2024/05/01 බදාදා - ලග්න සහ රාහු කාලය

මැයි 1, 2024

 

ඉර උදාව පෙ.ව. 05.57
ඉර බැසීම ප.ව. 06.19
රාහු කාලය දවල් 12.08 - 01.41
සුබ දිශාව – දකුණ

 

මේෂ

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ අයගෙන් උදවු උපකාර හිමි කරයි. වගකීම් බහුල දිනයකි. සෙම් රෝගයකින් පීඩා අත් කරන බවක් පෙනේ.

වෘෂභ

වෙහෙසකාරි දිනයකි. දුරගමනක් හේතුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. දරුවකුගේ ගැටලුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. බලාපොරොත්තුවක් කඩවන බවක් පෙනේ.

මිථුන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ලිපි ලේඛන ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වරින්වර ඇති කරන හිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

කටක

තරමක් දුරට වෙහෙසකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි. වාහන ගමන් අධික වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට සැලසුමක් ඇති කර ගනී.

සිංහ

වෙහෙසකර ගමන් කීපයක් යෙදේ. ව්‍යාපාර ලාබ හිමිකම් ඇති බවක් පෙනේ. නිතර පිනට දහමට ලැදිව කටයුතු කීපයක් සිදු කරයි.

කන්‍යා

වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වියදම් අධිකවන දිනයකි.

තුලා

නිතර විනෝදයට බරව කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා අලංකාරයෙන් සිටීමට කැමැත්තක් දක්වයි. අමතර ලැබීම් සහිත දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර ලෙස කටයුතු කීපයක් සිදු කරයි. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. අලුත් සැලසුමකට කටයුතු සිදු කරන දිනයකි.

ධනු

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි. විශේෂ ජයග්‍රහණයකට හේතු සැලසෙන බවක් පෙනේ.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරන බවක් පෙනේ. පිනට දහමට ලැදි දිනයකි.

කුම්භ

අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අමතර දේ මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.

මීන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.