ඡ්‍යොතිෂය, බුදු දහම වෘක්ෂලතා අතර සබැඳීයාව

දෙසැම්බර් 18, 2020

ඡ්‍යොතිෂයත්, බුදු දහමත්, වෘක්ෂලතාත් අතර ඇත්තේ නොබිඳෙන නොමැකෙන පෞරාණික සම්බන්ධයකි. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන මූලික හා වැදගත්ම සංදිස්ථාන තුනටම වෘක්ෂයේ සම්බන්ධයක් විය. මානව වංශ කතාවෙහි දුර ඈත අතීතයේ සිටම ග්‍රහ වස්තූන් හා මිනිසා අතර පැවති සබැඳියාවත්, බෞද්ධ දර්ශණය හා ඡ්‍යොතිෂයත් අතර ඇති වෘක්‍ෂලතාවන්හි පවතින දැඩි සබැඳියාවත් මනාව පැහැදිලි කිරීම මෙම ලිපියේ මූලික අරමුණ වෙයි. සිදුහත් තවුසානන්ට බුදු බව ලබන්නට සෙවණ දුන් දඹදිව ඇසතු බෝ වෘක්‍ෂයේ දකුණු ශාඛාව වූ ශ්‍රී මහා බෝධින් වහන්සේ ලිඛිත ඉතිහාසයක් ඇති ලොව ඉපැරණිම වෘක්‍ෂය ලෙස හඳුන්වයි.

 

සංඝමිත්තා තෙරණිය විසින් මෙරටට වැඩම කරවා දෙවන පෑතිස් රජුගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහමෙවුනා උයනෙහි රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බොදු බැතිමතුන්ගේ මුදුන් මල් කඩකි. අතීතයේ දී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ හිමි තැනැත්තා රටෙහි රජු ලෙස සැලකූ අතර, උන්වහන්සේ දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීමට එකල සිට පාලකයින් ක්‍රියා කළහ.

වංශකතා වල සඳහන් පරිදි ජය ශ්‍රී මහා බෝ පැළයේ ආරක්‍ෂාවට එය රෝපණය කරන අවස්ථාවෙහි ගල් පතුරු වලින් එය වට කර ආරක්‍ෂාව සැලසු බව සඳහන් වෙයි.

පරසතුරු ආක්‍රමණ සිදු වූ කාල පරිච්ජේදය තුළ සඟමිත් තෙරණිය සමඟ මෙරටට පැමිණි 18 කුලයක පිරිස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැකගත් බවත් පසුව කීර්ති ශ්‍රී රාඡසිංහ (1747-1781) යුගයේදී බෝපත් කෑමට එන වල් අලින්ගෙන් එය ආරක්‍ෂා කර ගැනීමට උසින් අඩි සොළොසක් වන පළල අඩි දෙසීය හැත්තෑවක්ද දිග අඩි තුන්සිය හැටකින් හා කවුළු තුන්සිය පනහකින්ද යුත් සුවිසල් ගල් ප්‍රාකාරයක් තනවන ලදී. එය අදටත් දැකිය හැකිය.

ඉහත දැක්වූ ආකාරයට සම්බුද්ධ ශාසනය තුළ බෝ ගස සඳහා හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අප ගෞතම සම්මා සම්බුදුරඡානන් වහන්සේ සියලු කෙලෙසුන් නසා ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූයේ දඹදිව පිහිටි ශ්‍රී මහා බෝධිමූලයේදීය. මෙම හේතූව නිසා ආගමික වතාවත් අතරින් බෝධි පූජාව බෝධි වන්දනාව අටවිසි බෝධි වන්දනාවට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. සම්බුද්ධ ධර්මයේ සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේලා විසි අටක නම් සඳහන් වන අතර, එම සියලු බුදුවරුන් බුද්ධත්වය ලබා ඇත්තේ අනේක විධ වූ ශාක මූල අභියසය. මෙම ශාක අටවිසි බෝධීන් ලෙස බෞද්ධ ව්‍යවහාරයේ සඳහන්ව ඇත.

මීට අමතරව අප සැවොම මෙලොව එළිය දකින වේලාව අනුව සැකසෙන ජන්ම පත්‍රයේ ඇති නැකැත් සමගින් ඇති නැකැත් 27 ද ඡ්‍යොතිෂයේදී අදාළ වන ශාකයන් දක්වා ඇත. එම නිසා ශාකයේ අති ප්‍රබල වැදගත්කම අපට මැනව්න් වැටහේ. පෙර ඉසිවරු විසින් ඡ්‍යොතිෂයේ මූලිකාංග වන නවග්‍රහයන්ට, නැකැත් 27 ට හා විවිධ ආනිසංසයන්ට හිමි ශාක ඉතා මැනවින් දක්වා ඇත.

 

අටවිසි බෝධින් සත්විසි නැකැතට අයත් වෘක්‍ෂ

 

1) තණ්හංකර බුදුරජාණන් වහන්සේ රුක්අත්තන අස්විද ගොඩකදුරු

2) මේධංකර බුදුරජාණන් වහන්සේ කෑල බෙරන නෙල්ලි

3) සරණංකර බුදුරජාණන් වහන්සේ පළොල් කැති අත්තික්කා

4) දීපංකර බුදුරජාණන් වහන්සේ පළොල් රෙහෙණ මාදං

5) විපස්සි බුදුරජාණන් වහන්සේ නෙල්ලි මුවසිරස කළුවර

6) කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ සල් අද කිහිර

7) වෙස්සභූ බුදුරජාණන් වහන්සේ සල් පුනාවස උණ

8) මංගල බුදුරජාණන් වහන්සේ නා, පුෂ, බෝ

9) සුමන බුදුරජාණන් වහන්සේ නා අස්ලිස දොඹ

10) රේවත බුදුරජාණන් වහන්සේ නා මා නුග

11) සෝභිත බුදුරජාණන් වහන්සේ නා පුවපල් කෑල

12) අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ කුඹුක් උත්‍රපල් ඇටිකෙහෙල්

13) පියදස්සී බුදුරජාණන් වහන්සේ රුක් හත දිවුල්

14) පදුම බුදුරජාණන් වහන්සේ මුරුත සිත බෙලි

15) නාරද බුදුරජාණන් වහන්සේ මුරුත සා කුඹුක්

16) පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හොර විසා සපු

17) සුමේධ බුදුරජාණන් වහන්සේ බක්මී අනුර මූණමල්

18) සුඡාන බුදුරජාණන් වහන්සේ උණ දෙට වැටකේ

19) අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ සපු මුල ඉඹුල්

20) ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ රත්කරව් පුවසල ගෝපලු

21) සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ කිනිහිරිය උත්‍රසල කොස්

22) තිස්ස බුදුරජාණන් වහන්සේ ගම්මාලු සුවන වරා

23) ඵුස්ස බුදුරජාණන් වහන්සේ පළොල් දෙනට සමදරා

24) සිඛි බුදුරජාණන් වහන්සේ ඇටඹ සියාවස කොළොන්

25) කකුසඳ බුදුරජාණන් වහන්සේ කිරිපළොල් පුවපුටුප මී අඹ

26) කෝණාගම බුදුරජාණන් වහන්සේ අත්තික්කා උත්‍රපුටුප කොහොඹ

27) කස්සප බුදුරජාණන් වහන්සේ නුග රේවතී මී

28) ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසතු නොහොත් බෝ

 

ඡ්‍යොතිෂයේදී එක් එක් දිශාවන් සඳහා සුබ අසුබ වෘක්‍ෂ දක්වා ඇති අතර, දිශා පිළිබඳ අගනා විවරණයක් කරන බෞද්ධ දර්ශනය තුළ සිඟාලෝවාද සූත්‍රයෙහි මෙම දිශාවන් පිළිබඳ මැනවින් දක්වා ඇත. අද අප බොහෝ විට සුබ කටයුතු අරඹන්නේ සුබ දිශාවකිනි. පහත දැක්වෙන්නේ ඒ ඒ ප්‍රධාන දිශාවන්ට සුබ අසුබ ශාකයන් වෙයි.

 

ප්‍රධාන දිශාවන්ට අයත් සුබ හා අසුබ වෘක්‍ෂ

 

දිශාව සුබ අසුබ
උතුර  පුලිල අත්තික්කා
දකුණ අත්තික්කා  පුලිල
නැගෙනහිර නුග බෝ
බටහිර බෝ නුග

 

නව ග්‍රහයින්හට අදාළ වෘක්‍ෂයන් පෙර ඉසිවරු විසින් ඡ්‍යොතිෂයේදී දක්වා ඇති අතර, නවග්‍රහ අපල ඇති විට එම ශාක වලට සාත්තු කිරීමෙන් එම අපල උපද්‍රව දුරු කර ගත හැක. එසේම රුක්රෝපනය ද මෙම ආත්ම භාවයේ මෙන්ම මතු ආත්ම භාවයන්හිදී ද සුව විවරනයක් හා සැපවත් ජීවිතයක් ලබා ගැනීම සඳහා ඡ්‍යොතිෂයේ පෙන්වා දී ඇති මහඟු සත්කාරයකි.

නවග්‍රහයින්ට අදාළ වෘක්‍ෂ විවිධ ආනිසංසයන් හිමි ශාක

රවි - ඉඹුල් බෝ සැප සම්පත් හා දියුණුව

සඳු - දිවුල් අශෝක දුක් දොම්නස් පහ වෙයි

කුජ - කොළොන් කොහොඹ ජීවය සැපවත් වෙයි

සිකුරු - මගුල් කරඳ කෑල පිහිට ආරක්‍ෂාව ලැබෙයි

බුධ - කොහොඹ බෙලි පිං රැස් වෙයි

ගුරු - බෝ පළොල් සුගතිගාමී වෙයි

ශනි - නුග ඇට්ටේරිය මතු භවයේ සැප ලබයි

රාහු - වැටකේ දෑ සමන් දෙවියන්ගේ පිහිට ලැබෙයි

කේතු - කෙසෙල් බුළු මෙහෙකරුවන් ලබයි

මූනමල් දැසි දසුන් ලබයි

වරු සූර්යාගේ පිහිට ලැබෙයි

දඹ දෙව්ලොව සැප ලබයි

 

ශාක සමඟ ඉතා සමීප මිත්‍රශීලී ජීවිතයක් ගත කළ මිනිසා එහි ප්‍රතිඵයක් ලෙස ගස් වැල් සම්බන්ධව විවිධ මතිමතාන්තර දැරූ අතර, පරම්පරා ගණනාවක් ඔස්සේ අදට ද එම වටිනා කරුණු නොනැසී පවතී. පහත දැක්වෙන්නේ දෙවියන් හා ශාක සම්බන්ධ වට්නා සාම්ප්‍රදායික අවස්ථා කීපයකි.

කතරගම දෙවිදුන් සිය දේවාලය කුඹුක් ගසක් යට පිහිටුවා ගත් බව පැවසේ. සුමන සමන් දෙවිඳුන් රාජායතන ගසින් බිහි වී ඇති බව විශ්වාස වෙයි.

පත්තිනි දේවමෑණියන් අඹ ගසකින් උපත ලබා ඇති බවට විශ්වාස වෙයි.

නවගමු දෙවොලේ නා ගසෙහි පත්තිනි සලඹ සැඟවූ බව විශ්වාසයක් පවතී.

ශක්‍රයා සිය ආසනය පියනන්දන උයනේ පිහිටි පරිජාත නම් වෘක්‍ෂය මූලයේ පිහිටුවාගෙන ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

බෙලි ගස ශ්‍රියාකාන්තාවගේ ශාකය ලෙස පිළිගැනෙන අතර, එය නිවස ඉදිරිපිට රෝපණයට සුදුසුය.

රුක්අත්තන ශාක ඇති විට එම ප්‍රදේශයේ විෂකුරු සතුන් පලා යන බවට මතයක් ඇත.

දොඹ ගස නිවස අසල තිබීම වාසනාවට හේතු වේ.

අන්කෙන්ද ගසක් ගෙවත්තක තිබෙයි නම් එම නිවැසියන්ට වා, පිත්, සෙම් රෝග ඇති නොවන

බවට විශ්වාසයක් පවතී.

මයිල ගස් හා ඊතන පඳුරු ඇති බිමෙහි ජල උල්පත් බහුලය.

නිවස ඉදිරියේ ඇති අඹ ගස් බෝවන රෝග තුරන් කරන අතර, අකුණු වළකා අසුබ තත්වයන් මඟ හැරීමෙහි ශක්තියක් ඇත.

අඳුකොළ නාගයින් පළවාහරින අතර, මදුරුතලා මදුරුවන් පළවා හරී. ඉහත දක්වන ලද උදාහරණ තුළින් අපට ඡ්‍යොතිෂයත් බුදු දහමත් වෘක්ෂලතාත් අතර, ඇති බැඳීයාව මනාව තේරුම් ගත හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.