2024/ 05/02 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

මැයි 2, 2024

 

ඉර උදාව පෙ.ව. 05.56
ඉර බැසීම ප.ව. 06.19
රාහු කාලය දවල් 01.40 - 03.13
සුබ දිශාව – උතුර

 

මේෂ

අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ. විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමි කරයි.

වෘෂභ

සැනසිලිදායක ලෙස කටයුතු කීපයක් සිදු කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් යොදාගත් සැලසුමක් වෙනස් කරයි.

මිථුන

අවිවේකී ලෙස දවස උදා කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. පැරැණි පෙම් සබඳතාවයක් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ.

කටක

ගතට සිතට චංචලකාරි බවක් ඇති කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදාකරයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරන දිනයකි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර ගමන් බහුල දිනයකි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. පවුලේ දියුණුවට විශේෂ පියවර කීපයක් යෙදෙන දිනයකි.

කන්‍යා

සහෝදර බැඳීම්වලට හේතු ඇති කරයි. වෙනදාට වඩා මුදල් වියදම් වැඩිවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකි දිනයකි.

තුලා

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ව්‍යාපාර ලාබ හිමිකම ඇති බවක් පෙනේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන දිනයකි.

වෘශ්චික

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩා විඳින දිනයකි.

ධනු

වගකීම් බහුල කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අන්සතු වස්තු ලාබයකට ඉඩ ඇති බවක් පෙනේ. පවුලේ කටයුතුවලට වෙනස්කම් කීපයක් සිදු කරයි.

මකර

නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගන්නා දිනයකි.

කුම්භ

සමාජසේවා කටයුතුවලින් කැපී පෙනෙන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අමතර ආදායම් මාර්ග යෙදෙන දිනයකි.

මීන

විශේෂ සැලසුමකට අතගැසීමට කටයුතු උදා කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. නැතිවූ දෙයක් නැවත හිමි කරන ලකුණු පෙන්නුම් කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.