අලිගැටපේරවලින් Pizza හදමු

මාර්තු 22, 2024

 

අලි ගැට පේර මෙරට මෙන්ම පිටරටද ඉතා ජනප්‍රිය ගුණදායක පළතුරකි. එනිසාම අලිගැට පේර මඟින් සැකසිය හැකි රසවත් ආහාර ගණනාවකි. පලතුරක් ලෙස පමණක් නොව ක්‍රීම් (Cream) සිට ටෝස්ට්,පීසා (pizza) දක්වා ද සලාද සිට ස්මූති දක්වා ද අලිගැට පේර ජනප්‍රිය ආහාරයක් ලෙස ඉහළට පැමිණේ. අලිගැටපේර ක්‍රිස්තු පූර්ව 500 දී පමණ මෙක්සිකෝවේ දී සොයා ගැනිණි. එය 19 වන සියවසේදී ඉන්දියාවට ගෙන එන ලද්දෙන් පසු ආසියාවේ ජනප්‍රිය පලතුරක් බවට පත් විය. කෙසේ වෙතත්, ඉන්දියාවේ කර්නාටක, කේරළ, තමිල්නාඩු සහ මහාරාෂ්ට්‍ර වැනි දකුණු ප්‍රාන්තවල අලි ගැට පේර වගාව විසිරී ඇත. ශ්‍රී ලංකාවේ ද අලි ගැට පේර වගාව ජනපි‍්‍රය වේ. අලිගැට පේර ප්‍රභේද 25කට ආසන්න ප්‍රමාණයක් වාණිජමය වශයෙන් වගා කෙරෙයි. අලිගැටපේර විටමින් සහ ඛනිජ ලවණ ගුණයෙන් පිරී ඇති අතර, අඩු කාබෝහයිඩ්රේට් අන්තර්ගතයක් ඇති අතර තන්තු වලින් පොහොසත් පලතුරකි.

අලිගැට පේර පරිභෝජනය විද්‍යාත්මකව ඔප්පු කරන ලද ගුණාංග රාශියක් පෙන්නුම් කරයි. මේ ගුණාංග සමහරක් පහත සඳහන් වේ. එයට ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කළ හැකි අතර පිළිකා නාශකකාරකයක් ද වේ. පාචන විරෝධීකාරකයක් වන අතරම එය හෘදයට ද ගුණදායක ආහාරයකි.

අලිගැට පේරවලින් රසවත් පීසා සාදා ගන්නා ආකාරය පිළිබඳව මෙතැන් සිට කතා කරමු.

පීට්සා ඩෝ එක සකසමු

පාන් පිටි ග්‍රෑම් 500යි

වතුර ග්‍රෑම් 300යි

ඔලිව් ඔයිල් ග්‍රෑම් 20යි

ලුණු රස අනුව

ඊස්ට් ග්‍රෑම් 04යි

සීනි ග්‍රෑම් 04යි

පිරවුම සඳහා

තක්කාලි සෝස් මේස හැදි 7-8

100G Mozarella

ලුණු රස අනුව

ගම්මිරිස් රස අනුව

බැසිල් කොළ හෝ කොත්තමල්ලි කොළ

ඉදුණු අලිගැට පේර 2

ළූණු 50 ග්රෑම්

මිරිස් කරල් එකක් හෝ දෙකක් හෝ බෙල් පෙපර්

(කොළ හෝ රතු)

ඔලිව් තෙල් හෝ තල තෙල් මේස හැදි 1ක්

කොත්තමල්ලි කොළ කිහිපයක්

සූදුරු ස්වල්පයක් (ඇගිලිතුඩු දෙකට ගත හැකි ප්‍රමාණයක්)

(පුද්ගලයන් 4 දෙනෙකු සඳහා ප්‍රමාණවත්ය)

පීසා එක සකසන ක්‍රමය

මුලින්ම ඊස්ට් වතුර ස්වල්පයකින් දිය කර ඊට සීනි ස්වල්පයක් දමා පිටි හැන්දක් පමණ දමා දියකර ගන්න. එය පිපීමට ටික වෙලාවක් තබාගන්න.

පසුව ඉතිරි පිටි ටිකට දිය කර ගත් ඉස්ට් ටික සහ ඔලිව් ඔයිල් එක්කර ලුණු ද එක්කර හොඳීන් අනාගන්න. බෝලයක් ලෙස සාදා විනාඩි දහයක් වසා තබන්න. නැවත පිටි මෝලිය හොඳීන් අනා ඔලිව් ඔයිල් ස්වල්පයක් ගාන ලද පිපීමට ඉඩ ඇති භාජනයකට දමා කපු රෙදි කැබැල්ලකින් හෝ ආහාර ආවරණය කිරීමට සුදුසු ඉටිකොළයකින් වසා උණුසුම් ස්ථානයක තිබන්න. පසුව ඔබ කැමති හැඩයේ ට්‍රේ එකකට පිපුණු පිටි මෝලිය දමා පීසා එකක් ලෙස සකස් කර එහි ඔලිව් තෙල් තවරා ඊට උඩින් තක්කාලි සෝස්, ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස්, කොටු කපාගත් මිරිස් හෝ හෝ බෙල් පෙපර් දමන්න. කොටු කපා ගත් ලූණූ, පීඩා ඩෝ එක මත පිළිවෙළට අතුරා ගම් මිරිස් කුඩු ඉස ගන්න. ඉන් පසු (පෙර රත් කර ගත් ) අවන් එකකට දමා විනාඩි 10ක් පමණ පුළුස්සා ගන්න. පීසා එක බේක් වුණු පසු ඉවතට ගෙනකොටු හැඩයට හෝ තමාට කැමැති හැඩයකට කපා ගත් අලිගැට පේර තීරුවලින් සරසා ආහාරයට පිළිගන්වන්න.

 

උපදෙස්-

යුරෝපයේ පුහුණුව ලද

ආයුර්වේද සූපවේදිනී

ඉනෝකා වේලාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.