මාර්තු 15 සිට මාර්තු 21 දක්වා සතිය ඔබේ ලග්නයට...

මාර්තු 15, 2024

 

මේෂ

දරුවකු පිළිබඳ සතුටක්

වෙනදාට වඩා උදාසීන ගතිපැවතුම් ඇති කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබට මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා සැනසිලිදායක බව අඩු කරන සතියකි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ.

රැකියාව

මෙතෙක් කරගෙන ගිය රැකියාවේ කටයුතුවල වෙනසක් සිදු විය හැකි සතියකි. ව්‍යාපාර ලාභ හිමිකම්වලට ඉඩකඩ ඇති බවක් පෙනේ. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා තරගකාරී කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන අතර ඒවායින් ජයග්‍රහණ ද හිමිකරයි.

සෞඛ්‍ය

කොන්ද ආශි‍්‍රත හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. එමෙන්ම හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ද සම්බන්ධවීමට සිදු වන බවක් පෙනේ.

අය 07 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – කොළ

සුබ දවස – සිකුරාදා

 

වෘෂභ

රැකියාවේ කටයුතුවලින් අමතර ලැබීම්

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොකරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි ගනුදෙනුවක් සිදුකර ගන්නා සතියකි. අලුත් දේ මිලට ගැනීමට කටයුතු උදාකරයි.

රැකියාව

රැකියාවේ තනතුරු මාරුවක් සිදු වන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරයි. අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගවලට ද හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතුවලින් කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදුවීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන සතියකි. උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි බවක් පෙනේ. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරන සතියකි.

සෞඛ්‍ය

පැවැති අසනීපයකින් සුවය හිමි කරයි. එහෙත් රුධිරගත සීනි මට්ටම, රුධිර පීඩනය වැනි රෝගාබාධ කෙරෙහි සැලකිලිමත්වීම වැදගත් වේ. කෑම බීම ගැනීදී සැලකිලිමත්වීම වැදගත් වේ.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කහ

සුබ දවස – බදාදා

මිථුන

උත්සවයකට සැලසුමක්

වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළ යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇත. එමෙන්ම ප්‍රමාද වූ ගනුදෙනුවක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. නිතර ලිපි ලේඛන ගැටලුවක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා සතියකි.

රැකියාව

අවිවේකී ලෙස රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙනේ. එමෙන්ම ඇවිදිලි වැඩි කරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වීමෙන් වාසි සැලසේ.

අධ්‍යාපනය

සෞන්දර්යාත්මක අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. අධ්‍යාපන කටයුතු කෙරෙහි මෙතෙක් පැවැති උදාසීන ගතිය මඟහැරී යයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමි කරන සතියකි.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු විය හැකිය. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදු වන සතියකි. අජීර්ණාබාධයක් හෝ ආහාර විසවීමක් හේතුවෙන් පීඩා අත් කරන කාලයකි.

අය 06 වැය 04

ජය අංකය – 02

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

කටක

ගේ දොර අලුත්වැඩියාවක්

අමතර ලැබීම් අතින් සුබදායක සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීම්වලදී මූලිකත්වයක් ගැනීමට සිදු වෙයි. නිතර යෙදෙන දුරබැහැර ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර අලුත්වැඩියාවක් සම්බන්ධ බලාපොරොත්තුවක් සිදු කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරන සතියකි.

රැකියාව

රැකියාවේ විවිධ වරප්‍රසාද හිමිකරන කාලයකි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන අන්දමේ කරුණු කිහිපයක් සිදු කරයි.

අධ්‍යාපනය

පැවැති උදාසීන ගතිපැවැතුම් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. සම්මාන, සහතික හිමි කරන අන්දමේ කටයුතු කිහිපයක් සිදු වේ. තාක්ෂණික අංශයේ කටයුතුවලින් ජයග්‍රහණ හිමි කරන කාලයකි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍ය පිළිබඳ විවිධ ගැටලු පැනනැගීමට ඉඩ ඇත. ස්නායු අමාරු, නහරගත ආබාධ, හේතුවෙන් පීඩාගෙන දෙන සතියකි. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතු වලින් පරිස්සම් වන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ලක්වීමට සිදුවන බවක් පෙනේ

අය 06 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – සඳුදා

සිංහ

හදිසි දේපළ ලැබීමක්

අමතර ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳුගේ ගමන 10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. අවිවාහකයන්ට යහපත් කාලයක් වුවත් විවාහය සම්බන්ධ සුළු සුළු අවහිරතා ඇති විය හැකි බවක් පෙන්නුම් කරයි. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති සතියකි

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව පැවැති බාධාවක් බවක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියා ස්ථානයේ පැවැති පීඩාකාරී බව මඟහැරී යයි. තනතුරු ස්ථිරවීමක් පිළිබද බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවෙයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. පාඩම් වැඩ කටයුතු කිහිපයක් මඟහැරී යන බවක් පෙනේ. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍ය

වරින්වර හටගන්නා උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. දේශීය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට කටයුතු උදා කරයි. එමෙන්ම හදිසි වෛද්‍ය ප්‍රතිකාර පැතීමට අමතර මුදලක් වැය කිරීමට සිදු වෙයි.

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සඳුදා

කන්‍යා

විදෙස් අධ්‍යාපනයට යොමු වේ

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 9,10,11 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

නිතර පිනට දහමට ළැදිව කටයුතු සිදු කරන බවක් පෙනේ. ගුප්ත කටයුතුවලින් ද පිහිට පතන කාලයකි. පවුලේ මත ගැටුමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. පරම්පරාගත දේපළකට විවිධ බාධා මතුවිය හැකි කාලයක් බව පෙනේ.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියාමාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ තනතුරු වෙනසක් සිදු විය හැකි කාලයකි. තාක්ෂණික අංශයේ රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායක කාලයක් බව පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු උදෙසා දුරබැහැර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි.අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි. විදෙස් අධ්‍යාපනයක් සඳහා සැලසුමක් සකස් කර ගන්නා බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍ය

ඇස්වල ආබාධ, දත්වල ආබාධ, වැලඳෙන්නට ඉඩ ඇති කාලයකි. වෙනදාට වඩා ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 03

ජය අංකය – 05

ජය වර්ණය – දම්

සුබ දවස – සිකුරාදා

තුලා

තනතුරු ස්ථිරවීමක්

වගකීම් කිහිපයකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කිහිපයක් සිදු කරයි. වෙනදාට වඩා දුර ගමන් බහුල වන බවක් පෙනේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. දරුවන් ගැන තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

රැකියාව

රැකියාවේ අලුත් බලාපොරොත්තු ඇති කරයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. ගත සිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් බලාපොරොත්තු ඇතිකරන කාලයක් වන අතර, උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ ජයග්‍රහණවලට ද හිමිකම් ඇති කරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වන කාලයකි.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කිහිපයක් යෙදේ. මූත්‍රාගත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදු වෙයි. වෙනදාට වඩා දියර වර්ග මෙන්ම ශීතල ආහාරපාන ගැනීම වැදගත් වන බවක් පෙනේ.

අය 08 වැය 07

ජය අංකය – 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා

වෘශ්චික

වාහන ගනුදෙනුවක්

අවිවේකී ලෙස සතිය උදාකරන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු කරන්නේ 7,8,9 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

මෙතෙක් අවහිරතා ගෙනදුන් කටයුතු කිහිපයක් සාර්ථක ලෙස නිමා කර ගැනීමට හැකි වෙයි. දරුවකුගේ දියුණුව වෙනුවෙන් හදිසි තීරණයක් ගැනීමට සිදු වන බවක් පෙනේ. මවුපිය උරුමයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට විශේෂ වාසි කිහිපයක් සැලසේ. දරුවන්ට දැනුම ලබාදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. එමෙන්ම උසස් අධ්‍යාපන ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු නියැළී සිටින අයට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. උදරගත ආබාධයක් මූත්‍රා ගත අමාරුවක් වැනි අසනීපකාරි බවකින් පීඩා විඳීමට සිදුවේ. හදිසි වැටීම්, තැළීම් වැනි සුළු සුළු හදිසි අනතුරුදායක තත්ත්වයකට ද මුහුණපෑමට සිදු වෙයි.

අය 06 වැය 03

ජය අංකය – 06

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

ධනු

දේපළ මිලදී ගැනීමක්

පවුලේ ඉදිරි සැලසුම් කිහිපයක් වෙනස් කිරීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8 යන භාවස්ථාවලයි.

ගෘහ ජීවිතය

ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා සතියකි. හදිසි දේපළ මිලදී ගැනීමකට කටයුතු සැලසෙන බවක් පෙනේ. සුළු සුළු ගමන් අධික කරන බවක් පෙනේ. පැරැණි හිතවත්කමක් අලුත්වන කාලයකි. දරුවකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. අමතර වෙහෙසීම් බහුල කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු කෙරෙහි පැවැති උත්සාහය,උනන්දුව අඩු කරන සතියකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කාලයත්, ශ්‍රමයත් කැප කිරීමට සිදු වෙයි.

ගුරු දෙගුරුන් ගේ උදවු උපකාර හිමිවීමට ඉඩ ඇති සතියකි.

සෞඛ්‍ය

මෙතෙක් පැවැති ශාරීරික අපහසුතා කිහිපයක් මඟ හැරී යන බවක් පෙනේ. එහෙත් රැධිර ගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.

අය 06 වැය 03

ජය අංකය 06

ජය වර්ණය - කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

මකර

රූපාලංකාරය ගැන වෙහෙසෙයි

අවිවේකී වුවත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ විවිධ අවහිරතා මතු කරයි. අඹුසැමි සහයෝගයට බාධාවන අන්දමේ කරුණු කිහිපයක් සිදු කරයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදචරකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

රැකියාව

හවුල් ව්‍යාපාරයක් නිසා නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. සේවක පක්ෂය සමඟ මත ගැටුමක් ඇතිවීමට ඉඩ ඇත. එහෙත් ස්වයං රැකියා කටයුතුවලින් අමතර වාසි සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

උදාසීන බව හේතුවෙන් පාඩම් වැඩකටයුතු කිහිපයක් අතපසු කරගන්නා සතියකි. තාක්ෂණික අංශයේ අධ්‍යාපන කටයුතු වලින් විවිධ ජයග්‍රහණ හිමිකරන කාලයකි.

සෞඛ්‍ය

ස්නායුගත ආබාධ, සෙම් රෝග වැනි අසනීප තත්ත්ව හේතුවෙන් ප්‍රතිකාර පතන බවක් පෙනේ. නිසි ලෙස වෛද්‍ය උපදෙස් පැතීම යහපත් වන බවක් පෙනේ. හදිසි තැලීම්, සීරීම් වැනි සුළු තුවාල සිදු විය හැකි කාලයකි.

අය 06 වැය 04

ජය අංකය – 05

ජය වර්ණය – දම්

සුබ දවස – බදාදා

 

කුම්භ

පිනට දහමට ළැදි කාලයක්

අමතර කටයුතු කිහිපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගතට, සිතට සැනසිල්ල උදා කරන සතියකි. අමතර ලැබීම් ගෙනදෙන මාර්ග හිමි කරයි. තම නම ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කිහිපයක් සිදු වේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් සිදු වීමට ඉඩ ඇත. ව්‍යාපාරික කටයුතුවලින් සේවක ප්‍රශ්න මතු විය හැකි කාලයකි. විදෙස් රැකියාවක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතුවලින් විවිධ ජයග්‍රහණ මතුවිය හැකි බවක් පෙනේ. අලුත් පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදාකරන අතර, ඒ සම්බන්ධ කටයුතු සඳහා නිවෙසින් බැහැරව සිටීමට ද සිදු වෙයි.

සෞඛ්‍ය

වරින්වර ඇතිකරන පෙණහැල්ල ආශි‍්‍රත ආබාධයකින් පීඩා අත්කරයි. වෙනදාට වඩා ජලය, මෙන්ම ශීතල ආහාරපාන පාවිච්චියේදී සැලකිලිමත්වන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ලක්වීමට සිදුවන කාලයකි.

අය 07 වැය 05

ජය අංකය – 03

ජය වර්ණය – නිල්

සුබ දවස – ඉරිදා

 

මීන

දුරබැහැර ගමනක්

අවිවේකී වුවත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබට මේ සතිය උදාවන්නේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරමිනි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා සාමකාමී ලෙස පවුලේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. දුරබැහැර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගන්නා සතියකි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. අමතර ලැබීමක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යයි. තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇත. ස්වයංරැකියා කටයුතුවලින් වාසි සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු උත්සාහයෙන්, උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් පැවැති විෂයානුබද්ධ ගැටලු කිහිපයක් විසඳා ගැනීමට හැකි වෙයි. විවිධ අධ්‍යාපනික වැඩසටහන්වල නායකත්වය ගෙන කටයුතු සිදු කරන සතියකි.

සෞඛ්‍ය

පැවැති හිසේ ආබාධයක් දුරදිග යාමට ඉඩ ඇත. ඇස ආශි‍්‍රත හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදු වෙයි. වරින්වර වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුවන සතියකි.

 

අය 06 වැය 04

ජය අංකය 09

ජය වර්ණය – නිල්

සුබ දවස – බදාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.