කාම උන්මාදය, අධි රුධිර පීඩනය, අපස්මාරය සුව කරන ඒකාවේරිය

දෙසැම්බර් 8, 2023

 

පියසේන මහතා රජයේ කාර්‍යාලයක සේවය කිරීමෙන් පසු විශ්‍රාමිකව නිවසට වී සිටින්නෙකි. තම එකම දියණියද විවාහවීමෙන් පසු නගරයේ ජීවත්වන නිසා නිවසේ සිටියේ ඔහු සහ ඔහුගේ බිරිඳ සුමනා පමණී. ඇය ගුරුවරියක් වූඅතර තවමත් සේවයේ යෙදී සිටී.

සෙනසුරාදා දින බිරිඳට ද නිවාඩු බැවින් උදෑසන අවදිවන විට 7.00. පසුවී තිබිණ. සුමනා මහත්මිය නැඟිට පියසේන මහතාට කතාකළේ උදෑසන තේ බීම සඳහායි. තරමක් අපහසු ගතියෙන් නැඟී සිටි පියසේන මහතා

“මගේ හිස ටිකක් කකියනවා. ඇගටත් පණ නැහැ වගේ .” යනුවෙන් බිරිඳ ට පැවසීය.

කෝකටත් මහත්තයෝ තේ බීලා අපි වෙදමහත්තය ළඟට ගිහින් එමු.යනුවෙන් පැවසූ සුමනා මහත්මිය පියසේන මහතාට තේ බීමට දුන්නාය.

තේ බීමෙන් පසු දෙදෙනාම ඒ අසලම වාසය කළ සිරිසේන වෙදමහතාගේ නිවස බලා පිටත් වීය.

ඔවුන් එනු දුටු වෙද මහතා

“මොකද පියසේන මහත්තයල උදේම. අසනීපයක්‍ ද යැයි විමසීය.

ඔව් වෙදමහත්තයො මගේ ඔළුව රිදෙනවා ..උදේ ඉඳල.ඒකයි ආවේ “ යනුවෙන් පිළිතුරු දුන්නේය.

එහෙමනම් එන්න බලන්න යනුවෙන් බෙහෙත් ශාලාව තුළට පියසේන මහතා කැඳවූ වෙදමහතා සමහර විට ප්‍රෙෂර් එකද දන්නෙ නැහැ. අපි පරීක්ෂා කරල බලමු “ යනුවෙන් පවසා පියසේන මහතාගේ නාඩි මැන බැලීය.

එසේ කිහිප විටක් පරීක්ෂා කර බැලූ වෙද මහතා “ මහත්තයට ප්‍රෙෂර් ටිකක් වැඩි වෙලා ඒකයි ඔළුවෙ කැක්කුම” යනුවෙන් පියසේන මහතාට කීය.

මොකක්ද වෙදමහත්තයෝ දැන් අපි කරන්නෙ? යනුවෙන් පියසේන මහතා නැවත වෙද මහතාගෙන් ඇසූවිට

“බයවෙන්න එපා මහත්තයෝ අපි පොඩි බේතක් බොමු. ඒකට ඇරිල යාවි. “යනුවෙන් වෙදමහතා පිළිතුරු දුන්නේය.

ඕකට පියසේන මහත්තයො අපේ තියෙන හොඳම බේත ‘ඒකාවේරිය’ අපි ඒකාවේරිය තියෙන බේතක් බොමු. සර්පගන්ධා වටිය. ඒකාවේරිය චූර්ණය වගේ හොඳ බේත් තියෙනවනේ. යනුවෙන් වෙද මහතා නැවතත් කීය.

එතකොට වෙද මහත්තයෝ ඒකාවේරිය කියන්නෙ ප්‍රෙෂර් එකට හුඟක්ම හොඳ බේතක්ද?

යැයි පියසේන මහතා උනන්දුවෙන් විමසීය.

ඔව්.පියසේන මහත්තයෝ. ඒකාවේරිය කියන්නෙ ප්‍රෙෂර් එකට එහෙම නැත්නම් අධි රුධිර පීඩනයට හොඳම බේත. ඒ වගේම උන්මාදයට..අපස්මාරයට (මීමැස්මොරයට) ඉතාමත් ගුණදායකයි.

ඒකාවේරිය ගැන ඇමරිකාවෙ පළ කරපු අචභමධතටඪච ඵබධපර කියන ග්‍රන්ථයෙ මෙහෙම කියල තියෙනවා.

‘ඒකාවේරිය බෙහෙතෙහි ගුණ අප්‍රමාණය. ඒ හා සමාන වෙනත් ඖෂධයක් ලෝකයෙහි නැත. ඒකාවේරිය වනාහි අතිශයින් දුර්ලභ ගුණ ඇති පැළෑටියකි.අතිරක්තචාපයට (ඩඪඨඩ ඡතධධඤ නපඥඵඵභපඥ) ඒකාවේරිය නොවරදින මාහැඟි ඖෂධයකි.’

යනුවෙන් දක්වා තිබීමෙන් ඒකාවේරියවල ගුණ කොපමණද කියල වටහා ගන්න පුළුවනි. යනුවෙන් වෙද මහතා නැවත කීය.

එතකොට වෙද මහත්තයෝ ඒකාවේරිය හැදෙන්නෙ කොහේද.යනුවෙන් පියසේන මහතා නැවතත් ඇසීය

ඒකාවේරිය විදේශීය වශයෙන් ගත්තම හිමාලය ප්‍රදේශ, නේපාල් සහ වෙනත් පාර්වතීය ප්‍රදේශ, බිහාර්,උත්තර ප්‍රදේශ, සීකිම්, ඩැකාන්, ඝාට්ස්, ට්‍රැවන්කෝර්, මලයා, සිංගප්පූර්, වගේ ප්‍රදේශවල වැවෙනවා..

ඒ වගේම ශ්‍රී ලංකාවෙ මීටර් 700 ට අඩු පහත් බිම්වල සාර්ථකව වැවෙන බහු වාර්ෂික පැළෑටියක්.පහත රට තෙත් කලාපීය පරිසරවල හොඳින් වැවෙනවා.

යනුවෙන් වෙද මහතා පිළිතුරු දුන්නේය.

ඒ වගේම ඒකාවෙරිය ශාකයේ මුල සර්පයෙකුගෙ හැඩය ගන්නවා. මේ ශාකය සෙ.මි.70ත් මීටර් 1 අතර උසට වැවෙන පැළෑටියක්. මේ ගසේ පොත්ත සිනිඳුයි. කඳ තදයි. අතුවල කෙළවර පත්‍ර තුන බැගින් රවුමට පිහිටනවා. එක පත්‍රයක් සෙ.මි. 7 ත් සෙ.මි..13ත් දක්වා දිගින් යුතුයි. සෙ.මි. 2.5.ක් පමණ පළලයි. පත්‍ර දෙකෙළවර සිහින්.

මල් ළඟින් පිහිටනවා. මල්වල පිහිටීම ක්‍රමවත් බවක් නැහැ. මල් සුදු පාටට හුරු රෝස පාටයි. යනුවෙන් වෙදමහතා තවත් විස්තර ඉදිරිපත් කළේය.

එතකොට වෙදමහත්තයෝ ඒකාවේරිය හඳුන්වන තවත් නම් තියෙනවද? යනුවෙන් පියසේන මහතා නැවත වෙදමහතාගෙන් විමසුවේය

සිංහල භාෂාවෙන් ඒකාවේරිය කියනවා. සංස්කෘත භාෂාවෙන් සර්පගන්ධා, ධවලපට්‍ය, නාගධමනී, චන්ද්‍රකුමාර, චන්ද්‍රිකා, සුගන්ධා, පත්‍රිකා, කාකුලී, සුරසා, කකුලේෂ්ඨ, සර්පාන්ගි, විෂනාශනී, ගන්ධාකුලී ආදී නම් රාශියක් යෙදෙනවා.

හින්දි භාෂාවෙන්

ජෝටාචාන්දි.

කියනවා

දෙමළ භාෂාවෙන්

සර්පාන්ධ යන නම යෙදෙනවා

ඉංග්‍රීසි භාෂාවෙන්

ඉදචඬඥ පධධබ යනුවෙන් යෙදෙනව

කුලය වනුයේ

ඒර්‍ථර්‍ණඛ්කව්ඒඛ්ඡ්ඒඡ් හෙවත් කුටජ කුලයයි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ අචභමධතටඪච ඵඥපනඥදබඪදච

ඒ වගේම ඒකාවේරිය පැළෑටියෙ ඖෂධ සඳහා වියළාගත් මුල් ප්‍රධාන වශයෙන් යොදාගන්නවා. ඒ වගේම කොළ සහ යුෂ ස්වල්ප වශයෙන් ගනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙ දේශීය චිකිත්සාවෙ චර්ම රෝග සඳහා ඒකාවේරිය පංචාංගයේ යුෂ සහිත තෙල යොදා ගනු ලබනවා.

වෙද මහත්තයෝ එතකොට ඒකාවේරියවල ගුණාගුණ මොනවද?.යැයි පියසේන මහතා නැවත ඇසිය.

ඒකාවේරිය

රසයෙන්...තික්තයි.

ගුණයෙන්

රූක්ෂ සහ තීක්ෂ්ණයි.

වීර්‍යයෙන්

උෂ්ණයි

විපාකයෙන් කටුකයි..

ප්‍රභාවයෙන් නිද්‍රාකාරකයි.

ඒ නිසා සෙම සහ වාතය සමන ගුණ යුක්තයි. ඒ නිසා සෙම්. වාත..සහ පිත් රෝග සඳහා ප්‍රයෝග කරනු ලබනවා.

ඒ නිසා රෝග බොහෝමයකට ඒකාවේරිය විශිෂ්ට ගුණ ලබා දෙනවා

විශේෂයෙන් රුධිර සංසරන ව්‍යූහාවේදී හොඳින් ක්‍රියා කරනු ලබනවා. රුධිර පීඩනය පහත හෙළීම ට හේතු වෙනවා ඒ නිසා අධි රුධිර පීඩනයට උසස්ම ඖෂධය වන්නෙ ඒකාවේරියයි.

වේදනා සමන ගුණ, ඒකාවේරියවල තියෙනවා. ඒ වගේම නින්ද ඇතිකරන ගුණ, විශේෂයෙන් ඒකාවේරිය, ගිතෙල් සමඟ ගැනීමෙන් නින්ද ඇතිකරනවා. තවද උණ නසන ගුණ ඒකාවේරියවල තියෙනවා.

ඒකාවේරිය චූර්ණය සිසිල් ජලය සහ සීනි සමඟ උදේට වරක්ද තියුණු උණේදී දවසට දෙවරක් ද දීමෙන් ඉක්මන් සුවය ලැබෙනවා

එසේම මකුළු සර්ප ගෝනුසු සහ මී විෂට ඒකාවේරිය මුල් දෙහි ඇඹුලෙන් උරච්චි කර ගානු ලබනවා

සෙම්ගෙඩිවලට ඒකාවේරිය මුල්, එලබටු ගෙඩි දොඩම් ඇඹුලෙන් අඹරා ගානු ලබනවා.

කැසීම් සහිත කුෂ්ඨ රෝග සඳහා

ඒකාවේරිය සහමුලින් ගෙන පොල් සමඟ කොටා මිරිකා ගෙන්දගම් කල්කය ලෙස යොදා සිඳුවා ගත් තෙල් ආලේපය ඉතා ගුණදායකයි

මැලේරියාවට ඒකාවේරිය කොළ 4ක් ගම්මිරිස් සමඟ අඹරා බීම ගුණදායකයි

ඔසප් දෝෂ සදහා, ඒකාවේරිය පංචාංගය කෂාය කර බීම සුදුසුයි

උන්මාද රෝගීන්ට සහ කාම උන්මාද රෝගීන්ට ඇතිවන නින්ද අඩුබවට ඒකාවේරිය මුල් චූර්ණය මී පැණි සමඟ යොදනු ලබනවා.

ඇස් රෝගවලට සහ ඇස්වලට බාහිර දේ ඇතුළු වූ විට ඒකාවේරිය කොළ යුෂ යොදනු ලබනවා.

පිත්තජ උන්මාදයට, රත්පිතට නියමිත ක්වාථ වර්ග, සමඟ ආහාරයට පසු ඒකාවේරිය මුල් චූර්ණය සිසිල් ජලය සහ සීනි සමඟ යොදනු ලබනවා.

ඒ වගේම ඒකාවේරිය අඩංගු සංස්කාරික ඖෂධ රාශියක් තියෙනවා

සර්පගන්ධා වටී

චාන්දර් වටී

කන්ඩමාලාව ලේහය

සර්පගන්ධා චූර්ණය

සර්පගන්ධ

පැණිය

සර්ප්ස්ගන්ධරිෂ්ටය

ආදිය ඒ අතිරින් ප්‍රධානයි යනුවෙන් තොරතුරු රාශියක් වෙදමහතා විසින් ඉදිරිපත් කළේය.

නැවතත් වෙදමහතා ප්‍රකාශ කළේ ඒකාවේරිය යනු මාත්‍රානුකූලව ගතයුතු ඖෂධයක් බවයි.

එනම්

රක්තිකා 5-10 දක්වා

නිද්‍රාකාරක (නින්ද ඇතිකරන) මාත්‍රාවයි.

රක්තිකා2-5 දක්වා

අධි රුධිර පීඩනයට යොදයි.

ඒ වගේම ගර්භනී මව්වරුන්ට, අඩු රුධිර පීඩනය සහිත අයට, කෙට්ටු දුබල අයට, කුඩා ළමයින්ට, ඒකාවේරිය අහිතකරයි.

එසේම ඒකාවේරිය ඖෂධයක් ලෙස ගන්නා අයට ගංජා, මිරිස් අධික ආහාර, අච්චාරු ආදිය අයෝග්‍යයි.

එසේම ඒකාවේරිය මාත්‍රාවට වඩා ගැනීමෙන් කඳුළු ගැලීම, ඇස් රතුවීම, ආදි ලක්ෂණ පෙන්නුම් කරනු ලබනවා.

මහෙම බැලුවාම පැහැදිලි වන්නේ ඒකාවේරිය යනු ඉතා විශිෂට ම ඖෂධයක්. ඒනිසා මාත්‍රාවට අනුව නියම අයුරින් ඖෂධ සඳහා ගැනීම අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසක සුවයට බෙහෙවින් ඉවහල් වෙනවා” යනුවෙන් පවසමින් වෙද මහතා ඒකාවේරිය ගැන විවරණය නිමා කළේය.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.