දේශීය වෙදකම් හැදෑරීම සඳහා නොමිලයේ සිසුන් බඳවා ගැනීම 2024

ඔක්තෝබර් 13, 2023

සමස්ත ලංකා දේශීය පාරම්පරික වෛද්‍ය සමිති සම්මේලනය මඟින් කැලණිය, දුම්රියපල ඉදිරිපිට, අග්‍රබෝධි මූල මහා විහාරස්ථානයෙහි පවත්වාගෙන එනු ලබන දේශීය වෛද්‍ය ක්‍රම හැදෑරීමේ සිව් අවුරුදු පාඨමාලාවෙහි 2024 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2023 ක්වූ ඔක්තෝබර් මස 28 වැනි සෙනසුරාදා දින ( පෝය දින) පෙ.ව. 10.00 සිට ප.ව. 1.00 දක්වා එම විහාරස්ථානයේදී පැවැත්වේ. මෙම පාඨමාලව නොමිලයේ පැවත්වෙන අතර මේ සඳහා ඇතුළත් වීමට බලාපොරොත්තු වන දේශීය වෙදකම්වලට සම්බන්ධකම් ඇති අයදුම්කරුවන් ස්වකීය ජීවදත්ත ඇතුළත් අයදුම් පත්‍රයක් 2023 ඔක්තෝබර් මස 20 වැනි දිනට පෙර ගරු ලේකම්, සමස්ත ලංකා දේශීය පාරම්පරික වෛද්‍ය සමිති සම්මේලනය, අග්‍රබෝධි මූල මහා විහාරය, දුම්රියපල ඉදිරිපිට, පට්ටිය හන්දිය, කැලණිය යන ලිපිනයට යොමු කරන්න. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.