කොරෝනා වසංගතයේ හෙට දවස

නොවැම්බර් 13, 2020

මේ සටහන කොතැනින් පටන් අරං කොතැනින් ඉවර කරන්නද කියල වටහාගන්න හරි අපහසුයි. එක පැත්තකින් මේ වසංගතයෙන් ප්‍රතිඵල කෙසේවේද කියා රටවැසියා නෙත් ඇරගෙන බලා ඉන්නවා. අනිත් පැත්තෙන් මේ රෝගය නිවාරනය කරන ඇත්තෝ කොහොමද නිවාරණය කරන්නෙ කියල පරීක්‍ෂණාත්මකව ඉන්නවා. අසත්‍ය, බොරු විවේචන කළ ව්‍යාජ ඡ්‍යොතීර්වේදින් නිහඬ වෙලා ඡ්‍යොතිෂයට කළ හෑල්ලුව ගැන පසුතැවිලි වනවා.

වෙනමම පැත්තකින් මේ සටහනට නිවැරදිව කාලෝචිත කරුණු ඇතුළත් කරන්නෙ කොහොමද කියල මම හිතනවා. අපි මොන ආකාරයට හිතුවත් වසංගතය එන්න එන්නම හිස ඔසවනවා. ඇත්තටම කිව්වොත් වසංගතය ඉදිරියට එන්නෙ නැහැ. අපි වසංගතය ඉදිරියට ගෙන යනවා කිව්වොත් නිවැරදියි.

වසංගත රෝගයක් ව්‍යාප්ත වන්නට ප්‍රධාන මාර්ග කීපයක් තිබෙනව. ජලයෙන් ව්‍යාප්ත වනවා, ආහාරවලට මුසුවීමෙන්, සුළඟින් ව්‍යාප්ත වෙනවා. මේ සියලු ව්‍යාප්තියට ක්‍රියාකාරකයා ස්වභාව ධර්මයා. එනම් විශ්ව ශක්ති ක්‍රියාකාරිත්වය. පිං පව් මත හැම දෙනාටම එකසේ පළ දෙනවා. මේ පිං පව් මේ භවයේ කළ ඒවා නොවන්නට පුළුවන්. සමහර විට දෙමව්පියන් විසින් කළ ඒවායේ ප්‍රතිඵල වන්නටත් පුළුවන්. ඒ එකකුදු නැතිව මේ වසංගතය ස්පර්ශයෙන් බොහෝ සෙයිනුත් සුළඟ ඊට සහාය වන බවත් පෙනී යනවා. ආහාරයෙන්, ජලයෙන්, ග්‍රීස්මයෙන්, මෙම වසංගතය ආරම්භ වුණානම් මීට වඩා බොහෝ සෙයින් භයානක වන්නට ඉඩ තිබුණා. මේ අයුරින් යම් කිසි මට්ටමක මෙම වසංගතය ඇතිවීම රටවැසියන්ගේ තරමක පිනක් බව කිව හැකියි. අපේ රටේ එක්තරා කාලයක බැමිනිටියා සාගතයෙන් ජනගහනය අඩු කළා. සීග්‍රව අඩු කළා. මැතකදී සුනාමියෙන් තවත් කොටසක් අඩු කර හිමිදේ අහිමි කළා. එයිනුත් ප්‍රයෝජනය ගත් අය නැතිවා නොවේ. බැමිනිටියා සාගතයෙන් ජනයාට කෑමට බීමට කිසිවක් ඉතිරි නොවී මරණයට පත්වුණා. දැඩි නියඟය දරුණු වූවා. දැන් වර්තමාන කොරෝනා හෙවත් කොවිඩ් 19 මේ කුමන නමකින් කතා කළත් මේවා රටකට වසංගත. මේ ආරම්භය පමණක් බවත් හුදෙක් බොරුවෙන් මඟහැරීමෙන්, නොකළ යුතු කිරීමෙන්, කළ යුතු දේ නොකිරීමෙන්, ජනතාව/සතා සිව්පාවා මීළඟ රැල්ල නිසා වසංගතයකින් අවසන් වේවි. මීට කලින් මෙවැනි සටහන් වලදී සඳහන් වූ කරුණක් තමයි ලෝකය ඇතිකළේ මහා බ්‍රහ්මයා බවත් විෂ්ණු රකින බවත්, ඊශ්වරයා නැති කරන බවත්, මේ කරුණු අතර ආදි මිනිසා මේ සියල්ලම දෙවියන් වහන්සේ විසින් කරන ලද්දක් බවත් මුස්ලිම්වරු අල්ලා දෙවියන් විසින් මවන ලද්දක් බව විශ්වාස කරන මේවා දේව සංකල්ප. මිනිසා ක්‍රමයෙන් දියුණු වෙද්දී දෙවියන් යනුවෙන් හැඳීන්වූයේ විශ්ව ශක්තිය බවත් එය ස්වභාව ධර්මයාගේ නිරූපණය කිරීමක් බවත් එය රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු හා කේතු යන නවග්‍රහ කිරණයන්ගේ බලපෑම මත

සිදුවන බවත් නිරීක්ෂණය වුණා. මින් ප්‍රතිපාදනය මත සියලුම දේ ආපෝ, තේජෝ, පඨවි, ආකාශ, වායෝ යන පංච මහා භූතයන්ට ඇතුළත් වුණා. ආදි යුගයේ සිට දේව සංකල්පය අනුවත් විශ්ව ශක්තිය මගින් ගහ කොළ-ජලය ගොඩබිම-සතා සිවුපාව ඇති කළා. ලෝකයේ පවතින මේ සියලුම දේ සමසේ රකින්නට මිනිස් වර්ගයාට සිතීමේ හා කතාකිරීමේ විශේෂ වැඩි දියුණු කළා. ආදි මිනිසා ස්වභාව ධර්මයා තම ජීවිතයේ එක් පාර්ශවයක් ලෙස ජීවත් වුණා. රට දියුණු කිරීම, ස්වයං පෝෂිත කිරීම, වර්ගයා බෝ කිරීම, සමතුලිතභාවය පවත්වාගෙන යාම, එකිනෙකා අතර

සුහදතාවය ඇතිවීම මිනිස් වර්ගයාගේ පරම යුතුකම ලෙස සිතමින් වැඩ කළා. රටේ අස්වැන්න අපරදිගටත් අපනයනය කළා. රට තාක්‍ෂණයෙන් දියුණු වුණා. වැඩි විශේෂ දක්‍ෂතා ඇති මිනිස් වර්ගයා බලය කටු ඔටුන්නක් සේ පලඳා සමයේ බෙදා හදාගැනීම අමතක කළා. නැවත පැළයක් රෝපණයකින් තොරව වෘක්‍ෂලතා කපා බිම හෙලුවා. සතා සිවුපාවාගේ ජීවත්වීම නැතිකරමින් කැලෑ කැපුවා. ජල උල්පත් නැතිවනසේ භූමිය සකස් කළා. ස්වභාව ධර්මයා විරසක වන්නට පටන් ගත්තා. මහජනයාගේ නිරෝගීකම සැලසූ ඖෂධ පැළෑටි කපා වඳකළා. අපරදිගින්

කෘත්‍රිම ඖෂධ ගෙනාවා. වනසතුන් භාගයට භාගයක් අඩු කළා. ස්වභාව ධර්මයාට ද්‍රෝහි වුණා.

මෙවැනි කරුණු ගැන සැලකීමේදී ජෝතිෂය මගින් නිවැරදි විශ්ලේෂණයක් කිරීමෙන් බොහෝ කරුණු වටහාගත හැකි වේවි. ලෝක කේන්දරය සලකා බැලීමෙන් ලෝක තත්ත්වයද ලංකා කේන්දරය ගැන විග්‍රහයෙන් ලංකාවේ පැවැත්ම ගැනත් මහා තීන්දුවක් ගත හැක. ලංකා කේන්දරයේ රවි නැත්නම් සූර්යයා ක්‍රියාකරන අයුරින් සාපේක්‍ෂව රටක රජතුමා ක්‍රියාකරයි. ලෝකයේ ඉපැරණි ශාස්ත්‍ර කීපයකි. එනම් ආයුර්වේදය ජෝතිෂය ප්‍රධාන තැනක් ගනී. ජෝතිෂය හා ආයුර්වේදය දීර්ඝව වෙනත් ශාස්ත්‍ර කර්ම වලට ඉදිරියට ගිය ද මේ ශාස්ත්‍ර ද්විත්වය මින් බටහිර වෙදකම හිස ඔසවන්නට විය. මෙය චීනයේ ද ඉතා ප්‍රබල ලෙස සිදුවිය. නමුත් ඔවුනට අවේනික වූ ආයුර්වේදය අත්නොහැර බටහිර වෛද්‍ය ක්‍රමයන් දියුණු විය. නමුත් ලංකාවේ ඒ අයුරින් නොවුණත් ආයුර්වේදය මිය නොයන සේ රැක ගැනීමේ ප්‍රයත්නයක සිංහල වෛද්‍යවරු යෙදී ඇත. නමුත් ඉතාමත් ගැඹුරු ශාස්ත්‍රයක් වන ජෝතිෂයට කිසිදු පිහිටක් නොකර සහමුලින්ම අමතක කර දැමුවේ ලෝකයේ ඉතාම සුළු රටවල් ප්‍රමාණයකි. ඡ්‍යොතිෂය අමතක කළා යැයි පවසා ඇමෙරිකාව චන්ද්‍රිකා යැවීමට තවමත් නැකතට බව සඳහන් කළ යුතුමය.

2020 වසරේ ආරම්භයේදී එක්තරා ඡ්‍යොතිෂ විශේෂඥයන් යැයි කියාගත් සුළු සංඛ්‍යාවක් ලංකාව ගැන අනාවැකි පල කළ බව දන්නවානේ. ඒ රූපවාහිනිය හා ජංගම දුරකතනවල විද්‍යුත් නාලිකා හරහා 2020 වසර ලංකාවට ඉතා සෞභාග්‍ය වන බව එක ඇඟිල්ලක් ඔසවා කොන්ඩඤ්ඤ තවුසා පල කළ පරිදිම සී.අයි.ඩී. එකටත් කට උත්තර දුන් එක ඡ්‍යොතිෂවේදී උතුමෙක් රටට සිරිකත එනව කියලත් කිව්වේ. ආව තමයි නමුත් සිරිකත නොවේ, වසංගතය. මේ අය මේවා කොහොම කියනවද මන්දා. කරුණු කෙසේ වුණත් අනාවැකි නිතර නොකියන කිව්වොත් හරියටම,

කිරිගහට ඇන්න වගේ වන සුබසෙත 2020 ජුලි 17 වැනිදා මේ වසංගතය ගැන කිසියම් අනාවැකියකින් පළකළා. එනම් 2020 වසරේ අග නැවත මේ කොරෝනා වසංගතය එනවා. ඒක මාර්තු/අප්‍රේල්වලට වඩා දරුණු එකක් බව ලංකා කේන්දරය විශ්ලේෂණය කර කිව්වා. දැනට මේ එකේ කිවූ ගොඩක් විස්තර ප්‍රතිඵල නිවැරදියි. දෙසැම්බර් වන විට සිදුවන මරණ කීපයක් ගැනත් කිව්වා. එකත් නිවැරදි වුණා. අප ජෝතිෂය ඉදිරි අනාවැකි කියන්න ඕනා ලංකා කේන්දරය ගැන අධ්‍යයනය කරලා. ඔබව මේ වසංගතයෙන් බේරා ගන්න නොමිලේ කෙම් ගුරුකමකුත් ඊට අදාල කෙම් මන්ත්‍රයකුත් පළකළා කිසිම මුෂ්ටියක් නැතිව සුබසෙත කවදත් වැඩ කළේ එහෙමයි. 2020/11/15 වන දිනට සාමාන්‍ය වශයෙන් රවි/බුධ යෝගය පවතින්නේ ධර්ම සමානයේ බුධ කොපමණ බුද්ධියෙන් වැඩ කළත් මේ බුධ රවිට යටත්ව ගෝචරය සිදුවනවා. එනම් ක්‍රියාකාරිත්වය කොපමණ නිවැරදි යහපත් වුණත් රවි එය වෙනස් කරවනවා. යටත් කරවනා.

රවි

කිව්වේ අධිපතියා. එනම් රාජ්‍ය බලය මෙවර රාහු/කේතු මේ ආකාරයට ගෝචරය වන්නේ වසර 100 කටත් පසුවයි. රාහු කේතු බොරුකාරයා හා ඔලුව නැති ග්‍රහයා. නියම අන්දමට ඒ අනුව ක්‍රියාත්මක වනවා. ග්‍රහ කිරන එසේ ක්‍රියාත්මක වන විට ඒ අනුව රාජ්‍ය බලය ක්‍රියාකරනවා.

2020 දෙසැම්බර් මස හෝ ආසන්න කාලසීමාවකදී ජ්‍යෙෂ්ඨ ජීවිතයක අහිමි වීමක් වන බවත් බොහෝ දුරට පෙන්වනවා. රවිගේ නීචයත් සිකුරුගේ නීචයත් රාහු කේතුගේ උච්චවීම බොහෝ සෙයින් බලපානවා.

මේවා කෙසේ කොහොම වුණත් අවසානයේ තැවෙන්නෙ රට වැසියා බව නම් අමතක කරන්න එපා. ඔබ ඔබේ ආරක්‍ෂාව ප්‍රවේසම පවත්වා ගන්න ඕනෑ. සිදුවන්න ඕන ඒවා සිදුවෙලා ඉවරයි. මාර්තු/අප්‍රේල් ආණ්ඩුවක් තිබුණේ නැහැ. දැන් තිබෙනවා. ඒවා ගැන දැන් නොසිතා ඔබේ ආරක්‍ෂාව ප්‍රවේශමට ප්‍රථම ස්ථානය දෙන්න. පැරන්නෝ දෙවියන් ලෙස සැලකුවේ වර්තමානයේ ග්‍රහකිරන ඇතුළු ස්වභාව ධර්මයා. දැන් අපි හා ස්වභාවධර්මයා අතර පරතරය වැඩිය.

විශ්වයට අයත් ගහකොළ සතා සිවුපාවා-මිනිසා විසින් රැකගත යුතුමය. ආධ්‍යාත්මික ගුණ වහාම වර්ධනය කරගත යුතුමය. බොරුව වංචාව දුරුකළ යුතුමයි. එසේ නොවුණහොත් මීළඟ ලෝක විනාසය අත ළඟය. ස්වභාවධර්මයා මිනිසාට එරෙහිවීම නවතාලීම නොහැක. 2020 ලංකා තත්කාලීන කේන්දරය ඉතා අයහපත් බව දක්‍ෂ ජෝතිර්වේදියෙකුට පෙනේ. රවි සිකුරු නීච බව හා රාහු/කේතු උච්චවීම මේ කරුණු ඇතිවීමට ප්‍රධාන හේතුවයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.