2024/04/30 අඟහරුවාදා- ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 30, 2024

 

ඉර උදාව පෙ.ව. 05.57
ඉර බැසීම ප.ව. 06.19
රාහු කාලය සවස 03.13 - 04.46
සුබදිශාව – නැඟෙනහිර

මේෂ

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. වරින් වර හට ගන්නා උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

වෘෂභ

තනතුරු මාරුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ආගමික සැලසුමක් හේතුවෙන් යොදාගත් වැඩපිළිවෙළක් වෙනස් කිරිමට සිදු වේ. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු බවක් පෙනේ.

මිථුන

කලාකාමී කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. වෙනදාට වඩා හුදකලාව කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි.

කටක

වගකීම් බහුල කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. දරුවකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන බවක් පෙනේ. වෙනදාට වඩා පිනට දහමට ලැදි දිනයකි.

කන්‍යා

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. වෙනදාට වඩා අමතර වියදම් බහුල කරයි. පවුලේ ගැටලුවක් විසඳී යන බවක් පෙනේ.

තුලා

නිතර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇති දිනයකි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අලුත් රැකියා ලාභ හිමිකම් ඇති බවක් පෙනේ. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරයි.

මකර

නිකරුනේ කරන වියදම් වැඩි කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. දේපළ අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන දිනයකි.

කුම්භ

වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. එමෙන්ම අලුත් හිතවතුන් දැනහඳුනා ගැනීමට කටයුතු සැලසේ. සමාජයේ ප්‍රසිද්ධියට හේතු ඇති කරන දිනයකි.

මීන

සැනසිලිදායක බව අඩු කරන දිනයකි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.