මේ සති‍ෙය් ලග්න පලාපල...(සැප්. 01 සිට 07 දක්වා)

සැප්තැම්බර් 1, 2023

 

මේෂ

විවාහ ගිවිසුමක් සාර්ථකයි

 

පවුලේ වගකීමක් වෙනුවෙන් වෙහෙසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 11,12,1,2 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

හදිසි සැලසුමකට අත ගැසීමට කටයුතු උදාකරන සතියකි. පවුලේ අය අතර ඇතිවන මතභේදයක් දුරදිග යා හැකියි. නිතර සිතේ කනස්සල්ලෙන් කටයුතු කරන බවක් පෙනේ. විවාහ ගිවිසුමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. එමෙන්ම ඒ සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් ද සිදු කරයි. ප්‍රධානීන් සමඟ ඇතිවන මතභේදයක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

විභාග ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන සතියකි. කණ්ඩායම් වැඩසටහනකින් තමාට ජයග්‍රහණයක් අත්වීමට ඉඩ ඇත. අලුත් පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධාගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. නිතර ශාරීරික ව්‍යායාම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. පපුව ආශි‍්‍රත ආබාධ තත්ත්වයකින් හෝ බඩේ දැවිල්ලක් වැනි ආබාධ තත්ත්වයකින් පීඩා අත්කරන සතියකි.

 

අය 07 වැය 05

ජය අංකය – 07

ජය වර්ණය – කොළ

සුබ දවස – සිකුරාදා

 

වෘෂභ

ගේ දොර අලුත්වැඩියාවක්

පවුලේ සතුට සමාදානයට හේතු සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 10,11,12,1 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. පවුලේ කටයුතු සම්බන්ධ අමතර වෙහෙස මහන්සියක් ඇති කරයි. නිතර ඇසුරු කරන අයකු පිළිබඳ කල්පනාකාරි වන්න. ගේ දොර කටයුතු අලුත්වැඩියාවකට සැලසුමක් ඇති කර ගනී. වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කරන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. විදෙස්ගත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ ලියකියවිලි ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි.

අධ්‍යාපනය

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් සතියකි. පැවැති අසනීපකාරි බවකින් නිදහස අත්කරයි. කෑම බීම පාලනය කෙරෙහි උනන්දුවක් දක්නා බවක් පෙන්නුම් කරයි. වැටීම් තැළීම්වලට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

අය 06 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

අතමිට සරු කරන ආදායම්

හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්කාරි බවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 9,10,11,12 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

අලුත් දැනහැඳුනුම්කම්වලට කටයුතු සැලසෙන සතියකි. නිතර දුර ගමන් යෙදෙන කාලයක් බව පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරන අතර, හදිසි වියදමක්ද දැරීමට සිදු වෙයි.

රැකියාව

සැනසිලිදායක ලෙස රැකියාවේ කටයුතු කරගෙන යෑමට හැකිවන සතියකි. අලුත් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නිතර අතමිට සරුකරන ආදායම් මාර්ග හිමිකරයි.

අධ්‍යාපනය

ප්‍රමාද වූ අධ්‍යාපන කටයුතු කීපයක් නැවත සාර්ථක ලෙස නිමා කර ගැනීමට හැකිවෙයි. තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. අලුත් පාඨමාලාවක් හැදෑරීම වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි. වෙනදාට වඩා පීඩාකාරි බවක් ඇති කරන සතියකි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතු කරයි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයක් මතුවීමෙන් ගැටලු කීපයක් මතුකරයි.

 

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

වගකීම් බහුල රැකියා මාර්ග

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පැවැති ගැටලු කීපයකින් නිදහස අත් කරයි. පවුලේ අය අතර ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. නිතර ප්‍රභූ පක්ෂය හා ඇසුරට කටයුතු සැලසෙන සතියකි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් සාර්ථක වන සතියකි. මෙතෙක් අවහිරතා ගෙන දුන් කටයුතු කිපයකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. ස්වයං රැකියා කටයුතුවල නියුතු වූවන්ට විශේෂ වාසි කීපයක් සැලසෙන සතියකි. අලුත් රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

හදිසි සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමට සිදුවන සතියකි. මෙතෙක් පීඩාකාරි ලෙස කරගෙන ගිය විෂයක් වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වරින්වර කෑම බීම අරුචිය පවා සිදුවිය හැකි කාලයකි. පපුව ආශි‍්‍රත ආබාධයක් හෝ සෙම් ගතියක් වැඩිවීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

සිංහ

විදෙස් අධ්‍යාපනයකට සැලසුමක්

වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 8,9,10,11 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

හිතුමතයට කටයුතු කරන කාලයක් වන අතර, නිතර පවුලේ අය අතර මතභේදකාරි බවක් ඇති කර ගනී. දැඩි තීරණ ගැනීම තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ මතභේදයක් ඇති වීමෙන් ගැටලුකාරි බවක් ඇති කරයි. රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ නොසිතූ අවහිරතාවයක් ගැටලුකාරි බවක් ඇති කරයි. නිතර ආයතන ප්‍රධානීන් සමඟ ගැටුම්කාරි බවක් ඇති කර ගනී. රැකියාවේ තනතුරු වෙනස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. නිතර ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

දරුවකුගේ ඉදිරි අනාගත වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගනී. විදෙස් භාෂාවක් ඉගෙනීම කෙරෙහි ඇල්මක් ඇති කරයි.

සෞඛ්‍යය

හදිසි වැටීම් තැළීම්වලට ඉඩ ඇති සතියකි. වරින් වර ඇති කරන ආහාර නොදිරවීමේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම චර්මගත ආබාධයකටද ඉඩ කඩ ඇති බවක් පෙනේ.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

 

කන්‍යා

අඹුසැමි විශ්වාසය බිඳවැටීමක්

 

හිතුමතයට කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 5,6,7,8 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අවිවේකී ලෙස සතිය උදා කරයි. මවුපිය උරුමයක් පිළිබඳ ගැටලුකාරි බවක් ඇති කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ විමසිලිමත් වන්න. අඹුසැමි විශ්වාසය බිඳවැටීමට ඉඩ ඇති කාලයකි. වෙනදාට වඩා ඉවසිල්ලෙන් කටයුතු කරන්න.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් කීර්තිය, ප්‍රශංසාව ඇතිවන බවක් පෙනේ. එමෙන්ම තනතුරු ලාබයකට ද හිමිකම් ඇති කරයි. ශාරීරික වෙහෙසීම් ගෙන දෙන රැකියා කටයුතුවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ වගකීම් බහුල කරන කාලයකි.

අධ්‍යාපනය

දරුවකුගේ දක්ෂතාවක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ ලියකියවිලි ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන දරුවකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර හට ගන්නා දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සෙම් පීඩා බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. කෑම බීම ගැන ද සැලකිලිමත් වීම වැදගත් වේ.

 

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

තුලා

ඥාති හමුවක්

 

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගතට සිතට පීඩාකාරි සිතිවිලි ඇති කරන සතියකි. පොරොන්දු ගිවිසුමක් වෙනස්කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන කාලයකි. දුර ඥාතියකුගේ හමුවීමක් සිදු කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිතර සිතේ චංචල බවකින් රැකියා කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදාකරයි. නිතර පොත්පත් කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙනේ. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. නිතර ඇතිවන ක්ලාන්ත ගතිය හේතුවෙන් සෞඛ්‍ය පරීක්ෂණ කීපයකට භාජනය වීමට සිදුවෙයි. මේ කාලය තුළ නිතර ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. ව්‍යායාම් කටයුතුවල නිරතවීම වැදගත් කාලයකි.

 

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික

අමතර ලැබීම් හිමිකරන රැකියා

 

පැවැති බලාපොරොත්තුවක් ඉටුකරමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4,5,6,7 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරන සතියකි. තමාට නිතර තෑගි බෝග හිමි කරන බවක් ද පෙන්නුම් කරයි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි කාලයකි. නොගැළපෙන ඇසුරකට කටයුතු යොමුවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ ස්ථිරවීමක් සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. වෙනදාට වඩා රැකියාවේ කටයුතු උනන්දුවෙන් මෙන්ම උද්‍යෝගයකින් සිදු කරයි. අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගයකට හිමිකම් ඇති කරයි

අධ්‍යාපනය

අමතර භාෂාවක් ඉගෙනීම කෙරෙහි උනන්දුවක් ඇති කරයි. එමෙන්ම විදේශ අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගනී. අලුත් පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. හදිසි අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි.

සෞඛ්‍යය

නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් හිමිකරයි. දණහිසේ ආබාධයක් හේතුවෙන් යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ.

 

අය 08 වැය 06

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු

පවුලේ උත්සව අවස්ථාවක්

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 3,4,5,6 යන භාවයන්වලයි.

ගෘහ ජීවිතය

යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාද කරන සතියකි. නිතර සිතේ කනස්සලු ගතියෙන් කටයුතු කරන බවක් පෙනේ. නිතර පවුලට යන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු යෙදෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. තම වගකීම් හරිහැටි ඉටුකරන කාලයකි. තනතුරු ලාභ හිමිකම් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ සතුටින් කටයුතු කරන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයක් පිළිබඳ අවිවේකී බවක් ඇති කරයි. නිතර පවුලේ අයගෙන් දුරස්ව අධ්‍යාපනික කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදාකරන අතර හදිසි වියදම් කීපයක් දැරීමට ද අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ද මුහුණ පෑමට සිදුවන බවක් පෙනේ. නියමිත වේලාවට කෑම බීම ගැනීම පවා ප්‍රමාද කරන සතියකි. ශාරීරික වෙහෙසීම් වැඩි කරන කාලයකි.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

 

මකර

විශ්වාසවන්ත ඇසුරක්

වියදම් බහුල කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 2,3,4,5 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇත. නොගැළපෙන ඇසුරක් හේතුªවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. අඹුසැමි සිත් අමනාපයක් දුරදිග යන කාලයකි. විශ්වාසවන්ත ඇසුරකට කටයුතු සැලසෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බැලිය යුතු බවක් පෙන්නුම් කරයි. තමාට හිමිවීමට තිබූ තනතුරු ලාභයක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරන කාලයකි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. පොත්පත් කටයුතුවලට, පාඩම් වැඩකටයුතුවලට නැඹුරුතාව වැඩි කරන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධාවන කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත්වන්න. ව්‍යායාම් කටයුතුවල නිරතවීම ද යහපත් කරන සතියකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ලක්වීමට සිදුවන සතියකි.

 

අය 05 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

හදිසි පොත්පත් මිලදී ගැනීමක්

 

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් පැවැති සැනසිලිදායක බව ඈත්වී යන බවක් පෙන්නුම් කරයි. පවුලේ අය අතර හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට හැකිවන සතියකි. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. පවුලේ කෙනකුගේ හදිසි දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු වෙනුවෙන් පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. නිතර ගත සිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ස්වයං රැකියා කටයුතුවලට සම්බන්ධ අයට අමතර වාසි සැලසෙන සතියකි.

අධ්‍යාපනය

විශේෂ ජයග්‍රහණවලට හිමිකම් ඇති බවක් පෙනේ. මෙතෙක් පැවැති උදාසීන ගතිපැවැතුම් මඟහැරී යයි. කණ්ඩායම් වැඩසටහන්වල මූලිකත්වය ගෙන කටයුතු කරන බවක් පෙනේ. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

ආමාශගත ආබාධ හෝ පිත් කෝපවීමෙන් හටගන්නා අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සෞඛ්‍ය පරීක්ෂණ කීපයකට භාජනය වීමට සිදුවෙයි

 

 

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන

ඉදිරි සැලසුමක වෙනසක්

 

සිතේ නොසන්සුන්තාවකින් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 12,1,2,3 යන භාවස්ථානවලය.

ගෘහ ජීවිතය

කල්ගත වූ ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවන සතියකි. ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව වැඩි කරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. ආයතන ප්‍රධානීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

මෙතෙක් උදාසීන ගති ඇති කරමින් ආරම්භ කළ ඉගෙනීමේ කටයුතුª කීපයක් යළි උද්‍යෝගයෙන් සිදු කරන බවක් පෙනේ. අලුත් පාඨමාලාවක් හැදෑරීමට කටයුතු සැලසෙන කාලයකි.

සෞඛ්‍යය

ශාරිරික වෙහෙස ගෙන දෙන සතියකි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වීම වැදගත් වේ. ශරීරයේ උෂ්ණාධික බව වැඩිවීමෙන් ශරීර සෞඛ්‍යයට බාධාකාරි බවක් ඇති කරයි. හදිසි කැපුම් කෙටුම් සිරීම් වැනි තුවාලයක් සිදුවිය හැකි කාලයක් බැවින් පරිස්සම් වන්න.

 

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.