ස්වභාවික පැවැත්ම ජීවිත පැවැත්මට යහපත්

ජූලි 5, 2019

ස්වභාවික පැවැත්මට ජීවිතය හුරුකිරීම යහපතට හේතු වේ. එමඟින් නිරෝගී ජීවිතය පරමායුෂ දක්වා ගෙනයයි. බොහෝදෙනාගේ ජීවිත බටහිර ප්‍රතිකාර මත එල්ලී තිබේ. පෙති, කරල්, ශෛල්‍ය ප්‍රතිකාර , සාමාන්‍යකරණය වී ඇත. ප්‍රතිකාර පසුපස ගිලන්වූවන් ලුහුබැඳීමට පටන්ගෙන තිබේ.

බොහෝමයක් දෙනා සුළු ශරීර වෙනසකදී පවා තැතිගැනීමට ලක්වේ. සැහැල්ලු දිවි පැවැත්මේ සන්සුන්කම අහෝසිකර ගනියි. මෙය කායික රෝගීතත්වය අතික්‍රමණ වූ මානසික ගැටලුවක් වේ. එවැන්න ආතතියේ සිට විශාදය දක්වා ගමන් කළ හැකිය.

වර්තමානයේ මිනිසා මුහුණදෙන රෝග දෙයංශයකට වර්ග කරයි. බෝවන රෝග සහ බෝ නොවන රෝග වශයෙනි. මෑතකාලීනව බෝ නොවන රෝගවලට මනුස්සයෝ බහුලව ගොදුරු වෙති. ඔවුන් වැඩිදෙනා බටහිර ප්‍රතිකාරවලට නැඹුරුවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් අසීමිත ආසියාතික ජනයා දේශීය වෛද්‍ය ක්‍රම මඟින් සුවය ලැබීය. එම ඖෂධ මුළුමනින්ම ස්වභාවික ද්‍රව්‍යයන්ගෙන් යුක්ත විය. ඒ අතර පිරිසුදු ජලය රෝග ගණනාවකට ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. ඉන්දියාව, කොරියාව, ලංකාව, චීනය හා ජපානය පාරම්පරික ඖෂධයක් ලෙස ජලය භාවිතයට ගනියි.

ජපානයේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය ජලයේ බලයෙන් රෝග සුව කරයි. නිදන්ගත හා නිදිගත නොවන රෝග සම්බන්ධයෙන් අත්හදාබලා ඇත. ඉන් 100%ට සාර්ථකව ප්‍රතිඵල ලද බව ජපන් පාරම්පරික වෛද්‍යවරු පවසති. මෙලෙස සුවය ලැබූවන් එරට සාංගමික ආයතනයක් පිහිටුවාගෙන ඇත. ඔවුන් තමන් ලද අද්දැකීම් රෝග සුවකර ගැනීම සඳහා ජනගත කරයි.

ජපන් පාරම්පරික වෛද්‍යවරු ස්වභාවික ජලයේ බලයෙන් සුවකර ඇති රෝග රැසකි. එම සුව කිරීම් පහත සඳහන් ආකාරයට වර්ග කර දක්වයි.

01.අධික රුධිර පීඩනය, වාතරක්තය, අංශභාගය, අධික හෘද ස්පන්දනය, නීරක්තය (ලේ අඩුකම ලේ ලේවල රක්තානු අඩුවීම) අතිස්ථූලතාව (තරබාරු බව)

02.උදර වාතය.අධි අම්ලතාව , මලබද්ධය, ලේ අතීසාරය, අර්ශස් , දියවැඩියාව.

03.ඇදුම, ක්ෂය රෝගය, කැස්ස, උගුරේ ආසාදනය, මොළේ උණ, උණ, අක්මාව සහ මුත්‍රාශය, සම්බන්ධ සියලු රෝග

04.අක්‍රමවත් මාස් ශුද්ධිය, සියලු ඇස් රෝග, මුත්‍රා මාර්ගයේ පිළිකා, කන් හා සියලු දත් රෝග

මෙම රෝග සුවකර ගැනීමට ජපන් පාරම්පරික වෛද්‍යවරු ජලය භාවිතකර තිබෙන ආකාරය අවබෝධකරගත යුතුය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ආචාර්ය පණ්ඩිත වෛද්‍ය
ලක්ෂ්මන් වසන්ත රුක්මාල්
ගොරකපිටිය, පිළියන්දල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.