ඔබට සහෝදර පල තිබේද?

ජුනි 9, 2023

මෑත කාලයේ බොහෝ පවුල්වල දරුපල ගැන බලන විට අපට ඇතිවන්නේ මහත් කනගාටුවකි. පුංචි පවුල රත්තරං යයි හඬ නැගූ අය දැන් එසේ සිතන්නේ නැති බව අපට පෙනේ. ඒ නිසාම දරුවන් වැඩියෙන් ලබා ගන්නට තරම් උනන්දුවක් දක්වන අයද පෙනෙන්නට නැත. කෙසේ වුවද එක් දරුවකු හදාගත්තායින් පසුව තවත් දරුවන් ලබාගන්නට තරම් උනන්දුවක් දක්වන අයද දකින්නට නැත.

මේ නිසා බොහෝ දෙනකුට බාල සහෝදර සහෝදරියන් ඇත්තේ ඉතාමත් මද වශයෙනි. කෙසේ වුවද අප ලබා ඇති ක්‍රමාණුකූල වාසනාව නැත්නම් සහෝදර පල වාසනාව ලැබෙන්නේ නැත. මේ පිළිබඳ අපට නිවැරැදි පිළිතුරක්, ජන්ම පත්‍ර පරීක්‍ෂාවකින් ලබා ගත හැකිවෙයි.

බාල සහෝදර සහෝදරියන් පෙන්වන්නේ ජන්ම පත්‍රයේ 3 වැනි භාවය මගින්ය. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව, තුන්වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා යුග්ම රාශියක තැන්පත්ව සිටියේ නම් හෝ උපස්ථානය අධිපති ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා යුග්ම රාශියක තැන්පත්ව සිටියේ නම් බාල සහෝදර පල සඳහා වාසනාව ඇත.

මෙම ජන්ම පත්‍රයේ තුන්වැනි භාවය, සිකුරු හිමි තුලා රාශියේ, රාහු හිමි නක්‍ෂත්‍රයක සහ රාහුගේ උපස්ථානයක යෙදී ඇත.

මෙම ජන්ම පත්‍රයේ 3 වැනි භාවයේ උපස්ථානය අධිපති රාහු ග්‍රහයා, මිථුන රාශියේ 4 වැනි භාවයේ සහ බුධ හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. රාහු ග්‍රහයා, කුජ සහ ශනි යන ග්‍රහයන්ගේ නියෝජිතයකු ලෙස ක්‍රියා කරයි. ඒ නිසා ජන්මියා සහෝදරපල හිමි අයකු වෙයි. ක්‍රිස්තු වර්ෂ 2014 අගෝස්තු මාසයේ 26 වැනි දින මේ ජන්මියාගේ බාල සොයුරියකගේ උපත සිදුවී ඇත. එදින මෙම ජන්ම පත්‍රයේ බුධගේ මහ දශාවේ රාහුගේ භුක්තිය සහ රාහුගේ අන්තරය පැවතියේය.

මහ දශාව අධිපති බුධ ග්‍රහයා, ජන්ම පත්‍රයේ සිංහ රාශියේ 1 වැනි භාවයේ, සිකුරුගේ නක්‍ෂත්‍රයක ගෝචරය විය. සිකුරු 3 වැනි භාවයේ අධිපති විය. භුක්තිය සහ අන්තරය අධිපති රාහු, ජන්ම පත්‍රයේ කන්‍යා රාශියේ 2 වැනි භාවයේ, කුජගේ නක්‍ෂත්‍රයක ගෝචරය විය. කුජ 4 වැනි සහ 9 වැනි භාව අධිපති විය.

රවි, සිංහ රාශියේ 1 වැනි භාවයේ, කේතුගේ නක්‍ෂත්‍රයක ගෝචරය විය. මෙම ජන්ම පත්‍රයේ රවි, 1 වැනි භාවයේ අධිපතිව 10 වැනි භාවයේ තැන්පත්ව සිටියි. සඳු, සිංහ රාශියේ 1 වැනි භාවයේ, සිකුරුගේ නක්‍ෂත්‍රයක ගෝචරය විය. ජන්ම පත්‍රයේ සඳු, 12 වැනි භාවයේ අධිපතිව 4 වැනි භාවයේ තැන්පත්ව සිටියි. මෙම ජන්ම පත්‍රයේ නැවතත් මෙවැනි ආකාරයේ ගෝචර ගමන් සිදුවන විට, තවත් සහෝදර පල ඇතිවෙයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.