මී වද කෑවොත් ජීවිතය මීවදයක්

ජනවාරි 18, 2019

මීපැණිවල ඇති සුපිරි ගුණය ගැන අසා ඇත්තෙමු.

එහෙත් මී වදය ආහාරයට ගන්නා බව දන්නේ කීයෙක් කී දෙනාද? මී වදය ද කදිම ඔසුවකි.

* මී වදයේ අඩංගු දිගු දාමයක් සහිත මේදය සහ මේධ මධ්‍යසාර අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත හෙළන අතර හිතකර කොලෙස්ටරෝල් ඉහළ නංවයි. * මී වදයේ මේද මධ්‍යසාර ප්‍රතිඔක්සිකාරකයක් (සිරුරට බාහිරින් ඇතුළු වන විස විනාශ කරන ද්‍රව්‍ය) ලෙස ක්‍රියා කරයි. අක්මාවේ මේදය අද සුලබ රෝගී තත්ත්වයකි. විශේෂයෙන් කාන්තා පක්ෂය අතර මේ රෝගය සුලබය.

අක්මාවේ මේද තත්ත්වය මත් වතුර පානය නොකිරීමෙන් ඇතිවන සිරෝසිස් රෝගය දක්වා දුර දිග යයි. අක්මාවේ මේද තත්ත්වයට මී ඉටිවල මධ්‍යසාර (බී වැක්ස් ඇල්කොහොල්) ඉතා ගුණදායක ඔසුවකි.

* ග්ලූකෝස් අපේ ශරීර සෞඛ්‍යයට අත්‍යාවශ්‍යය. විශේෂයෙන් මොළයට මූලික ශක්තිය ලබා දෙන්නේ ග්ලූකෝස්ය.

මීවදයේ ඉටි මධ්‍යසාර, ග්ලූකෝස් පරිවෘත්තිය වැඩි කරයි. දියවැඩියා අවදානම අඩු කරයි.

කෙතරම් ගුණදායක වුවත් මේවා පමණ ඉක්මවා කෑමට ගැනීම සුදුසු නැත. එයින් උදර ආන්ත්‍රික මාර්ගය සිරවීමට පුළුවන.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.