විවාහයට පෙර ඔබ දැන සිටිය යුතුම තොරතුරු

විවාහයට සුදානම් වෙන්න කලින් අනිවාර්්‍යයෙන්ම මේ තොරතුරු කියවලා බලන්න.
ජුනි 19, 2020

හඳහන් ගැලපීමෙන් විවාහ වීමට සුදුසු සහකාරිය සහකරුවා තොරාගැනීම අපේ සම්ප්‍රදායික සිරිතයි. එහිදි සිදු කෙරෙන්නේ පොරොන්දම් ගැලපීමක්. පොරොන්දම් 21න් අවශ්‍යම වැදගත්ම පොරොන්දම් සාර්ථකව ගැලැපීම තුළින් සාර්ථක විවාහ ජීවිතයක් ගෙවිය හැකි බව අපේ සමාජයේ මුල සිටම පවතින මතයයි. එහි කිසිදු වරදක් නැතත් 21 වෙනි සියවසේ වෙසෙන බොහෝ විවාහක පවුල් දැඩි වියවුලෙන් ලතැවුලෙන් ගත කරන බවත් ඔබටත් මටත් නොරහසක්. ඒ නිසාම අද කාලයට ගැලපෙන තොරතුරු කිහිපයක් ගැන ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

ඡ්‍යොතිෂය හෝ එහි පොරොන්දම් ගැලපීමේ හොඳ නරක හෝ පිළිබඳ කිසිදු විවේචනයක් නොකරමින් ලියන මේ තොරතුරු  ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වන බව අපගේ හැඟීමයි.

ඥාති සබඳතාව...

අපේ රටේ බහුලවම දකින්නට තියෙන දෙයක් තමයි ඥාතින් අතර කෙරෙන විවාහ විම්. බොහෝ විට බොහෝ දෙනා තමන්ගේ සහකරුවා සහකාරිය සොයාගන්නේ ජීවත් වන වටපිටාව අවටින්මයි. ලංකාවේ තත්වය ගත්තොත් ගම් ආශ්‍රීතව ජීවත් වන බොහෝ පවුල් කොහෙන් හරි ළග සම්බන්ධකම් තියෙන ඥාතින්.. මේ නිසා ගම්බදව බොහෝ තරුණ තරුණියන් අතර සිද්ධ වන්නේ ඥාති සබඳතා සහිත විවාහ..

ඒත් මේ තත්වය ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඊට හේතුව තමයි ජානමය වශයෙන් පරම්පරා අතර පවතින රෝග පැතිර යාමේ අවධානම” ඥාති සබදතා ඇති විවාහ වලින් උපදින දරුවන්ට වැඩි වශයෙන් බලපෑම. යම් පවුලක ජානමය වශයෙන් යම් රෝග තත්වයක් තියෙනවා නම් එම පවුලේම දෙදෙනෙකු විවාහ වෙද්දී එම ජානමය රෝගි තත්ව උපදින දරුවන්ට බලපානවා.

විවාහය සඳහා තෝරා ගන්නා සහකරු හෝ සහකාරිය ඈත ප්‍රදේශයක වෙනත් වර්ගයක වෙන තරමට හොඳයි. එවැනි පවුල් වලට බොහෝ විට උපදින්නේ ඉතාමත් සෞඛ්‍ය සම්පන්න, බුද්ධිමත් දරුවන්, උදාහරණයක් විදිහට කළු සහ සුදු ප්‍රජා දෙකක මිශ්‍රණයකින් බිහිවුණු මොහොමඩ්ඞ්අලී ගැන සඳහන් කරන්න පුළුවන්. ඔබ දන්නවාද ඇමෙරිකාවේ සමහර ප්‍රාන්ත වල එකම අත්තම්මාගේ සහ සීයාගේ මුණුබුරු මිනිබිරියන් විවාහ වීම නීති විරෝධියි.

ලිංග සබඳතාව

විවාහයට කලින් බොහෝ තරුණ තරුණියන් ලොකු බියක් ඇති කරගන්නේ ලිංගය සම්බන්ධවයි. සමාජය විසින් රෝපණය තර තිබෙන ඇතැම් වැරැදි මත නිසා හිතේ බයටම ජීවිත කාලය පුරාම විවාහ නොවි ඉන්න අයත් ඉන්නවා. ඒ අතර පිරිමි ළමයි ප්‍රධානයි.

අප අතර ජීවත් වන පිරිමි ළමුන් අතරින් විශාල පිරිසක් තමන්ගේ ලිංගයේ ප්‍රමාණය පිළිබඳව තැවෙමිනුයි ජීවත් වෙන්නේ. හොඳට මතක තියාගන්න තෘප්තිමත් ලිංගික ජීවිතයක් සඳහා බලපාන ප්‍රධානම හාස්කම ලිංගේන්ද්‍රියේ ප්‍රමාණය නෙමෙයි.

බොහෝ යුවතියන් හිතන්නේ ප්‍රථම එක්වීමේදි අධික වේදනාවක් දැනෙනවා කියලයි. සමාජය විසින් ඔවුන් තුළ ගොඩනඟා ඇති ආකල්පය වන්නේ කන්‍යා පටලය බිඳී යාමේදි අධික වේදනාවක් සමඟ රැධිරය විශාල වශයෙන් වහනය වෙනවා කියලයි. ඒත් හොදට මතක තියාගන්න ඒ සියලු මත ලිංගික එක්වීම පිළිබඳ කිසිදු වැටහීමක් නොමැති අයගේ පුරසාරම්.  මේ එකකටවත් රැවටෙන්න එපා. විවාහයේදි සිදුවෙන ප්‍රථම එක්වීමත් අනෙකුත් සාමාන්‍ය ස්වාභාවික සිදුවීම් වගේම ඉතාම සරල එසේම සුන්දර සිදුවිමක් පමණක් බව වටහා ගන්න.

උස ප්‍රමාණය

මේ පොරොන්දම බලපාන්නේ විශේෂයෙන්ම කාන්තාවන්ට. ඔබ පිරිමි ළමයෙක් නම් විවාහය සඳහා තමන් තෝරා ගන්නා සහකාරියගේ උස පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. මොකද අඩි හතරයි අඟල් 10 ට වඩා උසින් අඩු කාන්තාවන්ට සමහර විට දරු ප්‍රසූතියේදි ගැටලු ඇති වෙන්න පුළුවන්. දැනටමත් ඔබ තෝරාගෙන ඇති සහකාරිය ඔය කියන උස ප්‍රමාණයට වඩා පහළ අගයක නම් ඉන්නේ විවාහයෙන් පසු දරු ප්‍රසුතිය සඳහා සුදානම් වෙද්දී විශේෂඥ වෛද්‍ය උපදෙස් වලට අනුව ක්‍රියා කරන එක ඉතාම යහපත්. විශේෂයෙන්ම මිටි කාන්තාවන්ට ලැබෙන දරුවන්ගේ උනත් වර්ධනය හීන වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් අඩු වයසින් දරුවන් බිහි වෙන්න පුළුවන්. 

අප්‍රාණිකත්වය

විශේෂයෙන්ම පිරිමි ළමුන් ලිංගික අප්‍රාණිකත්වය නිසා හිතින් දුක් විදිමින් ජීවීත කාලයම තනිව ගෙවන අවස්ථා ඕනතරම් තියෙනවා. ඒත් එහෙම හුදෙකලාව ජීවත් වෙන සතුටට පත්විය හැකි තියෙනවා. 

ඒත් ඔබ දන්නවාද? බොහෝ ලිංගික අප්‍රාණිකත්වයන් සුළු ප්‍රතිකාර මගින් සුව කරන්න හැකිය කියන එක.

ඔබට ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා කියලා දැනෙනවා නම් ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී සාකච්ඡා කරන්න. ඔබේ ගැටළුව පෞද්ගලිකව කතා කරන්න වෛද්‍යවරු මැලි වෙන්නේ නැහැ. වෛද්‍යවරයෙකු සමග මෙවන් ගැටලු කතා කරන්න ලැජ්ජා වෙන්න ඕනත් නැහැ.

සමහර විටක ඔබට තියෙන්නේ මානසික ගැටලුවක් මිසක් සෑබෑ ලිංගික ගැටළුවක් නෙමෙයි වෙන්න පුළුවන්. එහෙම ගැටළුවක් තිබුණත් ඒ සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර සහ ඊට ඖෂධ අද ඕන තරම් තියෙනවා. මේ සඳහා ප්‍රතිකාර ගත යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් පමණයි.

ඊට අමතරව පිරිමි ළමුන්ට තියෙන තවත් ගැටලුවක් තමයි ක්‍ෂණ්ික මෝචනය. ක්‍ෂණික මෝචනය කියන්නේ සෑබෑ වශයෙන්ම රෝගයක් නෙමෙයි. බොහෝ දෙනාට මුල් කාලයේදි විරුද්ධ ලිංගිකයා කෙරෙහි ඇති ආශාව වැඩිකමට ක්‍ෂණික මෝචන තත්වයන් ඇති උනත් පසුව එය සුව අතට හැරෙනවා. ඒ නැතත් සුළු ප්‍රතිකර්ම කිහිපයක් මගින් ඒ තත්ව නිට්ටාවටම සුව කරගන්න පුළුවන්.

මේ සඳහා වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න යද්දි තනියම යනවාට වඩා සහකාරියත් සමග යාම වඩාත් හොඳයි. ලැජ්ජාවට ලෙඩ හංගගෙන ඉඳලා ජීවිතේම අපා දුක් විඳීය යුතු නෑ.

කන්‍යාභාවය

අපේ කාන්තාවන්ගෙන් 90%‍ කටත් වඩා විවාහයට කලින් ලොකු බියකින් පසුවන්නේ තමන්ගේ කන්‍යා පටලය පිළිබඳව. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.