සුබ නැකැතින් ගමන් යන්න සපල වේය කටයුතු මැනැවින්

අප්‍රේල් 12, 2024

පැරැණි මිනිසුන් තුළ තිබුණ විශ්වාස හා සම්ප්‍රදායන් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට කෙතරම් උපකාරි වුණාද? මේ අතරින් නැකැත් බලා ගමන් බිමන් යොදා ගැනීම එහි සාර්ථකත්වයට මූලික වූ ප්‍රධාන කරුණක් ලෙස යොදා ගත හැකිය. මේ නැකැත් අනුව තමන්ගේ ගමන සුබාසුබ තීරණය කිරීමට ඔවුහු පුරුදුව සිටියහ.

වෙන කවරදාකටත් වඩා බහුල ලෙස අද දවසේ අප අතර ගමන් බිමන් යෙදී ඇත. කෙසේ වුවත් නැකැත් 27ක් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව තිබෙන අතර සෑම දිනකම මේ නැකැත් හෝරාවෙන් හෝරාවට වෙනස්වී ගමන් කරයි. කිසියම් කාර්යයකදී හමුවන නැකැත තිබෙන වේලාවට අනුව සුබාසුබ ප්‍රතිඵලද වෙනස් වේ. නැකැත් 27ක් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ඇත. සෑම දිනකම අප ගමනක් යනවිට මෙයින් කුමන හෝ නැකතක් උදාවී පවතී. මේ නැකැත් 27න් කොටසක් ශුභය කොටසක් අශුභය. ශුභ නැකැතකින් ගමනක් පිටත්වූ විට ශුභ ප්‍රතිඵලද අශුභ නැකැතකින් ගමන පිටත් වූ විට අශුභ ප්‍රතිඵලද ලැබේ. ගමන් යෑමට ශුභ අශුභ නැකැත් මොනවාදැයි විමසා බලමු.

අස්විද නැකැතින් ගමන් ගියේ නම් ඔහුට ධන හානි කරයි. බෙරණ නැකැතින් ගමන් ගියේ නම් සොර භය සහ අදහස් ඉෂ්ට නොවේ. කැති නැකැතින් ගමන් ගියේ නම් අදහස ඉටු නොවේ. රෙහෙණ නැකැතින් ගමන් ගියේ නම් ආහාර ලැබේ. මුව සිරස නැකැතින් ගමන් ගියේ නම් ආහාර ලැබේ. අද නැකැතින් ගමන් ගියේ නම් අදහස් ඉෂ්ට නොවේ. පුනාවස නැකැතින් ගමන් ගියේ නම් තමාගේ කරුණු ඉෂ්ට වේ. පුෂ නැකැතින් ගමන් ගියේ නම් කරුණු ඉෂ්ට වේ. අස්ලිස නැකැතින් ගමන් ගියේ නම් තමන්ගේ නෑයින් විරුද්ධ වේ. මා නැකැතින් ගමන් ගියේ නම් ගිය කරුණු ඉතා සාර්ථක ලෙස ඉෂ්ට වේ. පුවපල නැකැතින් ගමන් ගියේ නම් ගිය කරුණු ඉතා සාර්ථක ලෙස ඉෂ්ට වේ. උත්‍රපල නැකැතින් ගමන් ගියේ නම් තමන්ගේ කරුණු ඉතා සාර්ථක ලෙස ඉෂ්ට වේ. හත නැකැතින් ගමන් ගියේ නම් කරුණු ඉෂ්ට වේ. සිත නැකැතින් ගමන් ගියේ නම් සොරභය සහ අදහස් ඉෂ්ට නොවේ. සා නැකැතින් ගමන් ගියේ නම් මදක් අලාභ සිදුවේ. විසා නැකැතින් ගමන් ගියේ නම් දුප්පත් වේ. භයක් ඇතිවේ. අනුර නැකැතින් ගමන් ගියේ නම් යහපත් ප්‍රතිඵල ලැබේ. දෙට නැකැතින් ගමන් ගියේ නම් සොරභය පැමිණේ. මුල නැකැතින් ගමන් ගියේ නම් වස්තු ලැබේ. පුවසල නැකැතින් ගමන් ගියේ නම් සොරුන්ගෙන් පීඩා ඇති කරයි. උත්‍රසල නැකැතින් ගමන් ගියේ නම් ඉතා පුදුමාකාර ප්‍රයෝජන ලැබේ. සුවන නැකැතින් ගමන් ගියේ නම් නඩු හබ ආදියෙන් ජය ලැබේ. දෙනට නැකැතින් ගමන් ගියේ නම් සියලුම දෙය නැති වේ. සියාවස නැකැතින් ගමන් ගියේ නම් මධ්‍යම ලාභයක් ගෙන දෙයි. පුවපුටුප නැකැතින් ගමන් ගියේ නම් අඩක් කාර්ය සිද්ධ වේ. උත්‍රපුටුප නැකැතින් ගමන් ගියේ නම් කාර්ය සිද්ධවේ. රේවතී නැකැතින් ගමන් ගියේ නම් රන් රිදී මුතු මැණික් ආදී වස්තු ලැබේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.