ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ රත්රන් නීතිය පාලක ග්‍රහයෝ - 3

නොවැම්බර් 24, 2023

සෑම කටයුත්තක් ආරම්භ කරන අවස්ථාවේදී මතුවන පාලක ග්‍රහයන් එම කාර්ය අවසන්වන විටදීද ක්‍රියාත්මකවන බව ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව පෙන්වයි. එසේම ඒ අතරතුර ඇතිවන වෙනත් අවස්ථාවලදීද, ආරම්භයේදී මතුවූ පාලක ග්‍රහයන් ක්‍රියාත්මක වෙයි. එනම්, දරු උපතකදී මතුවන පාලක ග්‍රහයන්, ඒ දරුවාගේ මෙන්ම ඔහු හෝ ඇය වයසින් වැඩෙත්දී මුහුණ දෙන සෑම සිදුවීමකදීම ක්‍රියාත්මක වෙයි.

ඒ ආකාරයටම, කෙටි සිදුවීම්වලදීද පාලක ග්‍රහයන් යොදා ගැනීමෙන් විස්මිත අනාවැකි පලකළ හැකිවෙයි. විදුලි බලය නැවත ලැබීම, ආපසු නිවසට පැමිණීම, අමුත්තකු පැමිණෙන වේලාව වැනි අවස්ථා නිගමනය කිරීම සඳහා ඉතා සරල ආකාරයෙන් පාලක ග්‍රහයන් යොදා ගත හැකිවෙයි. ඒ සඳහා ප්‍රශ්නය මතුවන අවස්ථාවේදී මතුවන පාලක ග්‍රහයන් ලබා ගන්න.

ක්‍රිස්තු වර්ෂ 2023 නොවැම්බර් මාසයේ 05 වැනි රවි දින පෙරවරු 10.10 ට මතුවූ පාලක ග්‍රහයන් ලබා ගන්න.

මේ තත්කාලයේ ලග්න ස්ඵූටය සහ සඳුගේ ස්ඵූටය සහ ඒවා පාලනය කරන ග්‍රහයන් මෙසේ වෙයි. ඒ අනුව මෙම අවස්ථාවෙහි මතුවූ පාලක ග්‍රහයන් 7 දෙනා මෙසේ වෙයි.

1. දිනය අධිපති ග්‍රහයා රවි,

2. සඳු ග්‍රහයා සිටි රාශිය අධිපති ග්‍රහයා සඳු,

3 සඳු ග්‍රහයා සිටි නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා ශනි

4. සඳු ග්‍රහයා සිටි උපස්ථානය අධිපති ග්‍රහයා ගුරු,

5. ලග්නය අධිපති ග්‍රහයා ගුරු,

6. ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා සිකුරු සහ

7. ලග්නයේ උපස්ථානය අධිපති ග්‍රහයා සඳු

මේ පාලක ග්‍රහයන් අතුරෙන් ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා වඩා බලවත්ම ග්‍රහයා සිකුරු වෙයි. ඊළඟට පිළිවෙළින් ගුරු, සඳු, ශනි සහ රවි වෙයි. දැන් මෙම ග්‍රහයන් පාලනය කරන රාශි චක්‍රයේ සංවේදී ස්ථාන තෝරා ගන්න.

මේ අවස්ථාවේ ආරම්භකළ කටයුත්තක් අවසාන වන්නේ කුමන අවස්ථාවේදී දැයි බලන්න. පැය කිහිපයක් තුළ අවසාන වන්නේ නම් පාලක ග්‍රහයන් ක්‍රියාත්මක කරන රාශි චක්‍රයේ සංවේදී ස්ථාන තෝරා ගන්න.

රාශි චක්‍රයේ සිකුරු හිමි වෘෂභ රාශියේ රවි හිමි නක්‍ෂක්‍රයේ ගුරු සහ ශනි හිමි උපස්ථාන දෙකක් ඇත.

සිකුරු හිමි වෘෂභ රාශියේ ස් හිමි නක්‍ෂක්‍රයේ ගුරු සහ ශනි හිමි උපස්ථාන දෙකක් ඇත. මෙදින පස්වරු 06-20 ට පමණ සිකුරු හිමි වෘෂභ රාශිය උදාවෙයි. රවිට වඩා සඳු බලවත් හෙයින් එම නක්‍ෂත්‍රයේ ගුරු හිමි උපස්ථානය තෝරා ගන්න.

එය වෘෂභ රාශියේ 01 13 20 සිට 03 00 00 දක්වා යෙදී ඇත. මෙදින පස්වරු 06-35 ට පමණ මෙම ස්ථානය උදාවෙයි. එවිට බලාපොරොත්තුව ඉටුවෙයි. උදාහරණයක් ලෙස විදුලි බලය නැවත ලැබීම ගැන විමසුමකදී, විදුලි බලය විසන්‍ධි වූ අවස්ථාවේ පාලක ග්‍රහයන් ලබාගෙන, ඔවුන් නැවතත් ක්‍රියාත්මකවන ආකාරය අනුව, ලැබෙන වේලාව සොයාගන්න, මෙහිදී, විදුලි බලය විසන්‍ධිවූ වේලාව නොදන්නේ නම්, ප්‍රශ්නය මතුවූ අවස්ථාවේ පාලක ග්‍රහයන් ලබාගෙන, ඒ අනුව ගණනය කරන්න.

එක් දිනක් හෝ පැය කිහිපයක් තුළ සිදුවන කරුණක් සම්බන්‍ධයෙන් ලග්න උදාව සැලකිල්ලට ගෙන විනිශ්චය කළ හැකිය. දින කිහිපයක් ඇතුළත සිදුවන කරුණු සම්බන්‍ධයෙන් පාලක ග්‍රහයන් හිමි සංවේදී ස්ථානවල සඳුගේ ගෝචර ගමනද, මාස කිහිපයක් ඇතුළත සිදුවන කරුණු සම්බන්‍ධයෙන් පාලක ග්‍රහයන් හිමි සංවේදී ස්ථානවල රවිගේ ගෝචර ගමනද, දිගු කාලයක් ගතවන කරුණු සම්බන්‍ධයෙන් දශා, භුක්ති සහ අන්තර කාලසීමාද සැළකිල්ලට ගෙන විනිශ්චය කරන්න.

සඳු ග්‍රහයා 2024 මාර්තු මාසයේ 29 වැනි දින සඳු ග්‍රහයා, කුජ හිමි රාශියක සහ ගුරු හිමි නක්‍ෂත්‍රයක ගෝචරය වෙයි, එදින බලාපොරොත්තුව ඉටුවෙයි. නිවැරැදිව පාලක ග්‍රහයන් තෝරා ගැනීමෙන් පසුව ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය සිදුවන ආකාරය මෙසේ අවබෝධකර ගන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.