ඔබටත් දීර්ඝායුෂ ලබන්නට වාසනාව හිමිද?

මාර්තු 10, 2023

ත්‍රිකෝණවල මෙන්ම කේන්ද්‍රගතව හෝ පාප බැල්මට, දර්ශනයට ලක් නොවුණ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නයේ සිටියේ නම් එසේ ජන්මලාභය ලැබූ අයට නානාප්‍රකාර සැප සම්පත්ද, නොයෙකුත් ආගමික කටයුතුවල යෙදෙමින් නීරෝගිභාවයද හිමිව සිය වර්ෂයක් කල් ජීවත් වීමට හැකිවේ. රවි, මේෂ රාශියේ පතිතව ලග්නාධිපති සුබව නවවැන්නාධිපතිදු ද ස්වක්ෂේත්‍ර හෝ උච්ච බලයෙන් යුතුවී ද එවැනි යෝගයන් පෙරටුව ජනිතවූ පුද්ගලයාටද බොහෝ යස ඉසුරින් හා කීර්තියෙන් යුතුව බැබළි බැබළී දිගු කාලයක් ජීවත් වීමට හැකි වෙයි.

 

කෙනකුගේ පරමායුෂ ඡ්‍යෝතිෂ විද්‍යාව අනුව අවුරුදු 120ක් ලෙස ගණන් ගැනේ. නූතන සමාජයේ ජීවන රටාව අනුව එම කාල සීමාව අවුරුදු ගණනකින් අඩු වී ඇති බවක් දැකිය හැකිය. උපන් මොහොතේම මැරෙන ග්‍රහයෝගත්, අවුරුදු 100ක් ඉක්මවා මියයන අවස්ථා අපිට දැකිය හැක්කේ කලාතුරකිනි.

 

මේ අතරින් නොයෙක් නොයෙක් වයස් සීමාවලදී මියයන යෝගත් වෙන වෙනම යෙදේ. බාල කාලයේදී මැරෙන යෝගවලට බාලාරිෂ්ට යෝගයයි හඳුන්වයි. එවැනි යෝගයන් නොපිහිටියේ නම් ග්‍රහයන්ගේ බලපෑම අනුව ජන්මියාගේ ආයුෂ ප්‍රමාණය ඡ්‍යෝතිෂය අනුව තීරණය කළ හැක. ජන්ම ලග්නාධිපති සුබ ග්‍රහයන් සමඟ යෝග වී එකොළොස්වැන්නේ පතිත වී සිටියේ නම් මුළු ජීවිත කාලයටම නීරෝගිව ජීවිතය ගත කිරීමේ වාසනාව හිමිවේ. ලග්නයේ ලග්නපති ජනිතව බ්‍රහස්පති, සිකුරු යෝගව හෝ සතර කේන්ද්‍රයේ රැඳී උපත ලද්දේ නම් රාජ උණුසුමද, ධනවත් කමද දීර්ඝායුවිඳ තමා පතන්නා වූ ප්‍රාර්ථනා ද ඉටුවෙයි. දැන් අපි බලමු අපේ ආයුෂ ගෙවෙන්නේ මොන අයුරින්ද කියා.

ත්‍රිකෝණවල මෙන්ම කේන්ද්‍රගතව හෝ පාප බැල්මට, දර්ශනයට ලක් නොවුණ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නයේ සිටියේ නම් එසේ ජන්මලාභය ලැබූ අයට නානාප්‍රකාර සැප සම්පත්ද, නොයෙකුත් ආගමික කටයුතුවල යෙදෙමින් නීරෝගිභාවයද හිමිව සිය වර්ෂයක් කල ජීවත් වීමට හැකිවේ. රවි, මේෂ රාශිය පතිතව ලග්නාධිපති සුබව නවවැන්නාධිපතිදු ද ස්වක්ෂේත්‍ර හෝ උච්ච බලයෙන් යුතුවී ද එවැනි යෝගයන් පෙරටුව ජනිතවූ පුද්ගලයාටද බොහෝ යස ඉසුරින් හා කීර්තියෙන් යුතුව බැබළි බැබළී දිගු කාලයක් ජීවත් වීමට හැකි වෙයි. ග්‍රහයන් දෙදෙනෙකු උච්ච ක්ෂේත්‍රගතවූ ග්‍රහයන් තිදෙනෙකු අට පතිත වී ලග්නාධිපතියා බලවත්ව වැජඹීමත්, සෙනසුරු හෝ අටවැන්න උච්ච ග්‍රහයෙකු සමඟ යෝග වීමත්, තුන, හය, එකොළහ යන ස්ථානයන්හි පාප ග්‍රහයන්ද සතර කේන්ද්‍රය හා ත්‍රිකෝණයන්හි සුබයන් ද, ලග්නාධිපති ද බලවත්ව සිටියේ ද එසේ උපත ලැබූ අයද දීර්ඝායු ලබන්නෝ ය.

කටක, වෘශ්චික, මීන යන ලග්න තුනෙන් එකක් ලග්නය වී අන්තිම නවාංශකය උදාවෙමින් පවතින විට කේතු එම ස්ථානයේ වුවහොත් එකල්හි ජනම ලාභය ලබන්නාගේ මරණය මාස දෙකකින් සිදුවන අතර මීන නවාංශකය වී කේතු එහි සිටිය යුතුයි. කටක, සිංහ යන රාශි දෙකින් එකක සිකුරු සිටියදී එය හය, අට, දොළහ වී නම් එම සිකුරු පාපයන්ගේ දෘෂ්ටියට හසුවේ නම් එසේ උපන් අය සය වසරකින් මියයාමට හේතු වේ.

මේෂ, වෘශ්චික දෙකින් එකක් අටවී එහි සිටි ගුරු සිකුරුටත් නොපෙනේ නම් ලග්නය රවි, චන්ද්‍ර, කුජ, ශනි යන ග්‍රහයන්ට පෙනේනම් මරණය වසර තුනකින් සිදුවේ. හයවැන්නට හෝ අටවැන්නට ගියාවූ සුබ ග්‍රහයන් පාපයන්ගේ දෘෂ්ටියට ලක්වේනම් මසකින් මරණයට පත්වෙන අතර වක්‍ර වූ පාපයන් විසින් දකිනු ලබන්නේ නම් කෙටි කලකින් මරණයට පත්වෙනු ඇත. ලග්නයේ සුබ ග්‍රහයකු නොමැති වූ විට දෙක, දොළහ, හය අට යන ස්ථානයන්හි පාප ග්‍රහයන් වූ කල උපත සිදු වූවන් හය මසකින් මරණයට පත්වෙන අතර ලග්නයේ සුබ ග්‍රහයකු සිටියත් එම අයට ජීවත්වීමට ලැබෙන්නේ කලාතුරකිනි.

හය වැන්නේ කුජද, අටවැන්නේ සිකුරු ද, නව වැන්නේ රවි ද සිටියදී උපන්නන් කොතරම් බලසම්පන්න බවින් යුතුව සිටියද මැදිවිය නොඉක්මවා මරණයට පත්වෙනු ඇත.

ලග්නය කුම්භ, සිංහ, වෘශ්චික යන එකක් වී ක්ෂිතිජයට ළඟින්ම ලග්නයේ සිටින්නේ රාහු නම් එම රාහු පාපයන්ට පෙනේනම් එලෙස උපන් අයද අවුරුදු හයකින් මියයයි. හතරේ හෝ හතේ හෝ අටේ චන්ද්‍රයා පාප ග්‍රහයන්ට මැදිවී සිටියි නම් එලෙස උපන් අයද වැඩිකල් ජීවත් නොවේ. එක රාශියේ සිටියා වූ රවි, චන්ද්‍ර, කුජ, ගුරු කරණ කොටගෙන ද එසේම එකරැස සිටියා වූ කුජ, ගුරු, ශනි, චන්ද්‍ර කරණ කොටගෙන ද, එසේම එක රැස සිටියා වූ රවි, චන්ද්‍ර, කුජ, ශනි කරණ කොටගෙනද උපන්නේ නම් එම ජන්මියාගේ ආයුෂ ද වර්ෂ පහකට වැඩි නොවේ.

ලග්නාධිපතියාත්, චන්ද්‍රයා සිටි රාශි අධිපතියාත් හය, අට, දොළහට ගොස් අස්ත වූයේ නම් එකල උපන් අය උපන් රාශියට අයිති වර්ෂ ගණනේ දී මියයයි. උපන් රාශියට අයිති වර්ෂ ගණන නම් මේෂයේ සිට මීන දක්වා එක, දෙක, තුන ආදී වශයෙනි. තුලාවෙන් උපන්නේ නම් හත් අවුරුද්දකින් , ධනුවේ නම් නම අවුරුද්දකින් ද, මීනයේ නම් දොළොස් අවුරුද්දකින්ද වශයෙනි.

හතේ කුජද අටේ සිකුරුද, නමයේ රවිද, සිටිය දී උපන් අය කුමන විදියේ බලවත් කෙනෙක්වුවත් මැදිවිය නොඉක්මවති. ස්ත්‍රියකනම් හතළිහේ සිට හතළිස් පහ අතරද පුරුෂයෙකු නම් හතළිස් පහේ සිට පනහ අතරද මරණය වේ.

මෙම ග්‍රහයෝ උච්චාංශකවල හෝ ස්වඋච්ච රාශිවල සිටීනම් මෙය වෙනස්වීමට ඉඩ ඇත. ගුරු, සිකුරු එකට සිටියදී බුධ හතරේ හෝ දහයේත්, සඳු ලග්නයේ අටේ හෝ දොළහේත් සිටී නම් කොපමණ සැපෙන් සිටියත් පනස්විය නොඉක්මවයි.

මේෂයේ අටවැනි අංශකයේ ද වෘෂභයේ නවවැනි අංශකයේ ද මිථුනයේ 22 නි අංශකයේද, කටකයේ 22 වැනි අංශකයේ ද සිංහයේ පස්වැනි අංශකයේද කන්‍යාවේ පළවැනි අංශකයේද, තුලාවේ හතරවැනි අංශකයේද වෘශ්චිකයේ 23 වැනි අංශකයේ ද, ධනුවේ 18 වැනි අංශකයේද මකරයේ 20 වැනි අංශකයේ ද කුම්භයේ 20 වැනි අංශකයේද, මීනයේ 10 වැනි අංශකයේද, චන්ද්‍රයා සිටියහොත් එකල උපන් අය ඒ ඒ රාශියට අයත් අංශක ගණන වූ වර්ෂයේ දී මියයයි.

මෙය රාශිය 30ට බෙදූ අංශක වේ. මෙසේ වන්නේ චන්ද්‍රයා 1, 4, 7, 10 හෝ අට වුවහොත් පමණකි. මේෂය මෙකී තැන් පහෙන් එකක් වී චන්ද්‍රයා අටවැනි අංශකයේ සිටියොත් අට අවුරුද්දකින් මියයනු ඇති බව ඡ්‍යෝතිෂයේ සඳහන් වෙයි. අවුරුදු සියයකට වැඩි ආයුෂ ලබන්නට හේතුවන ග්‍රහ බලපෑම් පිළිබඳවද ඡ්‍යෝතිෂයේ සඳහන් ය.

මීන ලග්නයේ නමවැනි නවාංශකය ලග්නය වූ කල්හි බුධ ග්‍රහයා වෘෂභ රාශියේ කලා 25ක් ගතකළ කල්හි අනිත් සියලුම ග්‍රහයෝ තම උච්ච රාශිවල සිටියේ ද එලෙස උපන් අය අවුරුදු එකසිය විස්සක් ජීවත්වීමට වාසනාව ලබයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.