AyuEX සමුළුවේ සහතික පිරිනැමේ

සැප්තැම්බර් 15, 2023

දේශිය වෛද්‍ය ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය මේවනවිට උදාවී ඇති බවත් ආයුර්වේද පනත සංශෝධනය කිරීමට ලැබීම දේශිය වෛද්‍ය ක්ෂේත්‍රය ලද ජයග්‍රහණයක් බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඒරභඡ්ඔ අන්තර්ජාතික දේශිය වෛද්‍ය සමුළුව , අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය නිමාවට පත් කරමින් පැවසීය. ඔහු එසේ පැවසුවේ විශේෂ පර්යේෂණ හා නිබන්ධන පත්‍රිකා ඉදිරිපත් කළ පර්යේෂකයන් හා අනුග්‍රාහකයන් වෙත සම්මාන සහතික පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා මේවන විට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය වැඩකරන අමාත්‍යාංශයක් බවට පත්ව තිබෙනවා. ඒ සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන කැපවී සිටිනවා .දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය තුළින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරළීමේ මුලික අඩිතාලම දමමින් ආයුර්වේද පනත ඒකමතිකව පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට ලැබීම ශ්‍රී ලාංකීය ජනතාව ලද ජයග්‍රහණයක්. මේ දේශිය වෛද්‍ය සමුළුව , අධ්‍යාපන හා වෙළද ප්‍රදර්ශනය සඳහා කිසිදු රාජ්‍ය මුදලක් වැයකරේ නැ.ඒ සඳහා අනුග්‍රාහකත්වය දැක්වුවන් සහ මෙය සාර්ථක කරගැනීමට දායක වුවන්ට අපගේ ප්‍රණාමය පුදකර සිටිනවා

මෙම ප්‍රදර්ශනය අපගේ දේශිය දැනුම , දේශිය වෛද්‍ය ක්‍රමය ලෝකයට ගෙනයැමට තොතැන්නක් වුවා. ඉදිරිකාලයේ දී රට වෙනුවෙන් දේශිය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රීයාමාර්ග ගනු ලබනවා යැයි ප්‍රකාශකර සිටියේය.

එම අවස්ථාවට අධ්‍යපන රාජ්‍ය අමාත්‍ය සුරේෂ් රාඝවන්,ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන යන මහත්වරුන් රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

----------------------

දේශීය වෛද්‍ය ප්‍රතිකාර සායනයක්

ඉසිවර හරන දේශීය වෛද්‍යක්‍රම පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයන සංසදය විසින් සංවිධානය කරනු ලබන දේශීය වෛද්‍ය ප්‍රතිකාර සායනයක් සම්බුද්ධ ජයන්ති මාවතේ බුද්ධ ජයන්ති බෞද්ධ මන්දිරයේදී සෑම සෙනසුරාදා දිනකම නොමිලේ පැවැත්වේ.

දේශීය ආයුර්වේද වෛද්‍ය කේ.ඒ. විජේරත්න මහතා සර්වාංග වෙදකම පිළිබඳවත් මානසික ප්‍රතිකාර සම්බන්ධව ආයුර්වේද වෛද්‍ය රේනුකා දොඩම්ගොඩ මහත්මියත් එදිනට ප්‍රතිකාර කරනු ලබන අතර දේශීය පාරම්පරික ආයුර්වේද සර්වාංග ප්‍රතිකාර සමඟ වෛද්‍ය උපදේශන සේවාවෙන් ඇදුම සහ පීනස අත පයවල වේදනාව, අධිරුධිර පීඩනය, මළබද්ධය, අර්ශස්, දියවැඩියාව වැනි රෝගවලට ප්‍රතිකාර කරනු ලැබේ.

--------------------

දෙහිඕවිට ප්‍රාදේශීය ආයුර්වේද සංරක්ෂණ සභාව

දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රාදේශීය ආයුර්වේද සංරක්ෂණ සභාව දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.

මෙහිදී ප්‍රදේශයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරියන් විසින් සම්බන්ධීකරණ කටයුතු සිදුකළ අතර දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ හිටපු අධ්‍යක්ෂක කථිකාචාර්ය දේශබන්ධු පණ්ඩිත වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධන මහතා විසින් ආයුර්වේදයේ මූලික නියාමනයන් පිළිබඳ පැය දෙකක් පුරා හරවත් දේශනයක් පවත්වන ලදී.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.