අපේ‍්‍රල් 22 සිට අපේ‍්‍රල් 28 දක්වා

අප්‍රේල් 22, 2022

මේෂ

නිවෙසින් පිට වාසයට කරුණු ඇතිකරයි

වෙනදාට වඩා අවිවේකී බවක් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ශාරීරික දුබලතාවලට හේතු ඇති කරන සතියකි. වරින් වර නිවෙසින් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි. නිතර ඇවිදිලි ඇති කරන කාලයකි. මත භේදවලට තුඩුදෙන අන්දමේ කරුණු කීපයක් ඇති කරන කාලයක් වන අතර, වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් ද පෙන්නුම් කරයි. මෙතෙක් ප්‍රමාදතා ඇති කළ විවාහ යෝජනාවක් සාර්ථක වන කාලයකි.

සතිය මැද කාලය වන විටදී රැකියාවේ කටයුතු සම්බන්ධ මානසික අසහනය ඇති කරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිතර දරුවකු පිළිබඳ වෙහෙසීමට සිදුවන සතියකි. තනි තීරණයක් හේතුවෙන් ඇතිවන පාඩු කීපයක් විසඳා ගැනීමට නීති පිහිට පතයි. ශාස්ත්‍රීය කටයුතු කීපයකට අත ගැසීමට යහපත් කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - ළා නිල්

සුබ දවස - සිකුරාදා


කටක

වයසින් අඩු අය ඇසුරට

වරින් වර මානසික පීඩාවලට ලක්වෙමින් සතිය ආරම්භවන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. ශාරීරික අපහසුතාවලට මුහුණපෑමට සිදුවන සතියකි. නිතර හටගන්නා උදරාබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. පවුලේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී වැඩිහිටි උපදෙස් පැතීම වැදගත් වේ. එමෙන්ම ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දරුවකුගේ දෝෂාරෝපණයට ලක්වන කාලයක් වන අතර, පවුලේ අර්බුධකාරී බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම තමා ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. හදිසි සෙම් රෝග, වාත රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ. හිතුවක්කාර තීරණ ගැනීමෙන් තමාට අහිතකර තත්ත්වයක් ඇති කරයි.

අය 06 - වැය 04

ජය අංකය -07

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘෂභ

රැකියාවේ කටයුතුවල මත ගැටුම්

හදිසි වැටීම් තැළීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරීවීම වැදගත් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10,11

යන භාවස්ථාන වලයි. ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතිය යුතු සතියකි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. වෙනදාට වඩා ආගමික කටයුතු පිළිබඳ සැලකිල්ලක් දක්වන කාලයක් වන අතර නිවසේ ආගමික වැඩසටහනකට ද සැලසුමක් ඇති කර ගනී. සතිය මැද කාලයේ දී පවුලේ වැඩිමහල් ඥාතියකු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු බවක් පෙන්වයි. නැති වූ දෙයක් නැවත හිමිකරන මාර්ග කීපයක් සැලසේ. රැකියාවේ මත ගැටුම්කාරී බවක් ඇතිවන සතියක් වන අතර, ඒ පිළිබඳ කටයුතුවල දී අදහස් හුවමාරුවේ දී කල්පනාකාරී වන්න. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට ඇරැයුමක් ලැබෙන සතියකි.

අය 08 - වැය 07

ජය අංකය -04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා


සිංහ

නිවසේ දානමය කටයුත්තක්

නිතර එදිනෙදා කටයුතු පිළිබඳ වෙහෙසීමට සිදුවන අතර මේ සතිය ආරම්භයත් සමඟ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවස්ථානවලය. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරන සතියකි. මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවෙළක් වෙනසකට ලක්කරයි. අසල්වැසියකු සමඟ ඇතිවන මත ගැටුමක් දුරදිග යා හැකිය. නිතර තමා කරන කියන කටයුතුවලට බාධාකාරී බවක් ඇති කරයි. සතිය මැද කාලයේ දී නිවසේ දානමය කටයුත්තකට කටයුතු සැලසෙන බවක් පෙන්වයි. මවට හෝ මව්පස ඥාතියකුට අපලසහගත කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. ශාස්ත්‍රීය කටයුත්තකට කැපවීම් ඇති කරයි. පවුලේ වැඩිහිටි ඥාතියකු සමඟ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවස්ථාව සැලසේ. විදෙස්ගත හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. හදිසි වාහන ගනුදෙනුවකට මඟ සැලසෙන සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා


මිථුන

ඥාතීන් අතර සුහදතාවයට බාධා

විශේෂ සැලසුමකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. ඔබ අවිවාහක නම් මේ සතිය ඔබට ඉතා සුබදායක සතියක් වන අතර මෙතෙක් ප්‍රමාදතා සිදුකළ යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. එහෙත් ගනුදෙනුවලදී වංචා ප්‍රයෝගවලට හසුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා ඇතිවන ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. ගෘහ ජීවිතයේ කටයුතුවලින් තරමක් දුරට ඈත්වීමට සිදුවන සතියක් වන අතර පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදුවන බවක් පෙනේ. සතිය මැද කාලය වන විටදී ඥාතීන් අතර පැවැති සුහදතාවයට බාධා වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය -02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා


කන්‍යා

ප්‍රභූ පක්ෂය හා ඇසුරට

සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධවීමට කටයුතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. මේ කාලය තුළ දී උපයා ගන්නා දේට වඩා වැය පස අධික කරයි. නිතර ප්‍රභූ පක්ෂය හා ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. ගනුදෙනුවක් පියවා ගැනීමට නීතියේ පිහිට පැතීමට සිදුවේ. නිතර තමා ගන්නා තීරණ පිළිබඳ දුරදිග සිතා බලන්න. විවාහය පිළිබඳ කටයුතුවලදී යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. නිතර අයුක්තියට හිස නොනමන කාලයක් වන අතර තමාට පැසසුම් ද හිමිවන බවක් පෙන්වයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු සැලසෙන සතියකි. එමෙන්ම දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් වන බවක් ද පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට මඟ සැලසෙන සතියකි. සති අන්තයේ දී යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා


තුලා

දුර ගමනකට ආරාධනා

අමතර ලැබීම් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ ගමනක් වෙනුවෙන් මඟ සැලසෙන සතියක් වන අතර, මෙතෙක් ඔබට ලැබෙන්න තිබූ හිමිකම් කීපයක් මඟහැරී යන බවක් ද පෙන්වයි. පවුලේ ඥාතීන් අතර සුහදතාවයට හේතු සැලසෙන සතියකි. සතිය මැද කාලයේදී තමාට තෑගි භෝග මෙන්ම උපකාරද හිමිකරයි. නිතර පවුලේ කෙනෙකු පිළිබඳ වෙහෙසීමට සිදුවන බවක් පෙන්වයි. නොසිතූ ලෙස ආරවුල්කාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට ඉඩ ඇති කාලයක් බැවින් හිතවතුන් ඇසුරේ දී දුරදිග සිතා බලන්න. පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන සතියකි. දරුවකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට අවස්ථාව ඇති කරන අතර, දුරගමනක් වෙනුවෙන් ද ආරාධනාවක් හිමිකරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

අය 08 - වැය 04

ජය අංකය -05

ජය වර්ූණය - දම්

සුබ දවස - සුඳුදා


මකර

අමතර වැයවීම් වැඩිකරයි

අවිවේකී වුවත් යොදාගත් කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාවට පත් කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1, 2,3 යන භාවස්ථානවලයි. අන්සතු වස්තු ලාභයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර නොසිතූ ගැටලුවකට ද මුහුණපෑමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. හදිසි ගමන් කීපයක් යෙදුණත් ඒවායින් වැළැකී සිටීම යහපත් කරයි. සතිය මැද කාලය වන විට දී මෙතෙක් පැවැති මානසික අසහනකාරී බව මඟ හැරී යන බවක් පෙන්වයි. රැකියා ස්ථානයේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. දරුවකුගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පියපස ඥාතියකු නිසා සිත්තැවුලක් විඳීමට සිදුවේ. ආර්ථික අතින් එතරම් සුබදායක සතියක් නොවන අතර මුදල් හුවමාරුවක් කර ගැනීමට ද කටයුතු සැලසේ. සති අන්තයේ දී යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා


වෘශ්චික

භෝජන සංග්‍රහයක්

අතමිට මුදල් ගැවසෙන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවස්ථානවල සතිය ආරම්භයේ දී මෙතෙක් ප්‍රමාදතා ඇති කළ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියකි. හදිස්සියේ හට ගන්නා ඇසක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. නිතර තමා සොයාගෙන හිතවතකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පවුලේ භෝජන සංග්‍රහයකට කටයුතු සැලසෙන සතියකි. සතිය මැද කාලය වන විටදී ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. නිතර තමාගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායක සතියකි. දරුවකුගේ සැලසුමක් වෙනුවෙන් අතහිත දීමට අවස්ථාව උදා කරයි. සති අන්තයේදී දකුණු අත ආශි‍්‍රත ඇතිවන වේදනාකාරී බවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 06

ජය අංකය -04

ජය වර්ූණය - ළා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා


කුම්භ

ගුප්ත කටයුතුවලින් පිහිට

මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක වෙනස්කම් රැසක් සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවස්ථානවලයි. මෙතෙක් අහිමිව තිබූ දෙයක් නැවත හිමිකරන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. එමෙන්ම ඥාතීන් අතර සුහදතාවයක් ගෙන දෙන සතියකි. ණය ගනුදෙනුවක් හේතුවෙන් නිතර ඇවිදිලි වැඩි කරයි. දරුවන්ගේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවක් කල්දැමීමට සිදුවන සතියකි. වරින් වර ගුප්ත කටයුතුවලින් ද පිහිට පතන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවන සතියකි. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ උනන්දුව අඩුවන බවක් පෙන්වයි. ලාභ ලැබෙන මාර්ග කීපයක් මඟහැරී යන කාලයකි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයකි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසුනත් එය එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්වයි. නිතර තමා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන සතියකි.

අය 08 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - ළා දම්

සුබ දවස - සඳුදා


ධනු

නිවසින් පිට වාසයට කරුණු ඇති කරයි

හදිසි ලැබීම්වලට ඉඩ සැලසෙමින් සතිය ආරම්භ කරන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 1, 2, 3, 4 යන භාවස්ථානවලයි. විශ්වාසවන්ත හිතවතකුගේ මුණ ගැසීමක් සිදුකරන සතියකි. මෙතෙක් තමා හට අහිමිව තිබූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි. තරඟ විභාගයක් වෙනුවෙන් සූදානම් වීමට මඟ සැලසෙන සතියකි. ඔබ විවාහ අපේක්ෂිත අයකු නම් අනාගත සහකරු හෝ සහකාරියගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන සතියකි. සතිය මැද කාලයේ දී දේපළ අලුත්වැඩියාවක් හේතුවෙන් යොදාගත් වැඩපිළිවෙළක් වෙනසකට ලක් කරයි. එමෙන්ම අලුත් ඥාති හිතවත්කම් වලට මඟ සැලසෙන කාලයක් බැවින් ඥාතීන් ඇසුරේ දී කල්පනාකාරී වන්න. දරුලාභ හිමිකම් ඇති අයට මේ සතිය තරමක් දුරට සැනසිලිදායක ලෙස ගෙවීමට හැකිවන බවක් පෙන්වයි. හදිසි මුදල් වැයවීම්වලට හේතු සැලසෙන සතියකි. සති අන්තය වන විටදී පැවැති අසනීපයකින් සුවය ලැබීමට හේතු ඇති කරයි. දුර ගමන්වලින් වැළැකී සිටීම යහපත් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා


මීන

ගනුදෙනුවකට නීති පිහිට

අලුත් කටයුතු කීපයක් ඇරැඹීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවස්ථානවලයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති ගැටලුකාරී බවක් මඟහැරී යන සතියක් වන අතර ඒ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙන සතියකි. නිතර තමා පැසසුමට ලක්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ගනුදෙනුවක් පියවා ගැනීම නීති පිහිට පැතිය යුතු සතියකි. දුර ඥාතියකු තමා සොයාගෙන එන කාලයක් වන අතර, දේපළ ආරවුලකට මුල පිරෙන බවක් පෙන්වයි. ශාස්ත්‍රීය කටයුත්තක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. අලුතින් ආරම්භ කළ ගේ දොර කටයුතු කීපයක් අතර මඟ නවතා දැමීමට සිදුවේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන සතියකි. මවගේ අසනීපයක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව සැලසෙන අතර, ඥාති හිතවතුන් සමඟ විනෝදවීමට ද අවස්ථා උදාකරයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන සතියකි. විවාහ යෝජනාවකට පැවැති බාධා මඟහැරී යන කාලයක් වන අතර ඒ පිළිබඳ වැඩිහිටි ආශිර්වාදය ද හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.