මාර්තු 13 සිට මාර්තු 19 දක්වා

මාර්තු 13, 2020

ලාබදායක සතියක්

වෘෂභ ලග්න ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථානවලයි. සිතට අසහනය ගෙන දෙන රෝග පීඩා පිළිබඳව නිතර අසන්නට සිදුවෙයි. සතිය මැද පටන් ගැනීමට පෙරාතුව දුරබැහැර ගමනක් යෙදෙනු ඇත. සතිය මැද අවසානය වීමට පෙර රැකියාවේ වෙනසක් පෙන්නුම් කරයි. ලොකු කුඩා කා අතරත් ජනපි‍්‍රය වන චරිතයකි. තමාගේ ග්‍රහ තත්ත්වය සැළකිමේදී ලාබදායක තත්වයන් වැඩිපුර පෙන්නුම් කරයි. සතිය අවසානය හිතවතුන්ගේ කටයුතු වෙනුවෙන් කැපවෙයි. තමාව අත්හැර ගිය අයෙකු නැවතත් ඇසුරට එක්වෙනු ඇත.

සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන කාලයකි. පින්දහම් කටයුතු කෙරෙහි දැඩි කැමැත්තක් දක්වයි. සතිය නිමවීමට පෙර හදිසි අසනීපයක් මතු වේ.

අය 06 - වැය 08

ජය අංකය - 06

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

ධන වාසනාවක්

කන්‍යා ලග්න ඔබේ කේන්දරයේ සඳු ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථාන හරහාය. සතිය පටන් ගැනීමේදීම ඔබට ධනවාසනාව උදාකර දෙනු ඇත. ඇවැස්ස නෑනාවරු, මස්සිනාලා සමඟ සබඳතා දියුණු වෙයි. වැඩිහිටි ඥාතීන් සමඟ සාකච්ඡා කිරීමට නිතර අවස්ථාව සැලසේ.

සතිය මැද කාලය වෙන්වන්නේ පී‍්‍රතිමත් අවස්ථාවක් වෙනුවෙනි. දින කීපයක් නිවසින් පිටත කාලය ගත කරයි. පොත්පත් කටයුතු සම්බන්ධ තමාට ප්‍රසිද්ධිය හිමිවෙනු ඇත.

සතිය අවසානය දරු උපත් බලාපොරොත්තුව සිටින අයට සහනයක් උදාකර දෙයි. නිවසින් පිටවී ගිය අයෙකු යලිත් පදිංචියට එන කාලයකි. නිවසේ කටයුතු වෙනදාට වඩා පිළිවෙලකට සිදුකරයි. කුඩා දරුවන් හට පී‍්‍රතිමත් වන අවස්ථාවක් උදාවෙයි.

අය 03 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - රතු

සුබ දවස - අගහාරුවාදා

 

හදිසි ගණුදෙනු

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන කාලයක් වන අතර සඳුගේ ගමන 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ අවිවේකී බවක් ඇති කරන කාලයකි. වෙනදාට වඩා දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් සිදුකරයි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ගේ දොර සැලසුම් කීපයක සාර්ථක නිමාවක් දැකිය හැකි කාලයකි. හදිස්සි වී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්වයක් ඇති කරයි. විදෙස් ගතවීමක් පිළිබඳ සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ. වරින්වර ගුප්ත කටයුතු වලින් සහන පතන කාලයකි. හදිසි මුදල් ගණුදෙනුවකට මඟ සැලසේ. සති අන්තයේදී ළගින් ඇසුරු කරන අයෙකු සමඟ විශ්වාස බිඳ වැටීමක් සිදුකරයි.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - රතු

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.