සම පැහැපත් කරන රෝග නසන රණවරා

දෙසැම්බර් 29, 2023

රණවරා වියළි මල්, පුෂ්ප හා අංකුර තම්බාගත් ඖෂධීය ජලය පානය කිරීමටත් එම ජලයෙන් ස්නානය කිරීමටත් එදා මෙන් අදත් කාන්තාවන් දැඩි උනන්දුවක් දක්වන්නේ එසේ කිරීමෙන් තම රූසපුවේ වර්ණවත් බවත් සිරුරේ නීරෝගිතාවයක් ඇති කරවන බැවිනි. රණවරා ඔසුපැන් බීමෙන් ප්‍රමේහ රෝග, රක්ත දෝෂ, උෂ්ණ මූත්‍රදාහ, ස්වප්න මෝචන, කාන්තාවන්ගේ මානසික පීඩනය ඇති කරන සෝම රෝග, ප්‍රදරරෝග ආදී රෝග ගණනාවකටම මහත්සේ ගුණ ලබා දෙයි.

රණවරා තැම්බූ ජලය දියවැඩියාව නොහොත් මධුමේහය රෝගීන්ටද මහඟු ඖෂධයක් වන අතර, සිරුරේ පැහැපත් බව ද ඇති කරලයි. රණවරා මල් ඇල්දියෙන් අඹරා ඇඟ ගැල්වීමෙන් මනා පැහැපත් බවක් ඇතිවේ. රණවරා පානය මෙන්ම රණවරා කැඳ ද සිරුරට ගුණ දෙන මහඟු ඖෂධයකි. රණවරා කොළ හා රණවරා මල් ගෙන සාදනු ලබන කැඳවල සෙම් පිත් රෝග නැසීමේ ගුණයක් පවතී.

රණවරා කැඳ මඳක් තිත්ත ගතියෙන් යුක්ත වේ. එම කැඳ පානය කිරීමෙන් ලේ පිරිසුදු කරයි. ඉතා ගුණදායක රණවරා කැඳ මෙසේ පිළියෙළ කරගත හැකිය. ළපටි රණවරා කොළ මිටක් හෝ මිටි දෙකක් කන්පෙති කොළ ඉවත්කර ගෙන කරපිංචා ඉති හතරක්, පහක් ගෙන කොළ කඩා කොටා ඉස්මගෙන නිවුඩු සහල් ග්‍රෑම් දෙසියයක් පමණ ද ගෙන (කැකුළු සහල්) පොල්ගා කිරිගෙන ඉඟුරු කෑල්ලක්, සුදුලූනු බික් දෙක තුනක්ද, ලුණු ස්වල්පයක්ද ගෙන සෝදාගත් නිවුඩු සහල් හැලියකට දමා වතුර වත්කර ඉඟුරු, සුදුළූණුූ, රතුලූනු ද බික් කීපයක් දමා ලිප තබා සහල් හොඳට තැම්බෙන විට හැන්දකින් බත් ඇට පොඩිකර ලුණු ස්වල්පයක් සමඟ පොල්කිරි හැලියට දමා හොඳට උණුවන විට රණවරා ඉස්ම බත්හැලියට දමා හැන්දකින් කලවම් කරමින් නටවා ටික වේලාවකට පසු ලිපෙන් කැඳ හැලිය බා නිවුණ පසු පානය කළ හැකිය.

දුඹුරු පැහැති පොත්තකින් යුත් සතර අතට අතු බෙදුණු විශාල පඳුරක් මෙන් වැඩෙන රණවරා ගස සංයුක්ත පත්‍රවලින් ගහනය කර්ණාකාර උප පත්‍රද දක්නට ඇත. මෙම උප පත්‍ර කන්පෙත්තක ස්වරූපය ගනී. දීප්තිමත් කහ පැහැති මල් එක්ව අලංකාර පොකුරක් මෙන් හටගනී. අගින් දිග නූලක් මෙන් සිහින් වූ ඵලය ළා දුඹුරු පැහැතිය. බීජ දහයක් විස්සක් පමණ වෙන වෙනම කොටස්වල පිහිටා ඇත. රණවරා පැළෑටියේ මුල්, මල්, ඇට, පොතු, කොළ වශයෙන් පංචාංගයම ඔසු වර්ග සෑදීමට යොදා ගනී. ආයුර්වේදයේ සඳහන් පරිදි රණවරා ඖෂධයේ ගුණ වශයෙන් ලඝු හා රූක්ෂ ගුණයෙන්ද ශීත වීර්යයෙන්ද කටුක විපාකයෙන්ද යුක්ත වෙයි. රණවරා බොහෝ රෝගවලට මෙන්ම කඵ, පිත්, රත්පිත් රෝගයන්ද සමනය කරයි. එහි ස්ථම්භක ගුණය පවතින බැවින් අතීසාර ප්‍රවාහිකා ආදි රෝගයන්ටද ගුණ වේ. රණවරාවලට කියනු ලබන සිංහල නාමය රණවරා වන අතර ඉංගී‍්‍රසි බසින් ර්චබභපඥ අඥච ඊපඥඥ ඊචදදඥ’ඵ ඛ්චඵඵඪච සංස්කෘතික බසින් පීත, පුෂ්ප, ආකුලිසාරදි හෙබෝදාම අක්ෂිරංගා ආදි නම් ද හින්දි බසින් තරවරා තරවර යනුවෙන්ද දෙමළ බසින් අවෙරෙ අවරම්පොන් අවරේ කියාද සඳහන්ය. රණවරාවල උද්භිද විද්‍යාත්මක නාමය ඛ්චඵඵඪච ඒභපඪජභතචබච ඹ් වන අතර කුලය වන්නේ ශම්බි කුලයයි. රණවරා ශාකයේ ඇල්කොළයිට් පෙනෝලිස් ටැනික් ප්‍රෝටීන් හා කාබෝහයිඩ්‍රේට් අඩංගුවන බව රසායනික පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

විශිෂ්ට ප්‍රතිජීවක ගුණයෙන් යුත් රණවරාවලට විවිධ බැක්ටීරියාවලට එරෙහිව ක්‍රියාකිරීමේ ශක්තියක්ද පවතී. බොහෝ දෙනකුට ඇතිවන මුඛය දෙපස (කට) වණ වීම් සහ කැසීම් ඇතිවන විට රණවරා කොළ මැල්ලුමකට සාදා ආහාරයට ගැනීමෙන් එම රෝගී තත්වය සුව වේ. එමෙන්ම රණවරා පංචාංගය යොදා සකස් කරනු ලබන කෂාය ද ගුණ වේ. රණවරා මල් ගෙන ඇල්දියෙන් අඹරා පාප්පයක් ලෙස සකසා ඒවා ශරීරයේ ආලේපකොට ස්වල්ප වේලාවක් සිට සෝදා හැරීමෙන් සිරුර පැහැපත් වේ. එය එක් දිනක් නොව දින කීපයක්ම කළ යුතුය. රණවරා මල් වතුර යොදා උණුකර පානය කිරීමද එලෙසින්ම දින ගණනාවක් කළ යුතුය. මුත්‍රා පිට නොවන අවස්ථාවලදී රණවරා මල් තම්බා පානය කිරීමෙන් ගුණය ලැබේ. එමෙන්ම දියවැඩියාව නොහොත් මධුමේහය රෝගීන්ටද රෝග පාලනය සඳහා රණවරා මල් තම්බා තේ, කෝපි, මෙන් බීම ගුණදායකය.

රණවරා ශාකය විස ිවැදෑරුම් ප්‍රමේහ රෝගයන්ට යෙදෙන කෂාය පාණ්ඨ අරිෂ්ට ආසව රසායන ආදී සැම දෙයකටම යොදන මහඟු ගුණදෙන ඖෂධයකි. ශරීරයට ඉතා ගුණදායක ඖෂධීය කැඳ වර්ග අතර, රණවරා කැඳ ඉතාමත්ම ගුණදායකය. රණවරා කොළ මැල්ලුමද සිරුරට සිසිලක් ගෙන දෙන කොළ මැල්ලුමකි. කහ පැහැති මල් හට ගන්නා මෙම ශාකය ගෙවතු අලංකාරය සඳහා වැවිය හැකි දර්ශනීය ශාකයකි. දියවැඩියාවට රණවරා මුලේ පොතු, කොළ,මල් එක පමණට ගෙන වේලා කුඩුකර බීම ඉතා ගුණදායකය. රණවරා පොතුවල සියයට විසිපහක්ම ටැනික්ද සියයට පහක් භෂ්මද ඇත.

 

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

සටහන - බී.ඇල්. පේ‍්‍රමරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.