2024.05.09 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

මැයි 9, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.55

ඉර බැසීම - ප.ව. 06.19

රාහු කාලය - දවල් 01.40 - 03.13

සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අමතර ලැබීම් සහිත දිනයකි. එහෙත් පවුලේ් වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇත.

වෘෂභ

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි. අතහැර දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කරයි.

මිථුන

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.

කටක

නැති වූ දෙයක් නැවත හිමි කරයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන බවක් පෙනේ. දරුවකුගේ ඉදිරි දියුණුවක් පිළිබඳ සැලසුමක් සකස් කරයි.

සිංහ

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොකරයි. ඥාතීන් අතර සිත් අමනාපයක් ඇති කරයි.

කන්‍යා

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පැවැති උදාසීන ගති පැවැතුම් මඟහැරී යන දිනයකි.

තුලා

මෙතෙක් පැවැති අවිවේකී බවකින් නිදහස උදා කරයි. නිතර තම රූපාලංකාරය පිළිබඳ වෙහෙසන බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

වෘශ්චික

හිතුමතයට කටයුතු කීපයක් සිදු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

ධනු

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. පැවැති ශාරීරික අපහසුතා කීපයක් මඟහැරී යයි. උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදුකරන දිනයකි.

මකර

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන බවක් පෙනේ. දරුවකු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කුම්භ

වගකීම් බහුල කරයි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි යොමුවන බවක් පෙන්නුම් කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. සිතේ සතුටට කරුණු ඇති කරයි.

මීන

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. හදිසි භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. දානමය කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට සිදුවෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.