අගෝස්තු 23 සිට අගෝස්තු 29 දක්වා

අගෝස්තු 23, 2019

 

විශේෂ ගනුදෙනුවක්
වරින් වර සිත් කලකිරීම්වලට හේතු සැලසෙන කාලයක් වන අතර සඳුගේ ගමන 12,1,2,3 යන භාවස්ථානවල සිදුවනු ලබයි. පවුලේ ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට වැඩිහිටි සහය පතන කාලයකි. නිතර තමාට දෝෂාරෝපණ එල්ල විය හැකි බවක් පෙනේ. විශේෂ ගනුදෙනුවකට කටයුතු සූදානම් වනු ඇත. සමිති සමාගම් කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවන අතර නිතර නිවසින් පිට වාසයටද කරුණු සැලසේ.
දරුවෙකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයයි. වාහන හුවමාරුවකට හෝ වාහනයක් මිලදී ගැනීමක් සම්බන්ධ අදහසක් ඉටුකරයි.

අය 07 - වැය 04
ජය අංකය - 03
ජය වර්ූණය - තැඹීලි
සුබ දවස - සිකුරාදා

 

 


ව්‍යාපාර කටයුතු නැවත අරඹයි

පැවැති මතභේදකාරි වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවන කාලයක් වන අතර, සඳුගේ ගමන 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙන කාලයකි. සහෝදර මතභේදකාරි බවක් හේතුවෙන් මානසික අසනහනය ඇති කරයි. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ මීට වඩා උනන්දුව විය යුතු බවක් පෙනේ. එමෙන්ම රැකියාවේ තනතුරු, මාරුවක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට අවස්ථාව සැලසේ. මෙතෙක් බාධාකාරි ලෙස කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. සතිය මැද කාලයේදි තැන්පත් ධනය වැයවන අන්දමේ කරුණු කීපයක් සැලසෙනු ඇත.

අය 07 - වැය 05
ජය අංකය - 03
ජය වර්ූණය - කොළ
සුබ දවස - සිකුරාදා


 

 

ඥාතින් අතර සුහදතාව
ගතට සිතට පීඩාකාරි ලෙස කටයුතු සිදුවෙමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවල සිදුවනු ලබයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවෙන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම අමනාප වූ කෙනෙකුගෙන් තමාට උපකාරයක් හිමිවිය හැකියි. ලේ විෂවීමක් වැනි දෝෂ සහගත තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරි වන්න. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. විදෙස් ඥාතියෙකුගෙන් උපකාරයක් සැලසීමට ඉඩ ඇති අතර ඥාතීන් අතර ඇති සුහදතාවය වැඩිවීමට හේතු සැලසෙනු ඇත. සති අන්තයේදී යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා විඳින බවක් පෙනේ.

අය 07 - වැය 05
ජය අංකය - 03
ජය වර්ූණය - කහ
සුබ දවස - බදාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.