමාජ පිළිගැනීමට හෝ සම්මතයට පැමිණි දෑ කෙරෙහි උන්වහන්සේ උපේක්ෂා සහගත වූහ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේ සිට නම් තැබීම, විවාහය ආදි අවස්ථාවලදී සමාජයේ පැවති සම්ප්‍රදායන් අනුව සිදුවී ඇති බව පැහැදිලිය. එමෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය පවා අනාවැකියක් ලෙස තාරකා ශාස්ත්‍රය අනුව පළකොට ඇති බවට බයිබලය සාක්ෂි දරයි. එමෙන්ම ශුද්ධ වූ අල් කුරාණය සහ අනෙකුත් ආගමික ග්‍රන්ථයන් ද ග්‍රහ තාරකාවන් පිළිබඳව ඇති විශ්වාසයන් තහවුරු කොට ඇති බව එම ග්‍රන්ථ පිරික්සීමේදී පෙනී යයි. ශේක්ස්පියර් වැනි ශ්‍රේෂ්ඨ නාට්‍ය රචකයන්ගේ කෘතින්වල ද ග්‍රහ බලපෑම් පිළිබඳව සටහන්ව ඇත. එනිසා බෞද්ධයන් ඡ්‍යෝතිෂය පිළිබඳව දැක්විය යුත්තේ කර්මය පදනම් කොටගත් විශ්වාසයක් බව හා යම් සීමාවන්ට යටත්ව බවත් මෙහිලා සඳහන් කිරීම වැදගත් වේ.

ඡ්‍යොතිෂය සංස්කෘත භාෂාවට අනුව ආලෝකයේ විද්‍යාව නැතිනම් ආකාශ වස්තුන්ගේ හැසිරීම පිළිබඳ විද්‍යාව ලෙස හැඳින්විය හැකිය. ඡ්‍යොතිෂයේ උපත ඉන්දියාව බවත් එයට වසර 6000ක් පමණ ඉතිහාසයක් හිමි බවත් වාර්තාවලින් සනාථ වී ඇත. අවුරුදු දහස් ගණනකට පෙර විශ්වයේ ඇති ග්‍රහලෝක පිළිබඳව දුරේක්ෂයක ආධාරයකින් තොරව මානසික දුරේක්ෂයකින් (ර්ඪදඤධඵජධනඥ) මඟින් ධ්‍යාන වැඩූ ඍෂිවරුන් මානසික ලෝකය ගවේෂණය කළ බවට ඉන්දියානු ඉතිහාසය සාක්ෂි දරයි.

ඉන්දියාවේ ඡ්‍යෝතිෂ විද්‍යාව වසර 6500 තරම් ඈතට විහිදෙයි. මේ වන විට ක්‍රිස්තු පූර්ව 3700 දී රචිත ජ්‍යෝතිෂ සිද්ධාන්ත වාර්තාගතව ඇත. ඒවායේ ඇතැම් මුල් පිටපත් විනාශ කොට තිබුණත් ඉන්දියාවේ මහා රාජාවරුන්ගේ පුස්තකාලවල පැරැණි පොත්පත් අදත් දක්නට ඇත. කෙසේ වුවත් කාල නිර්ණය කිරීමේදී ඉන්දියානු ඡ්‍යෝතිෂයට වසර 6500 පමණ ඉතිහාසයක් ඇති බව නිගමනය කළ හැකිය. වේද ඡ්‍යෝතිෂයේ මුල් කාලීන රචකයන් ගේ ඇතැම් කෘති අතර, පිට නම් රචකයාගේ පිට මහා නිබන්ධය ක්‍රිස්තු පූර්ව 3000දී පමණ රචනා කළ බවට විශ්වාස කළ හැකිය.

ඉන් වසර 500කට පමණ පසු පසුකාලීන සියලු ජ්‍යෙට්තිෂය පිළිබඳව සිද්ධාන්ත රචනා කළ බොහොමයක් ගුරු කොට ගත්තේ වගිෂ්ට සිද්ධාන්තයයි.

මීට අමතරව පංච සිද්ධාන්ත කෝෂ සූර්ය සිද්ධාන්තය, නිත්‍යනන්ද වැනි ග්‍රන්ථ කිහිපයක්

විශිෂ්ට මුනිවරයා වෙතින් බිහි විය. එමෙන්ම පරාසර හෝරා ශාස්ත්‍රය වරාමිහිර , වෘහත් ජාතකය ආදිය වේද ඡ්‍යොතිෂයේ න්‍යෂ්ටිය වශයෙන් සැලකිය හැකිය. මේ සියල්ලේම පදනම වී ඇත්තේ ග්‍රහ වස්තුන්ගෙන් මනුෂ්‍යයාට හා ලෝකයට සිදුවන බලපෑම්ය. වේද ඡ්‍යොතිෂයට අනුව ජන්මියාගේ උපන් වේලාවට අනුව ක්ෂීර පථයේ ග්‍රහයන්ගේ ස්ථානගතවීම අනුව ඇතිවිය ඇති පලාපල කථනය කිරීම මෙහි මූලික ලක්ෂණයයි. ඒ සඳහා උපයෝගී කර ගනුයේ ගණිත ක්‍රමයකි. භෞතික ලෝකයේ ඇතිවන ස්වභාවික ව්‍යසන ආදිය පිළිබඳව අනාවැකි පළ කිරීම ද එම ගණිත ක්‍රමය අනුවම සිදු වුවත් එය තාරකා විද්‍යාව අනුව සිදුවන බව විදාර්ථයින්ගේ මතයයි.

ඉන්දියානු ඡ්‍යෝතිෂයේ සම්භාව්‍ය කෘති කිහිපයක් සඳහන් කළ හැකිය.

1.අෂ්ටක වර්ග නිබන්ධය – මුකුන්ද දෛවඥ

2.භාර්ගව නාදිකා – ග්‍රහ ගෝචර පල

3.භාවාර්ත රත්නාකරය රාමනුජාචාරය - පලාපල කථනය පිළිබඳව

4. බ්‍රගු සූත්‍රම් බ්‍රගු නම් ඍෂිවරයා – ගුහාධිපතිත්වය

5.බෘහත් සංහිතාව වරාමිහිර 5 සියවසේ කොටස් 2 ග්‍රහචාරයන් හා චන්ද්‍රග්‍රහයන්

6. වෘහත් ජාතක වරාමිහිර 5 සියවස පලාපල ශ්ලෝක

7.වෘහත් පරාශර හෝරා ශාස්ත්‍රය මහා රිෂි මෙය ඡ්‍යොතිෂයේ බයිබලය ලෙස දැක්වේ. ඔහුගේ ශිෂ්‍ය මෛත්‍රිය රිසිවරයා අසන ලද ප්‍රශ්න සඳහා පරාශර ඍෂිවරයා දෙන ලද පිළිතුරු මෙහි සඳහන් වේ.

8.චරක සංහිතා මුහුර්ත පිළිබඳව

8.චමත්කාරි චින්තාමනී – නාරායන බාත්, රාශින් සහ භාවස්ථානයන්ට ඇති පලාපල

10.දෛවඥ වල්ලභ 5 සියාවස

11.දේව කේරලමි හෙවත් චන්ද්‍ර කලානිධි – අවෘත නාඩි ග්‍රන්ථ පිළිබඳ ශ්ලෝක 8200

12.ග්‍රහ තෝරා ගර්ගාචාර්ය ඍෂිවරයා බෘහත් පරාශර හෝරාවටත් පළමු බිහිවූ බව විශ්වාස කෙරේ.

13. හෝරා ප්‍රකාශ – පුන්ජ් රාජා

14. හෝර රත්නය – බලබද්‍ර – විශ්ව කෝශයකි.

15.භෝරාසර – පි‍්‍රත්‍යු යසස් වරාමිහිරගේ පුත්‍රයා

16.ජාතක අලන්කාරය ගනේෂ විසින් 1613 දී රචිත සම්භාව්‍ය කෘතියකි.

17.ජාතක බරණය – පණ්ඩිත දණ්ඩිරාජ් විංශෝත්තරි දශා පිළිබඳව

18.ජාතක පරිජාත වෛද්‍යානාථ දික්‍ෂිත 14 සියවසේ වෙන්කටේෂගේ පුත්‍ර

19. ජාතක තත්ව 18 සියවසේ මහාදේව

20.ජාතදේශ මාර්ග – කේරල

21.කාලප්‍රකාශිකා

22. ලගු ජාතක – වරාමිහිර 5. සියවස

23. ලගු පරාශරි සිද්ධාන්ත

24.මධ්‍ය පරාශරි – දශා ක්‍රමය පිළිබඳ පුරාණ කෘතියකි.

25.මුහුර්ත චින්තාසණි – රාම දෛවඥ

26.පල දීපිකා මන්ත්‍රිශ්වර 16 සියවසේ වේද ඡ්‍යොතිෂය

27. ප්‍රශ්න මාර්ග නම්බුදිරි බ්‍රාහ්මණ කේරල

28.ප්‍රශ්න තන්ත්‍ර – නිලකාන්ත දෛවඥ විසින් 1550 රචිත

29.පූර්ව කලාමෘත කාලිදාස මුහුර්ත පිළිබඳව

30.රාම දයාලු 1860 ඡ්‍යොතිෂය විෂය කොටස් 9 හෙවත් සංකේත විභාගය

31. සාරාවලි – කල්යාන වර්මා 10 සියවසේ ග්‍රහ සංයෝග යෝග ග්‍රහ සංයෝග ග්‍රහ බලපෑම් නවාංශක පිහිට්ටවීම හෝරා දශා විංශෝත්තරී දශා ආදිය

32.සර්වාර්ථ චින්තාමනි වෙන්කටේ 13 සියවස

33. සත්‍ය සංහිතා – මුහුර්ත

34.ශම්බු හෝරා – පුන්ජ රාජා විසින් 16 සියවසේ ශ්ලෝක 1349 අඩංගු

35. උත්තර කාලාමෘතය – කාලිදාස

36.වේදාන්ත ඡ්‍යොතිෂය – ලඟදා

37.සවන ජාතක – යවන මුනිවරයෙකි – ඉන්දියාවේ

38.යෝගයාත්‍රා – වරාමිහිර 5 සියවස

මතු සම්බන්ධයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.