ඔසු ගුණ යහමින් ඇති ශාක

ජූලි 1, 2022

පෝච්චිවල වැවිය හැකි ගෘහණියට අත්‍යාවශ්‍ය ඔසු පැළ

වදකහ, ඉඟුරු, සේර, රම්පෙ, කරපිංචා, කහ, සැවැන්දරා, කෝමාරිකා, හරංකහ

සුගන්ධය ලබාදෙන ඖෂධ පැළ

ඉරිවේරිය, කප්පරවල්ලිය, සීනිද්ද, සමන්පිච්ච, ඇට්ටේරිය, රෝස, සැවැන්දරා,සපු

නිවෙසක ඉදිරිපස සිටුවීමට සුදුසු ඖෂධීය ශාක

කොහොඹ, දෑසමන්, පළොල්, මී, බුළු, මූණමල්, වරා, බෙලි, අශෝක, මාර, සපු, ඇට්ටේරියා, දොඹ

වැටවල් සඳහා සුදුසු ඔසු පැළෑටි

ආඩතෝඩ, සැවැන්දරා, කටුපිල, කටුකරඬු, මුවකීරිය. මරතොන්ඩි. පොකුරු වද, සීනුක්, නියවද වැට එඬරු

පක්ෂීන් හා සමනලයන් ගෙන්වා ගත හැකි ඖෂධීය ශාක

මලිත, කොබෝනීල, සස්සඳ, කතුරුමුරුංගා, කිරිබදු

තෙත් සහිත වගුරු ඉඩමකට සුදුසු ඔසු පැළ

කීකිරිඳිය. කොහිල, කොක්මොට, රම්පෙ, හබරල, අතිවිඩයන්, ලුණුවිල, වදකහ

ගෙවත්තක වගාකළ හැකි ඖෂධීය පැළෑටි

තෝර වර්ග, දත්කුටිය, අක්මැල්ල, විෂ්ණුක්‍රාන්ති, කපුකිනිස්ස, කළුකැම්බේරිය, ඉඟුරුපියලි, රන්කිරි, ගොකටු, ගොඩමානෙල්. අසමෝදගම්, පොකුරුවද, සැවැන්දරා, බාදුරා, ඕකිඩ් වර්ග. කෝමාරිකා, බටකිරිල්ල, රෑ කුමාරි, ඉරිවේරිය, කස්තුරි, දෙහි, තිප්පිලි, කප්පරවල්ලිය, මලිත, කිරාන සීනුක්, රන්මානිස්, රෝස, හීන් අරත්ත, අබ, අරුද බිංකොහොඹ,ගොටුකොළ, මුකුණුවැන්න, තෙබු, කොලබෝ මුඩමහන

සෙවණ සඳහා වැවිය හැකි ඔසු

ඇහැල, රණවරා, සුදුහඳුන්,රත්හඳුන්, අංකෙන්ද, අශෝක කොහොඹ, නෙල්ලි, අරළු. ලොත්සුඹුල්

එල්ලන පෝච්චිවලට සුදුසු පැළෑටි

තිප්පිලි, විෂ්ණුක්‍රාන්ති, නවහන්දි, සමාදාන, ඕකිඩ් වර්ග

කෝමාරිකා

රූපලාවණ්‍ය කටයුතුවලදී බහුලව භාවිත වේ. සමෙහි හා හිස කෙස්වල වියළි ස්වභාවය සමනය කර මතුපිට පිරිසුදු කරයි. මෙය විවිධ ක්‍රීම් හා ෂැම්පු වර්ග සැකසීමේදී නැතිවම බැරි ශාකයක් බවට පත්ව ඇත. බාහිරින් ආලේපයට මෙන්ම අභ්‍යන්තර වශයෙන් පානයක් ලෙස මුළු ශරීරයේම සිසිලස සඳහා යොදාගත හැකිය.

කෝමාරිකා පත්‍රවල ඇතුළත ඇති ජෙලි වැනි කොටස සබන් ස්වල්පයක් සමඟ මිශ්‍ර කර ආලේප කර විනාඩි පහක් පමණ සිට සෝදා හැරීමෙන් සිනිඳු දිගුවන් කෙස් කළඹක් ලබා ගත හැකිය.

කෝමාරිකා පත්‍රවල ජෙලිමය කොටස පෙති මෙන් කපා ඇස් මත විනාඩි කිහිපයක් තබා ගැනීමෙන් ඇස් වටා අවපැහැගැන්වීම නැතිවී ඇස් දීප්තිමත් වේ. පුරාණයේ ගී‍්‍රක හා රෝම ලිපි ලේඛනවලද කෝමාරිකා සහ රූපලාවණ්‍ය භාවිතය පිළිබඳව සඳහන් වී ඇත. භාවිතා වන කොටස පත්‍රවල ඇතුළත ඇති ජෙලිමය කොටසයි.

සුදු හඳුන්

අතීතයේ සිට ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද කාන්තාවන් තම රූ සපුව ඔප නංවා ගැනීම සඳහා ආලේපනයක් ලෙස ද සුවඳ විලවුන් ලෙසද යොදාගෙන ඇත. සුදුහඳුන් කුඩු තලපයක් ලෙස සාදා ඇඟ ගැල්වීමෙන් ඇඟ සිසිල් වෙන්. සමෙහි රළු ස්වභාවය ඉවත් වී සිනිදු සමක් ලැබේ සුදුහඳුන් කුඩු, මුදවපු කිරි දෙහි ඇඹුලින් ආලේප කිරීමෙන් පැහැපත් දීප්තිමත් සමක් ලබාගත හැක. අරටුව හෙවත් ලීය සහ අරටුවෙන් ලබාගන්නා තෙල් භාවිතයට ගන්නා කොටස් වේ.

වෙනිවැල්

විෂබීජ විනාශ කරයි. සම පැහැපත් කිරීම සඳහා සිරුරේ ආලේප කිරීමට ද යොදාගනී. සමෙහි තෙල් ස්වභාවය නිසා ඇතිවන ලප කැළැල් ඉවත් කරයි. විවිධ සබන් වර්ග මෙන්ම සම ආලේපන සඳහාද යොදා ගැනන ඉතාමත් වටිනා ඖෂධයකි. වෙනිවැල් ගැට තැම්බූ වතුර පානය කිරීමෙන් ශරීරය අභ්‍යන්තර වශයෙන් පිරිසුදු වි නීරෝගී වේ. වෙනිවැල් කුඩු සහ කුඩු මිශ්‍රකර සකසා ගන්නා ආලේපය සමෙහි ගැල්වීමෙන් සම පිරිසුදු වි නැවුම් බවක් ලබා දේ. සම දීප්තිමක් වේ.

කොහොඹ

මෙය සිසිල ගෙන දෙන වෘක්ෂයකි. විෂබීජ නාශක ගුණයෙන් අනූන අතර මෙහි පත්‍ර විවිධ ෂැම්පු හා සබන් සඳහා භාවිත වේ.

ආලේප සඳහා යොදාගත හැකි අතර සමතුළට කා වැදී චර්ම රෝග මැඩලන අතර ශරීර දුර්වර්ණතා ඉවත්කර ශරීර සෝභාව නංවයි. කොහොඹ පත්‍ර කුඩුකර තලතෙල් සමඟ සමෙහි ආලේප කිරීමෙන් සම පැහැපත් වේ.

කොහොඹ පොතු තැම්බූ වතුර පානය කිරීමෙන් ද දීප්තිමත් සමක් ලබාගත හැකිය. කොහොඹ පත්‍ර එළකිරි සමඟ බීමෙන් සම පැහැපත් වේ.

නෙල්ලි

වියපත් වීම ප්‍රමාද කර තරුණකම රැකදෙන අතර විටමින් සී අධික පලතුරකි. අතීතයේ සිට නෙල්ලි දිව්‍ය ඖෂධයක් ලෙස සලකා ශරීරය දීප්තිමත් වීමටද කටහඬ මිහිරි වීමට ද භාවිත කර ඇත. විවිධ ආලේපන ෂැම්පු වර්ග සඳහා නෙල්ලි සාරය භාවිත කළ හැක. හිසේ රෝග දුරු වී හිසකෙස් වර්ධනයට හා දීප්තිමත් වීමටත් නෙල්ලි ඉතා හොඳ ඔසුවකි.

කොකුම්

කුංකම ලෙස හඳුන්වනු ලබන මෙය රූපලාවණ්‍ය කටයුතුවලදී බහුලව භාවිතා වේ. විෂ බීජ නාශක ගුණයෙන් අනූන ඖෂධයකි. විවිධ සබන් හා සම ආලේපන නිෂ්පාදනයේදී මේවා යොදාගනු ලබන මුත් දුර්ලභ ශාකයකි.

කුඩු කරගත් කොකුම් පොතු මුදවපු කිරි (යෝගට්) සහ මී පැණි සමඟ මිශ්‍ර කර සතියකට වරක් ආලේප කිරීම මඟින් ලප කැළැල් ඉවත්වී පැහැපත් සමක් ලැබේ.

කුරුලෑ ඇතිවිට කොකුම් පොතු කුඩු පිනිදිය සමඟ ආලේප කිරීම ඉතා සුදුසුය. සබන් පිළිබඳ දැනගැනීමට පෙර අතීතයේදී භාවිතා කර ඇති බව පොතපෙතහි සඳහන් වේ. මෙහි භාවිතයට ගන්නේ කදෙහි පිටපොත්තය.

කෝමාරිකා ඖෂධයක් වශයෙන් යොදාගත හැකි අවස්ථා

කෝමාරිකා මදය හිසකෙස්වල හොඳින් තවරා මිනිත්තු 10ක ට පසු සිසිල් දියෙන් සෝදා හරින්න. මෙය නිතර නිතර කරන විට දීප්තිමත් කළු පැහැ කෙස් කලඹක් හිමිකර ගන්නට පුළුවන.

කෝමාරිකාවල ඇති ගුණ

තුන්දොස් සමනය කරයි. ශීතලයි. ඉදිමුම, දැවිල්ල නැති කරයි. තුවාල ගොඩකරන අතර බඩගින්න නැති කරයි. ආහාර දිරවීමට උදව් කරන අතර ලේ පිරිසුදු කර අක්මාවේ ක්‍රියා දියුණු කරයි. මූත්‍රා කාරකයි. වේදනාව සමනය කරයි.

උපදෙස්

සුදීපා සුගතදාස

වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධන

ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.