අපේකම ප්‍රදර්ශනය

ඔක්තෝබර් 6, 2023

දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයන් හා බැඳුණු අපේ ඉපැරණි සංස්කෘතික උරුමයන් අනාගතය වෙනුවෙන් දායාද කරනු පිණිස දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය හා මහර ආයුර්වේද සංරක්ෂණ සභාව එක්ව සංවිධානය කරනු ලැබූ ‘අපේකම’ ප්‍රදර්ශනය විවෘත කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කඩවත, කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වනු ලැබිය.

මේ ප්‍රදර්ශනය දේශීය වෛද්‍ය ප්‍රතිකාර, පාරම්පරික වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැඩමුළු, ඉපැරණි දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිත කරන උපකරණ, ශාන්තිකර්ම, ඡ්‍යොතිෂය, අපේ දේශීය සංස්කෘතිය හා බැඳුණු ගොවිතැනෙහි ඉපැරණි උපකරණ, නිර්මාණ මෙන්ම දේශීය ඖෂධ පැළෑටි පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ප්‍රදර්ශන කුටි, දේශීය ආහාර, දේශීය සහල් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ස්ථාන, දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ඇතුළත් වෙළෙඳකුටිවලින් සමන්විත විය.

මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න, ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.