2024.05.06 සඳුදා - ලග්න සහ රාහු කාලය

මැයි 6, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 07.28 - 09.08
සුබ දිශාව - උතුර

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වගකීම් බහුල වන කටයුතු කීපයක් යෙදේ. පවුලේ ගැටලුකාරී බවක් මඟ හැරී යයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.

වෘෂභ

අවිවේකී බවක් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. තැන තැන ඇවිදිලි වැඩිකරන දිනයකි. වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

මිථුන

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරන දිනයකි.

කටක

නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරන කටයුතු කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

සිංහ

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපාන බවක් පෙනේ. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන දිනයකි.

තුලා

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

වෘශ්චික

හිතුමතයට කටයුතු සිදුකිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. යටපත් වූ උගුර ආශි‍්‍රත ආබාධයක් නැවත මතු කරන දිනයකි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ප්‍රමාද වූ සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. විශේෂ කෙනකුගේ ඇසුරට අවස්ථාව සැලසේ.

මකර

ගතට සිතට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කුම්භ

වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. පැවැති අවහිරතා කීපයක් මඟහරවා ගැනීමට හැකිවන දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි. අසල්වැසි සුහදතාවයට හේතු ඇති කරන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.