කාන්තා රෝග සඳහා පිහිට ගුණ දෙන ලොත් (ලෝධ්‍ර)

මාර්තු 13, 2020

නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීමටත් රෝගී පුද්ගලයාගේ රෝගී භාවය සමනය කර ගැනීමටත් බොහෝ සෙයින් උපකාරී වන වෛද්‍ය ක්‍රමය ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හැඳීන්විය හැකිය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යනු රෝග සඳහා ප්‍රතිකාර ලබාදෙන වෛද්‍ය ක්‍රමයක් පමණක් නොව ජීවන දර්ශනයක් ලෙසද හැඳීන්විය හැකිය.

මෙවන් විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක් වන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ චිකිත්සා කර්මයේ දී යොදා ගනු ලබනුයේ ශාක, සත්ව හා පර්වත ද්‍රව්‍යයන්ය. මෙයින් ද බහුල වශයෙන් යොදාගනු ලබන්නේ ශාක ද්‍රව්‍යයන් වන අතර වර්තමානයේ ඒවායින් ද බොහොමයක් ශාක වඳ වී යාමේ තර්ජනයට ලක් වෙමින් පවතී.

මේ ආදි කොට ඇති ශාක සමූහයා අතුරින් අප අවට පරිසරයෙන් ඉතා පහසුවෙන් ලබාගත හැකි ශාකයන් ද රාශියක් වේ. මේ සියලුම ශාකයන් ගත්කළ කුමන හෝ රෝගයකට යෙදිය හැකි

ඖෂධ යෝගයක් එම ශාකයන්ගෙන් ලබා ගන්නා බව දැකගත හැක.

මිනිසාට වැළඳෙන රෝග සමූහයක් අතුරින් කාන්තාවන්ට පමණක් විශේෂිත රෝගාබාධ රාශියක් වෙයි. එනම් රක්ත ප්‍රදාහය ස්වේත ප්‍රදාහය සෝම රෝගය වැනි රෝගාබාධයන් කාන්තාවන් සඳහාම ආවේනික මෙම රෝගාබාධයන්ට ප්‍රතිකාර කිරිමේ දි නැතුවම බැරි ඖෂධිය ශාකයක් වශයෙන් ‘ලොත්’ ශාකය හැඳීන්විය හැකිය. කාන්තා රෝග සඳහා බහුල වශයෙන් යෙදෙන ඖෂධ යෝගයන්හිදී ලොත් සුඹුලු ඇති ඖෂධ අංග බොහෝ සෙයින් ප්‍රතිඵල ලබාදෙන බව දක්නට ලැබේ.

‘ලොත්’ ශාකය පිළිබඳව විවිධ මතභේදයන් ද දක්නට ලැබෙන අතර අද වෙළෙඳපොළේ දක්නට ලැබෙන වර්ග නියම ‘ලොත්’ නොවන බවද කියනු ලබයි. ඵරථනතධජධඵ පචජථධඵච පධයඤ උද්භිත විද්‍යාත්මක නාමයන් හා ඉකර්ර්‍ථඹ්ර්‍ණ ඛ්ඒඛ්ඡ්ඒඡ් හෙවත් ලොධ්‍ර කුලයට අයත් ශාකය නියම ‘ලොත්’ ශාකය වශයෙන් හඳුන්වන අතර ර්ඥතචතඥභජච ඹ්ඥභ ඛ්ධඤඥදඤපධද ඹ්ඪදද උද්භිත විද්‍යාත්මක නාමයෙන් හා ර්කඅඊඒඛ්ඡ්ඒඡ් හෙවත් ලවන් කුලයට අයත් ශාකය බහුල ලෙස ඖෂධ සඳහා ගනු ලැබුව ද එම ශාකය නියම ‘ලොත්‘ ශාකය නොවන බව දක්වා ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.