හදවතේ රහස් පෙන්වන මුහුණ

අගෝස්තු 16, 2019

නාසයේ අග හෝ පුරුෂයෙකුගේ නම් දකුණු කම්මුලේද ස්ත්‍රියෙකුගේ නම් වම් කම්මුලේ උපන් ලප පිහිටීම වාසනාවන්ත ලක්ෂණයක් ලෙස ගණන් ගැනෙනු ඇත.

මනුෂ්‍යයාගේ පෞරුෂය ගැන සැලකීමේදී දේහ කාය ශක්තිය මානසික චින්තනය හා චර්යාවන් විනිවිදව පෙන්වන කැඩපතක් ලෙස හැඳින්විය හැකි මුහුණින් ඕනෑම කෙනෙකුට ආවේණික වූ චරිත ලක්ෂණ පිළිබිඹු කර දිය හැකිය. එනම් වංක,අවංකබව, දැනුම, බුද්ධිය, වාසනාව හෝ අවාසනාව , මෝඩ හෝ කපටි බවද හදවතේ ඇත්නම් ඒ බව මුහුණින් හෙළිවිය හැකි බව ඔබ දන්නවාද? ජීවිත කාලය තුළදීම මිනිසුන් ආශ්‍රයෙන් ඔවුනොවුන්ගේ ගති පැවතුම් වලින් පෙන්නුම් කරන අත්දැකීම් ඇති බුද්ධිමතුනට කෙනෙකු ගේ මුහුණ දෙස බැලීමෙන් මෙබඳු ගතිපැවතුම් පවතින අයෙකු බව යම් පමණකට තීරණය කිරීමට පුළුවන.

එසේ හැකියාවක් ඇතිව යමෙකු උපදින්නේ සංසාරික පුරුද්දකට අනුව දියුණු තියුණු කරගෙන එන ලද ප්‍රඥා මහිමයේ බලපෑම අනුවයැ. මෙවන් තත්වයක් යටතේ අධිමානසික චෛතසික බලයකින් කෙනෙකුගේ චරිත ලක්ෂණ, වාසනාව, අවසනාව, ගැන ගන්නා තීරණ හුදෙක් පුද්ගල බද්ධය, ආත්මගතය. එනමුදු ඡ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව මෙන්ම දේහ ලක්ෂණ විද්‍යාව අනුසාරයෙන් පුද්ගලයෙකුගේ ගති පැවතුම් චර්යාවන් හා වාසනාව අවාසනාව නිවැරැදිව ප්‍රකාශ කළ හැකියැ.

යමෙකුට අකීකරු දළව පිහිටන කෙස් කළඹක් පිහිටියේ නම් ඔහු හෝ ඇය දරුණු හිතක් ඇති එඩිතර බවෙන් යුතු දයාව,අනුකම්පාව ,හදේ තෙත්බව නොමැතිකම යන මෙම ගතිගුණ ඇතිවීම වැළැක්විය නොහැකි වේ. රැළි ගැසුණු බොකුටු කෙස් ඇති උදවියගේ සිත මෘදුය. අන්‍යයන්ගේ අදහස් උදහස් සොයාබලා, කටයුතු කරන අය වෙති. කෘත්‍රිම ලෙස හිසකේ රැළිගන්වන අයට මෙකී ගුණ නොපිහිටියි. මද වශයෙන් කෙස් ඇති අය උසස් චින්තන ඇති උදවිය වේ. මෙවැන්නෝ බොහෝ විනෝදකාමී උදවිය වේ. හිසකේ සිනිඳුවූද මුහුණේ හැඩයට ගැළපෙන සේ ජීවිතාර්ථයක් ඇතිවන සේ කොණ්ඩය පීරීම කලාත්මක අංශයට නැඹුරුවූද සිතුවිලි අතින් දියුණු තියුණු වූ සිතුවිලිවල පැවැත්මක්ද හෙළි කෙරෙනු ඇත. වනිතාවකට දිගු කේෂ කළාපයක් තිබීම වාසනාවන්ත බවේ සංකේතයක් ලෙසට සැලකිය හැකියැ. යමෙකුගේ ඇස් දීප්තිමත්ව පැහැදිලිව කාන්තිමත්වූ ස්වභාවයක් පවතීද ස්ත්‍රියෙකුගේ වේවා පුරුෂයෙකු හෝ වේවා තියුණු බුද්ධිමත් බව සැහැල්ලු ජීවිතය සහ වාසනාවන්ත බව කියාපායි. එනමුත් ඇස්වල දුඹුරු වර්ණය කැලඹුණු ස්වභාවයෙන් මානසික චෛතසික වශයෙන් ලබන පීඩා ජීවත්වීමට ගනු ලබන දැඩි ආශාව ,ආයාසය පෙන්නුම් කරනු ලැබේ. අතිධාවන කාමභෝගී ජීවිත ගත කරන උදවියගේ ඇස් ස්වභාවයෙන්ම මඳ රත් පැහැතිව ඇත. සුදු ඉංගිරියාව පවතින සියුම් රත්පැහැතිවූ ලේ නහර මතුවූ ස්වභාවයක් ගනු ඇත. එහෙත් නෂ්ඨකාම, ශ්වේත ප්‍රදර වැනි රෝග පීඩා නිසා හෝ රක්තහීනතාවය නිසා ඇස්වල යට ඇහිබැම වටේට කළුතලා වැටුණු ස්වභාවයක් ඇතිවනු ලැබේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.