නොවැම්බර් 15 සිට නොවැම්බර් 21 දක්වා

නොවැම්බර් 15, 2019

විශේෂ සංග්‍රහ

මෙම සතියේ සඳු ගමන් කරන්නේ 1, 2, 3, 4 යන භාවස්ථානවලයි. සතිය ආරම්භය සුබදායක තත්ත්වයක් උදාකරයි. ණය ගනුදෙනු සාර්ථක ව නිම කර ගැනීමට හැකියාව ලැබෙයි. කාලයකින් හමු නොවූ මිතුරෙකුගෙන් හදිසි ඇරැයුමක් ලැබෙයි. තමා හා පි‍්‍රයමනාප වීමට බලාපොරොත්තුවෙන් සිටි අයෙකුගෙන් විශේෂ සංග්‍රහයක් හිමිවේ. සතිය මැද කාලය වෙන්වන්නේ දුර ගමනක් යොදා ගැනීමටයි. වැඩිහිටි පාර්ශ්වයේ අයෙකු ගන්නා හදිසි තීරණයක් නිසා විවාහ කටයුත්තක් කල් දමයි. තමාට නොගැලපෙන දේ කිරීමට යාමෙන් සිත් රිදවීම් ඇති කරන සතියකි. සතිය ගෙවීයන මොහොතේ දී පොත්පත්, ග්‍රන්ථ ලේඛන කටයුතු ආශි‍්‍රතව විශේෂ හැකියාවක් පෙන්නුම් කරන සතියක් බව පෙන්නුම් කරයි.

අය 03 - වැය 04

ජය අංකය - 01

ජය වර්ූණය - නිල්

සුබ දවස - ඉරිදා

 

ලොතරැයි වාසනාවක්

කන්‍යා ලග්න ඔබේ කේන්දරයේ සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවස්ථාන හරහායි. පුණ්‍ය කටයුතු සඳහා කාලය ගත කරන සතියකි. නිවසේ ආගමික කටයුත්තක් සිදු කරයි. නිතර තමා අසරණ පුද්ගලයන් වෙනුවෙන් උපකාර කිරිමට මඟ සැලසේ. සතිය මැද කාලය තමාට හිතවත් අයෙකු සමඟ දුර ගමනක් යොදාගනී.

දරුවෙකුගේ රැකියා කටයුතු පිළිබඳව වෙහෙසෙයි. පෙම් සබඳතා ඇති කර ගනී. එහෙත් සිත් රිදවීමක් ඇතිවේ. සතිය නිමවෙද්දී ලොතරැයි වාසනා උරගා බැලීමට අවස්ථාව යෙදෙනු ඇත. දෙමාපියන්ගේ ආශීර්වාදය අනුව සිදුකරන කටයුත්තක් ජය ගනී.

අය 09 - වැය 07

ජය අංකය - 06

ජය වර්ූණය - රතු

සුබ දවස - ඉරිදා

 

ශාරීරික පීඩා වැඩියි

මකර ලග්න ඔබේ කේන්දරයේ 5, 6, 7, 8 යන භාවස්ථාන හරහා සඳු ග්‍රහයා ගමන් කරයි. දරුවන් සම්බන්ධව කටයුතු කිරීමේ දී තරමක පීඩා ගෙනදෙනු ඇත. තමාට නිතර නිතර අසහනය ගෙනදෙන සිදුවීම් වලට මුහුණ දීමට සිදුවේ. සතිය මැද උදාවෙත්ම ශල්‍ය කර්ම අවස්ථාවකට මුහුණ පෑමට සිදුවෙනු ඇත. යොදාගත් කටයුතු කීපයක්ම නවතා දමයි. විවාහ දෙපාර්ශවය අතර හොඳ හිත නැතිවන කරුණු යෙදෙයි. වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා ආදියට ඇහුම්කන් දෙන්න. සතිය අවසානය මිතුරෙකුගේ කටයුතු රැසක් වෙනුවෙන් වෙහෙසෙයි. උස් ස්ථානවලට යාම, පඩි නැගීම ආදිය එතරම් සුදුසු නැති සතියකි. විශේෂයෙන් අත පය බිඳීම් සිදුවීමට ඉඩ කඩ පෙන්නුම් කරයි.

අය 07 - වැය 06

ජය අංකය - 06

ජය වර්ූණය - සුදු

සුබ දවස - සෙනසුරාදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.