දේශීය වෛද්‍ය ක්‍රම ජාතික ආයතනයෙන් වැඩසටහන් මාලාවක්

නොවැම්බර් 10, 2023

මහරගම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය යනු දේශීය වෛද්‍ය ක්‍රම සවිබල ගැන්වීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින එකම පුහුණු ආයතනයයි.

මෙම ආයතනය අංශ 6ක් යටතේ වැඩසටහන් නොමිලයේ පවත්වනු ලැබේ.

1. පාරම්පරික හා ඖෂධ පැළෑටි පුහුණු අංශය

2. ප්‍රජා සෞඛ්‍ය මාතෘ හා ළමා පෝෂණ අංශය

3. සායනික පුහුණු අංශය

4. සිද්ධ යුනානි පුහුණූු අංශය

5. සායනික පුහුණු අංශය

6. කළමනාකරණ පුහුණු අංශය

වර්තමානයේ මෙම පුහුණු වැඩසටහන් ආයතනය මඟින් පවත්වනු ලැබේ.

පාරම්පරික වෛද්‍යවරුන් සඳහා පාරම්පරික වෛද්‍ය

පුහුණුව

පාරම්පරික වෛද්‍යවරුන් සඳහා ගුණාත්මක ඖෂධ

නිෂ්පාදන පිළිබඳ පුහුණුව

පාරම්පරික වෛද්‍යවරුන් සඳහා බෝවන රෝග පිළිබඳ

පුහුණුව

යෝග අත්පොත ප්‍රකාශයට පත්කිරීම

ළමා පෝෂණ අත්පොත ප්‍රකාශයට පත්කිරීම

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මාතෘ පෝෂණ වැඩසටහන

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සඳහා යෝග වැඩසටහන

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සඳහා මූලික පුහුණු

වැඩසටහන

වෛද්‍ය නිලධාරින් සඳහා පුහුණුව

වෛද්‍ය නිලධාරින් සඳහා ‘කැඩුම් බිඳුම්” පිළිබඳ පුහුණුව

වෛද්‍ය නිලධාරින් සඳහා චීන කටු චිකිත්සා පුහුණුව

පාරම්පරික සිද්ධ යුනානි වෛද්‍යවරුන් සඳහා පුහුණුව (දෙමළ මාධ්‍ය)

සිද්ධ යුනානි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පුහුණුව (දෙමළ මාධ්‍ය)

නවක හෙද නිලධාරින් සඳහා පුහුණුව

ඖෂධ සංයෝජක පුහුණුව

අරක්කැමියන් සඳහා පුහුණුව

සීමා සහිත වෛද්‍ය පුහුණුව නියාමකය

ඔසු උයන් පාලක පුහුණු වැඩසටහන්

මෙයට අමතර පිළිකා රෝග මර්දන වැඩසටහන්, සුවධරණි සතිමත් භාවය පාසැල් වැඩසටහන්, වස විසෙන් තොර දේශීය ආහාර ප්‍රවර්ධන අත්පොත ආයතන ප්‍රධානී ධාරිතා සංවර්ධන වැඩසටහන, දේශීය වෛද්‍ය ප්‍රවර්ධන – ප්‍රදර්ශන වැඩසටහන් මෙම සියලු වැඩසටහන් ආයුර්වේද කොමසාරිස් ධම්මික මහතාගේ මඟ පෙන්වීම යටතේ අධ්‍යක්ෂ චතුරංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.