ඔසු ගුණ සපිරි වට්ටක්කා

ජූලි 19, 2019

මිනිසා නිරෝගීව තම ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ආහාර පානවලින් ලබා ගන්නේ මහත් වූ සහායකි. එදිනෙදා ගනු ලබන ආහාර අතුරින් බොහෝමයක් නිරෝගී බව රැක ගැනීමට සහ ශරීරයේ පෝෂණය හා වර්ධනය සඳහා උපකාරි වන බැවින් මේ සියලු කරුණු සලකා සමතුලිත හෝ සමබල ආහාර වේලක් ගැනීමට හුරු වූහ.

නමුත් වර්තමානයේ කාර්යබහුලතාවය නිසා සමතුලිත ආහාරයක් ගැනීමේ ඉඩකඩ අඩු වී ගොස් තිබෙන නමුත් වෛද්‍ය උපදේශ ආදී විවිධ දැනුවත් කිරීම් නිසා ඒ ඒ ආහාර වර්ගවල ගුණාගුණ බව විමසා බලා ආහාර ගැනීමට පුරුදු විය. මෙසේ ගනු ලබන ආහාර අතුරින් එළවළු වර්ග තෝරා බේරා ගැනීමට විශේෂ ආවධානයක් යොමු කළ අතර ඒ අනුව එක් එක් රෝගයන්ට හිතකර හා අහිතකර වශයෙන් එළවළු වර්ග හඳුනා ගෙන ආහාරයට එක් කර ගනු ලබන බව පෙනේ.

මෙවන් වූ ගුණාංගයක එළවළු වර්ග අතුරින් වට්ටක්කා යනු ද තවත් එක් අගනා ඖෂධාහාරයකි. වර්තමානයේ ජීවත්වන බාල, තරුණ, මහලු සෑම සියලු දෙනාම ඉතා හොඳීන් දන්නා හඳුනන එළවඵ වර්ගයක් වන වට්ටක්කා බොහෝ දෙනා ප්‍රිය කරන ආහාරයකි. සෑම විටම සාමාන්‍ය මිලක් යටතේ අලෙවි වන මෙය සෑම දෙනාටම පහසුවෙන් මිලදී ගත හැකි අතර සෑම පළාතකම එළවඵ අලෙවිහල් වල අනිවාර්යෙන්ම දැකිය හැකි එළවළුවක්ද වන්නේය.

වියළි කලාපයේ බහුල ලෙස හටගනු ලබන වට්ටක්කා හොඳීන් ජලය බැසයන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක ඉතා හොඳීන් වැවේ. තවද, මුහුදු මට්ටමේ සිට මීටර් 500 දක්වා ප්‍රදේශවල වියළි හා අතරමැදි කලාපයේ වගා කළ හැකි භෝගයක් ද වේ.

මෙම වට්ටක්කා පිළිබඳ ඉතිහාසය සලකා බැලීමේදී මීට වසර 7500 ක් තරම් ඈතකට දිවයයි. මෙහි නිජ භූමිය මධ්‍යම ඇමෙරිකාවේ මෙක්සිකෝවයි. පසු කාලීනව දේශ ගවේෂකයන් විසින් මෙම වැල් වර්ගය සිය රටවලට ගෙන ගොස් ඇත. ඔවුන් බොහෝ විට මෙම වට්ටක්කා වැල් බඩඉරිඟු වැනි භෝග වර්ග සමඟ එකට වගාකර තිබේ.

වට්ටක්කා වල ස්වරූපය වට්ටක්කා

වැල් අඩි 20 - 30 ක් පමණ දිගින් වැඩෙන අතර වැලේ තැනින් තැන රිකිලි ද තවත් වැල්ද විහිදීයයි. වැලේ දණ්ඩ අඟල් 1 ක් පමණ මහත් වන අතර බූව සහිත කොළ අඟල් 8 සිට අඩි 1 ක් පමණ වෙයි. කොළයේ නැට්ට අඟල් 6 ක් පමණ වේ. කොළයේ සහ නැට්ටේ ද කදේද තද බූව ගිතියකින් යුතුවේ. මෙම වට්ටක්කා වැල් පොළව පුරා පැතිරී යන අතර ගස් වලද එතී පැතිරී යන අවස්ථා වේ.

මේ අතර වැලේ කොළයක් ගානේ මල් හට ගන්නා අතර ඒවා අතුරින් සමහර මල් බොරුමල් වේ. ගෙඩි සෑදීමේදී මල් කුඩා ගැටයක් සහිතව ගැටයේ මුදුනත මලක් සමඟ වැඩී මල පරවී ගෙඩිය සෑදේ. මේ අයුරින් එක් වැලක ගෙඩි විශාල ප්‍රමාණයක් සෑදෙන අතර ගෙඩියක් කිලෝ ග්රෑම් 6 - 7 ක් පමණ විය හැක. කලාතුරකින් කිලෝ ග්රෑම් 25 පමණ ගෙඩිද වාර්තා වේ.

වට්ටක්කා වල උද්භිද විද්‍යාත්මක නාමය :

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.