රෝගවලට තෙල් බෙහෙත් නොදී සුවකරන කටු චිකිත්සාව

අගෝස්තු 14, 2020

ශරීරයට විෂක් වේදනාවක් නොමැති කටුචිකිත්සාව බොහෝ රෝග සුව කිරීමට යොදාගන්නා වෛද්‍ය ක්‍රමයකි. දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමමයට සම්බන්ධව පවතින කටුචිකිත්සාවෙන් සුවකළ හැකි රෝග බොහෝ ය. 

කටුචිකිත්සා ප්‍රතිකාරයේදී සිදුකරනු ලබන්නේ නිලස්ථාන නිවැරදිව හඳුනාගෙන සියුම් කටුවක් එම නිලස්ථාන හරහා සිරුරට ඇතුළු කොට රෝග සුව කිරීමයි. සමේ ලප කැළැල් ඇතිවීම ඉන්නන් ඇතිවීම සමේ වියළිබව අධික ලෙස රෝම ඇතිවීම සම ගොරෝසු බව සමේ තෙල් ගතිය ඇතිවීම සම රැලි වැටීම සමේ පැහැය වෙනස්වීම ආදී ගැටලු රැසකටම නිසි ප්‍රතිකාර ක්‍රමයකි කටුචිකිත්සාව. හිසකෙස් මුල්වලට රුධිරය නිසිලෙස ගමන් නොකිරීම නිසා හිසකෙස් ගැලවීයාම හා හිසකෙස් කැඩීයාම ඇතිවේ. කටුචිකිත්සා ප්‍රතිකාර ක්‍රමයේ දී රුධිරය සපයන කේෂ නාලිකා සහ හිසකෙස් මුල් උත්තේජනය කිරීමෙන් හිසකෙස් ප්‍රාණවත් වී හිසකෙස් ගැලවීයාම නැවතෙන අතර හිසකෙස් නැවත වැඩීමද සිදුවේ. 

ශෛල්‍ය කර්ම මඟින් සුවපත් කළ යුතු යයි කියන සමහර රෝගාබාධ කටුචිකිත්සා ප්‍රතිකාරයෙන් සුවපත් කළ හැකි ය. අද සමාජයේ සංකීර්ණව පවතින ස්ථුලතාවය අවමකර කර ගැනීමට ආහාර පාලනයෙන් හැකි නමුත් ශරීරය වැහැරීමට පත්වීම වැදගත් වීම අවම කර ගැනීමට අපහසු ය. සමට යටින් ඇති තෙල් තට්ටුව ක්‍රමාණුකූලව දියකර ගැනීමට කටුචිකිත්සාවෙන් සිදුකෙරේ. එහිදී ශරීරය අනවශ්‍ය ලෙස වැහැරීමක් සිදු නොවේ. එමෙන්ම ශරීර ශක්තියේ අඩුවීමක් ද ඇති නොවේ. මෙම වෛද්‍ය ක්‍රමය දියවැඩියාව වැනි රෝගවලට ගන්නේද අග්න්‍යාසය සහ රුධිරයයි. එම ඉන්ද්‍රීය හා සම්බන්ධ සමයටින් ඇති නිල ස්ථාන උද්දීපනය කර ඒ මඟින් මධුමේහය නොහොත් දියවැඩියාව සුවපත් කිරීම අරබයි. 

නව යොවුන් කාන්තාවන්ට ඇතිවන ගැටලු හා මානසික පීඩා බොහොමයකි. ඒ අතරින් ශරීරයේ ඇතිවන හෝමෝන විපර්යාස හේතුවෙන් ඇතිවන ශාරීරික වෙනස්කම්වලට මුහුණදීමට ආත්ම විශ්වාස ඇති කිරීමත් පාසලේ තරගකාරීත්වයට මුහුණදීමටත් ඇතිවන ගැටලුවලට හා කටුචිකිත්සාවේ නිසි ප්‍රතිකාරයක් ඇත. චීන කටු චිකිත්සාවට දීර්ඝ ඉතිහාසයක් ඇත. පිළිස්සුම් වෙදකම විජය යුගයේ සිටම පැවතඑන දේශීය වෙදකමක් බව ඉතිහාස ගත ග්‍රන්ථවලින් හෙළි වේ. සිංහල යෝග රත්නාකරයේ එනම් මහා වෛද්‍ය ග්‍රන්ථයේ සඳහන්ව ඇත්තේ මෙම වෛද්‍ය ක්‍රමය රංරිදී පිත්තල තඹ වගේ පස්ලෝ ආදී ලෝහවලින් සාදා ගන්නා ලද කටුවලින් සිදුකරනු ලබන විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් බවයි. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ ඒ මගින් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවීමයි. කටු චිකිත්සා වෛද්‍ය ක්‍රමය මගින් බාලක පක්ෂගාත රෝගයට මෙන්ම  ශරීරයේ හට ගැනෙන වේදනාව ස්නායුගත රෝගවලට ආන්ත්‍රික අක්‍රමිකතා මෙන්ම ප්‍රමේහ රෝගවලටද දෙනු ලබන කටුචිකිත්සා ප්‍රතිකාර මහත්සේ ගුණබවෙන් ඉහළ ය. 

රෝගියාගේ රෝග තත්ත්වය අනුව කටුඇනීමෙන් හා පිළිස්සීමෙන් දිග හැරීම සිදුවීම ආහාර දිරවීමේ කටයුතු පවා සාර්ථකව ක්‍රියාත්මක වේ. අද සමාජයේ පවුල් අතර මහත් ප්‍රශ්නයක් වී ඇති ස්ථුලතාවය අඩු කිරීමට ද සුදුසු ප්‍රතිකාර ක්‍රමයකි කටුචිකිත්සාව. සමහර  රෝග සඳහා ක්ෂණිකවම සහනයක් ලබා දීමට හැකියාව තිබීම කටු චිකිත්සාවේ විශේෂත්වයකි. මෙහි ඉතිහාසය ද වැදගත් කරුණු රැසකින් සමන්විත ය. අපගේ දේශීය වෛද්‍යක්‍රමයේ දී වුවද කටුචිකිත්සාව අමතක කළ නොහැක. දේශීය පාරම්පරික වෙදකමේ පුරෝගාමියා වූයේ පුලස්ති ඉසිවරයා සහ රාවණා නිරිඳුන් ය. දේශීය වෛද්‍යවරුන් හා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මිනිස් සිරුරේ ඇතැම් නියමිත ස්ථාන රෝගා රෝග නිරීක්ෂණය අනුව විඳීම සිදුකොට ඇත. මේ සඳහා උපයෝගී කරගෙන ඇත්තේ දේශීය වශයෙන්         නිෂ්පාදනය කරන ලද උපකරණ කීපයකි. 

රිදී රත්රන් වානේ වැනි ලෝහවලින් සාදා ඇති ඉදිකටුවලට සමාන කටුප්‍රතිකාර සඳහා යොදා ගන්නා ලදී. නමුත් ඒ වෙනුවට දැන් සූදානම් කර ගනු ලබන්නේ සුදු යකඩ මිශ්‍ර කටුය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.