වෙදැදුරු අභිමන් ජනාධිපති වෛද්‍යසූරි සම්මාන ප්‍රණාම

ඔක්තෝබර් 13, 2023

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද පාරම්පරික දේශීය වෛද්‍යවරුන් සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ වෙදැදුරු අභිමන් ප්‍රණාම උළෙලේ දී පාත හේවාහැට තලාතුඔය අංකෙලිපිටිය ඉහළවතගම පදිංචි කැඩුම් බිඳුම් විශේෂ වෛද්‍ය එච්. සෙනවිරත්න මහතා සහ තලාතුඔය පනන්වල පදිංචි සර්වාංග වෛද්‍ය ඊ.එම්. පුංචිබණ්ඩා මහතා ජනාධිපති වෛද්‍යසූරි සම්මානයෙන් පිදුම් ලබා ඇත.

විශේෂ වෛද්‍ය එච්. සෙනවිරත්න මහතා ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයකු වන අතර සමාජ සේවකයෙකු ද වේ. ඒ මහතා පාතහේවාහැට ආයුර්වේද සංරක්ෂණ සභාවේ ලේකම්වරයා ද වන අතර මධ්‍යම පළාත් ආයුර්වේද වෛද්‍ය සංගමයේ භාණ්ඩාගාරික, හපුතලේ පල්ලේගම පැරකුම් ගොවි සමාජයේ සභාපති යන තනතුරු ද හොබවනු ලබයි.

සර්වාංග වෛද්‍ය ඊ.එම්. පුංචි බණ්ඩා මහතා පළාතේ ප්‍රසිද්ධ වෛද්‍යවරයකු වන අතර දශක දෙකකට අධික කාලයක් වෛද්‍යවරයකු වශයෙන් සේවයේ යෙදී සිටින අතර, පාතහේවාහැට ආයුර්වේද සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය හොබවයි. සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවතිනි. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා විය.

 

 

 

 

 

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.