මේ සති‍ෙය් ලග්න පලාපල... (ජූලි 14 සිට 20 දක්වා)

ජූලි 14, 2023

 

මේෂ

පවුලේ උත්සව අවස්ථාවක්

ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේ දොර කටයුතු අධික වන සතියකි. මවුපිය උරුමයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. පවුලේ උත්සව අවස්ථාවකට සම්බන්ධවීමට කටයුතු සැලසේ. ජලයෙන් පීඩා ඇති විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කටයුතුවලින් වැළැකී සිටීම යහපත් ය.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩිවන සතියකි. නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

අමතර ඉගෙනීම් කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන සතියකි. නිතර පොත් කටයුතු කෙරෙහි සිත යොමුකරන බවක් පෙනේ. එමෙන්ම අධ්‍යාපනික කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන කාලයකි. නිතර කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න. දතක ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනී. සෙම හෝ උගුර ආශි‍්‍රත ආබාධයක් ඇතිවිය හැකි බැවින් ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න.

අය 06 වැය 05

ජය අංකය – 05

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

 

වෘෂභ

විදෙස් ගමන්

ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ අලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අලුත් ලැබීම්වලට හිමිකම් ඇති සතියකි. මෙතෙක් තමාට අහිමිව තිබූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි. නිතර යෙදෙන ගමන්වලින් වාසි කීපයක් සැලසේ. විදෙස් ගමන් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බාධා මඟහැරී යයි. එහෙත් රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. ආයතන ප්‍රධානීන්ගේ උපකාර හිමිකරන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරන සතියකි. ශාස්ත්‍රීය කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. හදිසි පොත් මිලදී ගැනීමකට කටයුතුª උදාකරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. වෙනදාට වඩා තමා ගන්නා ආහාර පාන පිළිබඳ සැලකිලිමත් වන්න. පරම්පරාගත රෝගාබාධයක් මතුවිය හැකි කාලයකි.

අය 07 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

විශ්වාසය බිඳ වැටීමක්

හදිසි ආදායම් මාර්ග කීපයක් හිමිකරන සතියක් වන අතර, මේ සතියේ සඳුගේ ගමන 12,1,2 යන භාවස්ථානවල සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

විදෙස් ලැබීම්වලට හිමිකම් ඇති සතියකි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියක් වන අතර, රැකියාවේ ඉදිරි කටයුතුවල වෙනසක් සිදුකරයි. විදෙස්ගත රැකියා අපේක්ෂිතයන්ට සුබදායකයි. එමෙන්ම ගත සිත වෙහෙසා කරන රැකියා කටයුතුවලින් විශේෂ ලාභ හිමිකරයි.

අධ්‍යාපනය

විශේෂ අධ්‍යාපනික ජයග්‍රහණයකට හිමිකම් ඇති කරයි. එමෙන්ම අලුත් පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව සැලසෙන කාලයක් වන අතර, ඒ සඳහා අමතර කාලයක් වැය කිරීමටද සිදුවේ.

සෞඛ්‍යය

වෙහෙස ඇති ගමන් කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා අත්කරයි. දතක ආබාධයක් ඇතිවීමට ඉඩ ඇති කාලයකි.

 

අය 07 වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

කටක

ස්වයං රැකියා වාසි

 

අලුත් ඥාති හිතවත්කම්වලට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවන සතියකි. අමතර ලැබීම් අතින් යහපත් කාලයකි. එහෙත් මානසික අවිවේකය ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ඥාතියකුට උපකාරයක් කිරීමට මඟ සැලසෙන කාලයකි.

රැකියාව

නිතර ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර දියුණුවට හේතු ඇති කරයි. ස්වයං රැකියා කටයුතුවල නියුතු වූවන්ට වෙනදාට වඩා අතමිට සරු කරන කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කාලයකි. හිතවතකුගේ උපකාර ඇතිව අධ්‍යාපනික ගැටලුවක් විසඳා ගැනීමට සිදුවෙයි. පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ.

සෞඛ්‍යය

වරින් වර හට ගන්නා උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න. රුධිරගත සීනි මට්ටම වැඩිවීමක් හේතුවෙන් ප්‍රතිකාර පතයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාර පිළිබඳ කල්පනාකාරි වන්න.

 

අය 06 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - දම්ි

සුබ දවස - බදාදා

 

 

සිංහ

තනතුරු ලාභ

යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

සැලසුමක් සාර්ථකවීමෙන් වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත. දරුවකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති ගැටලු කීපයක් විසඳී යන බවක් පෙන්නුම් කරයි. කලා ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවේ. හිතවතකු සමඟ පොත්පත් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. යටපත් වූ හිසේ වේදනාවක් නැවත මතුකරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. හදිසි වැටීම් තැළීම්වලට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න.

 

කන්‍යා

අඹුසැමි සුහදතාවය වැඩිවේ

 

පැවැති ගැටලු කීපයකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. නිතර යෙදෙන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසෙන කාලයකි.

රැකියාව

මෙතෙක් අතරමඟ නවතා තිබූ රැකියා කටයුතු කීපයක් නැවත ආරම්භ කරගැනීමට මඟ සැලසේ. රැකියාවේ ස්ථාන වෙනස්කම් බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායකයි. ආයතන ප්‍රධානීන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදාවන කාලයකි.

අධ්‍යාපනය

අමතර අධ්‍යාපනික මාර්ගවලට ඉඩකඩ සැලසෙන සතියකි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. උසස් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි. ආහාර විෂවීමක් හෝ ලේ විෂවීමක් හේතුවෙන් සම ආශි‍්‍රත ගැටලු කීපයක් මතුකරයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණවලට භාජනය වීමට සිදුවන කාලයකි.

 

අය 06 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

තුලා

දේපළ ගැටලුවකට නීති පිහිට

 

වරින්වර උදාසීන ගති මතු කරමින් සතිය ආරම්භවන තුලා ලග්න හිමි ඔබගේ මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා මානසික අවිවේකයට හේතු ඇති කරයි. අලුත් ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. එමෙන්ම දේපළ ගැටලුවක් හේතුවෙන් නීති පිහිට පතයි. දරු ලාභ හිමිකම් ඇති සතියකි.

රැකියාව

ජලාශි‍්‍රත රැකියා කටයුතුවලට හිමිකම් ඇති බවක් පෙනේ. එමෙන්ම අලුත් රැකියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. රැකියාවේ වැඩි වගකීම් කොටසක් තමා වෙත පැවරෙන කාලයකි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න.

අධ්‍යාපනය

තරඟ විභාගයකට සූදානම් වන සතියකි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. විදෙස් අධ්‍යාපන බලාපොරාත්තුවක් ඉටුවන බවක් පෙනේ.

 

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවන කාලයකි. වරින්වර ඇතිවන මුත්‍රා අමාරුවක් හේතුªවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර දියර වර්ග පානය කිරීම ශරීර සෞඛ්‍යයට යහපත් කරයි.

 

අය 08 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

 

වෘශ්චික

අමතර භාෂාවක් හැදෑරීමට අවස්ථාවක්

 

අවිවේකී ලෙස උදාකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන කාලයකි. අසනීප වූ වැඩිහිටියකු වෙනුවෙන් උපස්ථාන කිරීමට අවස්ථාව උදාකරයි.

නිතර වෙහෙස ඇති කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවේ. ආගමික කටයුත්තකට සහභාගිවීමට අවස්ථාව සැලසෙන කාලයකි.

රැකියාව

අලුත් රැකියාවකින් ලාභ හිමිකම් ඇති බවක් පෙනේ. රැකියාවේ නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. පොත්පත් ලිපි ලේඛන කටයුතු පිළිබඳ කල්පනාකාරි වන්න.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනික ජයග්‍රහණයකට හිමිකම් ඇති කාලයකි. නිතර අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. එමෙන්ම අමතර භාෂාවන් හැදැරීමේ අවස්ථාවද උදාකරන කාලයකි. සම්මුඛ පරීක්ෂණයකට සහභාගිවීමට කටයුතු උදාකරයි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇතිකරයි. නිතර කෑම බීම පවා අපි‍්‍රය කරවන කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවේ.

 

අය 06 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

 

ධනු

ලිපි ලේඛන ගැටලුවක් විසඳේ

 

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසෙන සතියක් වන අතර මේ සතිය උදාවත් සමඟ සඳු ග්‍රහයාගේ ගමන 6,7,8 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරෙන සතියකි. මුදල් ගනුදෙනු සම්බන්ධ වෙනදාට වඩා කල්පනාකාරි වන්න. දුර ගමනකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. පියපස ඥාතියකු තමා සොයාගෙන එන කාලයකි.

රැකියාව

අවිවේකී වුවත් රැකියාවේ කටයුතු නියමාකාරයෙන් කරගෙන යන සතියකි. ප්‍රධානීන්ගේ උපදෙස් මත කරගෙන යන කටයුතුª කීපයක් සාර්ථක කරයි. අලුත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක කාලයකි.

අධ්‍යාපනය

විභාග කටයුත්තක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. පැවැති ලිපි ලේඛන ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. අධ්‍යාපන චාරිකාවකට සහභාගිවීමට කටයුතු සැලසෙන කාලයකි. අමතර දේ ඉගෙනීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් සතියකි. පැවැති අසනීප ගති මඳ වශයෙන් මඟහැරී යන බවක් පෙනේ. මානසික සැහැල්ලුවෙන් කටයුතු කරගෙන යන කාලයකි. යටිබඩ ආශි‍්‍රත ආබාධ වැනි අසනීපකාරි බවක් ඇතිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

 

අය 08 වැය 06

ජය අංකය – 02

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

 

මකර

ප්‍රධානීන්ගේ උපකාර

 

හදිසි වියදමක් දැරීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

වැඩ කටයුතු අධිකවන දිනයකි. ගේදොර පිළිවෙළකට තබා ගැනීමට වෙහෙසක් දරන බවක් පෙන්වයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ වන බවක් පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් විය යුතු කාලයකි.

රැකියාව

වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ හිමිකරන කාලයකි. රැකියාවේ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ප්‍රධානීන්ගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. තනතුරු මාරු, ස්ථාන වෙනස්කම්වලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට ඉඩකඩ ඇති සතියකි. දරුවකුගේ උසස් ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිදන්ගත රෝගයක් මතුවන ලකුණුූ පෙන්නුම් කරයි. විවිධ සෞඛ්‍යය පරීක්ෂණවලට මුහුණදීමට සිදුවන සතියකි.

 

අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

 

කුම්භ

වෙළෙඳ ව්‍යාපාර ලාභ

මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර පවුලේ කටයුතුවලින් දුරස්වීමට සිදුවන බවක් පෙන්වයි. ආගමික නායකයන්ගේ ඇසුර පතන කාලයකි. ප්‍රමාදතා සිදුකළ විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. මුදල් අඩුපාඩුකම් මතුවන කාලයකි.

රැකියාව

තමා බලාපොරොත්තුවෙන් සිටි රැකියාවක් පිළිබඳ අදහස් අතහැර දැමීමට සිදුවේ. නිතර වෙහෙස මහන්සිය ගෙන දෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කරන සතියකි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුතු කීපයක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. හදිසි අධ්‍යාපනික කටයුත්තක් හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවේ. අතපසු වූ ලිපි ලේඛන වැඩ කටයුතු කීපයක් නැවත සකස් කර ගැනීමට මාර්ගය උදාකරයි.

සෞඛ්‍යය

වරින් වර ශරීර සෞඛ්‍යයට බාධාවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. අමතර කෑම බීම ගැනීමේදී ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් වේ. සෙම් රෝග, උගුර ආශි‍්‍රත ආබාධ වැලඳිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

 

අය 07 වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

මීන

වාහන ගනුදෙනුවක්

පැවැති කටයුතු කීපයක් සාර්ථක කරමින් සතිය උදාකරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු කාලයකි. දරුවකුගේ හිතුවක්කාරකමක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කරයි. වාහන ගනුදෙනුවකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට අවස්ථාව උදාකරයි.

රැකියාව

විශේෂ රැකියා හිමිකම් ඇති කාලයකි. මෙතෙක් කරගෙන ආ අමතර වැඩපිළිවෙළක් සාර්ථක කරයි. විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට අලුත් සැලසුම් කීපයක් ඇති කරයි. වගකීම් වැඩිවන රැකියා මාර්ගයකට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

තරග විභාගයක් හේතුවෙන් නොසිතූ ජයග්‍රහණයක් අත්කරයි. අලුත් පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදාකරයි. තාක්ෂණික අංශයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

සෞඛ්‍යය

නිතර ඇතිවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුවෙයි. කෑම බීම අපි‍්‍රයතාවයක් ඇතිකරන කාලයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැනීමේදී සැලකිලිමත් වන්න.

 

 

අය 08 වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - ළා නිල්

සුබ දවස - බදාදා

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.