දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් 60කට රන් සම්මාන

මාර්තු 29, 2024

දේශීය වෙද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇගයීමේ Golden Inmediens 2023 ව්‍යවසායකත්ව රන් සම්මාන උලෙළ අගමැති දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි ඇතුළු මැතිඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හී දී පවත්වනු ලැබීය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇගයීම, දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනයන්හි මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා ආයුර්වේද ප්‍රවර්ධන පෞද්ගලික සමාගම විසින් මේ ව්යනවසායකත්ව සම්මාන උළෙල සංවිධානය කර තිබිණ.

එහිදී රෝගී සත්කාර සේවා පවත්වාගෙනයමින් ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වමින් සංචාරක ක්ෂෙත්‍රය මඟින් දේශීය ආර්ථිකය සවිමත් කිරීමට දායක වූ ව්‍යවසායකයන් ඇතුළු අධ්‍යාපන, ප්‍රතිකාර, ඖෂධ නිෂ්පාදන, සේවා යන අංශයන් නියෝජනය කරමින් එම ක්ෂේත්‍රවල විශිෂ්ටයන් 60 දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කිරීම සිදු කෙරිණ.

එමෙන්ම ෙවෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි විසින් වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා සිදු කළ මෙහෙය අගයමින් උපහාර පිරිනැමීමද එහිදී සිදුවිය.

*********************

දෙවොල් මඩු මංගල්‍යය – 2024

“අතීත උරුමයන් අපේ අනාගතය කරා එලෙසින්ම රැගෙන යමු “ තේමාව යටතේ සමාජයෙන් ගිලිහී යන පැරණි පාරම්පරික, සංස්කෘතික කලාවන් නැවත වර්තමාන පරපුරට දායාද කිරීමේ අරමුණින් සහ ගමට, නගරයට, රටට මෙන්ම ලක්වැසි සැමට සෙත් පතා අගලවත්ත, බේරගම, ස්වර්ණගම මහා භද්‍රකාලි දේවාලයේ වාර්ෂික මහා දෙවොල් මඩු මංගල්‍යය, දේව දානය සහ කිරි අම්මාවරුන්ගේ දානය මෙවර 2024 අපේ‍්‍රල් මස 5 - 6 යන දෙදින රැය පහන් වනතුරු දේවාල භූමියේදී පැවැත්වේ. සම්මානලාභී පාරම්පරික යන්ත්‍රමන්ත්‍රවේදී දේශමාන්‍ය එච්.විජිත කුමාර සිංදුරගේ කපු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම දෙවොල් මඩු මංගල්‍යයට රාජ්‍ය ගෞරව සම්මාන, ජනාධිපති ගෞරව සම්මාන ලැබූ පාරම්පරික දක්ෂ නර්තන ශිල්පීන්, බෙර වාදන ශිල්පීන් රැසක්ම සහභාගි වන අතර, වාහල නැටුම්, තෙල්මේ නැටුම්, පන්දම් පාලිය, පත්තිනි නැටීම, කාල පන්දම් ගස සිටුවීම, බිසෝ කප් සිටුවීම, මුරුතැන් පූජාව, කඩවර පූජාව, ගරා වෙස් නැටීම ඇතුළු සංස්කෘතික අංග රැසක්ම පැවැත්වේ.

දේවාශිර්වාදය පතා පැමිණෙන සැමට රැය පුරාම “සිංදුරගේ පදනම “ තේ පැන් සහ බත් දන් සැලක් ද පවත්වනු ලබයි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.