ඔසු ගුණයෙන් සහ පෝෂණ ගුණයෙන් පිරිපුන් දියහබරල

අප්‍රේල් 5, 2019

‘දිය හබරල’ යනු ඖෂධීය මෙන්ම ආහාරමය වශයෙන් බොහෝ සෙයින් වැදගත් වන ජලජ පැළෑටියකි. ජලාශි‍්‍රත වගුරු බිම්වල ආක්‍රමණකාරි ලෙස වැවෙන කුඩා ජලජ ශාකයක් වන අතර මෙය බොහෝ ගම්බද ජනතාව සිය එදිනෙදා ආහාරවේල සමඟ ඉඳහිටවත් ව්‍යංජනයක් ලෙස හෝ පලා මැල්ලුමක් වශයෙන් හෝ උපයෝගී කරගනු ලබයි.

මෙය ජලජ ශාකයක් වන්නේ මෙහි ස්වභාවික රෝපණය සහ වර්ධනය ජලාශි‍්‍රතවම සිදුවන බැවිනි. තවද කුඹුරුවල අස්වැන්න නෙළා ගැනීමෙන් පසු නැවත සීසා පෝරු ගා වී ඉසීමට පෙර පුරන්වූ වෙල්යායන් පුරාවටම වර්ෂාවෙන් පිරීගත් ජලය මතුපිට මෙම පැළෑටියේ කොළ, දඬු, සහ මල් ඉල්පී තිබෙනු දැකිය හැකිය. එසේම කුඹුරු අසල නියර අයින්වලද මෙම දිය හබරල පඳුරු සරු ලෙස වැවී තිබෙනු දැකිය හැකිය. එබඳු අවස්ථාවල නැවත කුඹුරු වැපිරීමට පෙර මෙම දිය හබරල පඳුරු වශයෙන් ගලවා ගෙන ආහාර පිණිස සකස් කරගනු ලබයි.

මේ අතර දියහබරල පැළෑටිය විශේෂයෙන් පහතරට ප්‍රදේශවල වැව්, පොකුණු, ගංගා, ඇළ දොළ ආශි‍්‍රතව සුලභ ලෙස දැකිය හැකි වන අතර මෙම පැළෑටියේ ආක්‍රමණකාරි වර්ධන විලාසය නිසා ජලය ආශි‍්‍රත ප්‍රදේශ පුරා වේගයෙන් පැතිරීමෙන් අනවශ්‍ය ශාකයක් ලෙස සලකා ස්වභාවික පරිසරවලින් ඉවත්කරලීමේ තර්ජනයට මුහුණ පා ඇත.

විශේෂයෙන් කුඹුරුවල තිබෙන වල් පැළෑටි මර්දනයට නොයෙක් වල්නාශක බෙහෙත් වර්ග ඉසීමේදී මෙම දියහබරල ශාකයන්ට ඒවා පහසුවෙන් උරා ගන්නා නිසා ආහාරයට මෙන්ම ඖෂධ නිෂ්පාදනයට මේවායේ ඇති දිය හබරල යොදා ගැනීම පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත් වේ.

කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.