දෑස් සුරකින හෙළ වෙදකම

පෙබරවාරි 9, 2024

දෑසට පෙනීම ලබා දීම ස්වභාව ධර්මයෙන් අප හට උරුම වන ලද අපූර්ව දායාදයකි.

වර්තමානයේ ගැහැනු පිරිමි භේදයකින් තොරව දෑසට ‘සුද’ පැමිණීම බහුලව පවතී. ඇසක පිහිටීම ගත් කල්හි එහි අඩංගුව පවතින නිර්මාණශීලි පිහිටීම ගැන විමර්ශනයක යෙදෙමු. ප්‍රථමයෙන් දක්වන ලද ඇසක අංග උපාංග මෙසේය.

ඇසේ නිර්මාණය

1.ශ්වේත ඝනය 2. රුධිර ග්‍රාහීය (කොරොයිඩ්) 3. දෘෂ්ටි විතානය 4. ස්වච්ඡ මණ්ඩලය 5. තාරා මණ්ඩලය 6. කාචය 7. සිරියලි කොටස 8. කහ ලපය 9. අගි‍්‍රධාජලධානිය 10. පශ්චිමා ජලධානිය 11.අන්ධ බින්දුව 12.දෘෂ්ටි ස්නායුව

දැන් පෙනීම ඇතිවන්නේ කෙසේදැයි අප විමසා බලමු.

ඇසට කිසියම් දර්ශනයක් (රූපයක්) හසු වූ කල්හි කෝනියා ලෙන්ස් ආදී කොටස් විනිවිද ගොස් දෘෂ්ටි විතානයට හෙවත් රෙටිනාවට ඇතුළු වනවා ඇත. ශේෂයෙන් පැහැදිලි දර්ශනය ලැබෙන්නේ “රෙටිනාවේ’ පිහිටි ‘කහතිත්’ නමින් හඳුන්වන ස්ථානයටය. දෘෂ්ටි විතානයට අරමුණ ඇතුළු වූ පසු එහි ඇති නාඩි ක්‍රියා කිරීමෙන්. එකී අරමුණ දෘෂ්ටි නාඩිය මාර්ගයෙන් මොළයට යවයි.

මොළයට අරමුණු ඇතුළු වූ පසු ඒ හා සම්බන්ධ කොටස් උත්තේජනය වීමෙන් පෙනීම ලැබෙනු ඇත. මෙකී පෙනීම ඇති කරන්නේ ඇසින් ඇතුළු වූ රූපයක් මොළයට ඇතුළු වූ රූපයන් සමඟ චිත්තයද සම්බන්ධ වීමෙනි. මේ ආකාරයට නීරෝගි කෙනෙකුට දෑස්වල පෙනීම ඇතිවනු ලබයි.

නොයෙක් හේතූන් නිසා දෑස්හි පෙනීම අඩු වීම හෝ නැති වීම ඇතිවිය හැකිය. ඒ සම්බන්ධ සාමාන්‍ය හේතු නම්,

උෂ්ණයෙන් (ගින්නෙන් හෝ හිරු එළියෙන්) තැවී පැමිණ ශීතල ජලස්නානය කරන උදවියට ඇස සුද පැමිණීම සිදු වේ.

දුර ඇති වස්තූන් දෙස නිතර දෙනෙත් යොමු කළ හොත් එයින් ද දහවල් කාලයේ නින්දට යාමෙන්ද වැඩියෙන් වේදුපෑම (දුම් ඇල්ලීම) නිසාද සුද ඇති වේ. එබැවින් මෙහිදී ප්‍රධාන හේතුව ලංකාවේ ආර්ථික භෝගය වන තේ වතුවල දිවා කාලයේ අව් රැස් විඳිමින් බොහෝ වේලා දෛනිකව වැඩවල නිරත වන අයට සුද දෙනෙත ආක්‍රමණය කරනු ලබයි. මේ සුද කිහිපාකාරව ඇති වනු ලබයි.

1.ශරීර උෂ්ණයෙන් ඇතිවන සුද 2.මූලාග්නියෙන් ඇතිවන සුද

3.තැල්ම නිසා ඇතිවන සුද

4.සුදු බිංදුවෙන් ඇතිවන සුද

5.අභිෂ්‍යන්ද හේතුවෙන් හටගන්නා සුද

 

මෙකී හේතූන් ගේ බලපෑම නිසා සුද ඇති වන බව පැවසිය යුතු අතර වෘණ සහිත සුද ඇති වුව හොත් පෙනෙන වස්තූන් පැහැදිලිව නොපෙනේ. පටලයකින් වැසී ඇති බව රෝගියාට දැනෙනු ඇත. මෙහිදී ඇසක මල්පොල (කළු ඉංගිරියාවේ) සුදුපාට තිත් හටගනී. එය වෘණ සහිත සුදට නිසි ප්‍රතිකාරයක් නොකළහොත් ඇස පැසවීමට ලක්වේ. බොහෝ ලෙස සුද ඇතිවීමට බලපෑම නම් සූර්ය කිරණ බව නොකියා බැරිය. ශරීරවල සුද හෝ චර්ම පිළිකා ඇතිවීමට ප්‍රබලම සාධකය ද හිරුඑළිය වේ.

මේ සුද මේරුවායින් පසු දැනට වෛද්‍යවරු එම සුද ඉවත් කර ඉතා සියුම් සිලිකෝන් සිවියක් ඇසට බද්ධ කරනු ලබයි. එය තාවකාලිකව පමණක් පෙනීම ලබා දුන්නද පසුකාලීනව එම නෙතට කිසිවක් නොපෙනී යාමට ද හේතු විය හැකිය.

එසේ වීමට බලපාන්නේ ඇසේ කුණිතය (බබා) වෙත රුධිරය ගමන් නොකරන බැවිනි. ස්නායු සමූහයකින් යුක්ත දෑසට එහි පිහිටි කෙස් ගසකටත් වඩා සියුම් කේශනාලිකා ඒවා සංතර්පණය කිරීමට නම් නවීන විද්වතුන් අහිංසක මිනිසුන්ගේ ඇස් කපා කුණිතය ඉවත් කර කෘත්‍රිම කාච පැලඳීමට වඩා ආයුර්වේද වෙදකම දියුණුය යන්න මගේ මතයයි. අතීතයේ සිටි ජීවක වෛද්‍යවරයා මෙන් වෙදකම ප්‍රගුණ කරන ලද අතළොස්සක් වූ දේශීය අක්ෂි වෛද්‍යවරුන්ගේ පිහිට ලබාගෙන දෑස් සුවපත් කරගත හොත්, කාච පැලඳීමක් නොකර ජීවිතාන්තය දක්වා ඈත පෙනෙන මිනිසුන් වීමට හැකියාව ඇත. ඒ මගේ ආයුර්වේද මතයයි.

මෙපමණක් ඖෂධවලින් යුක්ත අපේ උතුම් ශ්‍රී ලංකාවේ මේ වන විටත් වටිනා ඖෂධ විදෙස්වලට යවමින් ඒවායේ ඖෂධීය ගුණය ගැන නොදත් නිසා හෝ ඔසු පිටරටවලට යවා ගනු ලබන සොච්චමට හිස නමන අද දීන ජනයා අසරණව රෝගී ගත වූ විට ඔසු පෙත්තට කරලට දහස් ගණන් වියදම් කර අනතුරුව කාච දැමූ ඇස් නොපෙනී යාමෙන් පසු ආයුර්වේද වෛද්‍යවරයාගේ පිහිට පතමින් පැමිණියද එය ප්‍රමාදයට හේතු වේ.

ඇසට කාච දැමීමට පෙර කරන වෛද්‍ය කර්මය නම් හෙළ ඔසු භාවිත කර දෑස් සුවපත් කර ගැනීමය. බටහිර වෙදකම කුමන රෝගයන් සඳහා පථ්‍ය වුවද නේත්‍ර රෝග සඳහා සුදුසු වන්නේ පාරම්පරික වෙදකම බව නොබියව දක්වා සිටීමට පුළුවන.

 

(සංවාදයට විවෘතයි)

 

පාරම්පරික අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය

සුසිලා නාලිනී ගොඩලියද්ද

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.