ලලිත සිරසර - 02 ප්‍රසංගය අද

නොවැම්බර් 10, 2023

සිපිරිගෙදර රැඳවියන්ගේ සැඟවුණු චමත්කාරය වන ලලිත සිරසර - 02 ප්‍රසංගය අද (10) සවස 6.45ට කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වේ. රැඳවියන්ගේ නැටුම්, ගැයුම්, රැඟුම්, වැයුම් ඇතුළත් මෙම ප්‍රසංගය සංවිධානය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ වැලිකඩ, සිරකරු සුබසාධක උපකමිටුව මඟිනි. මෙරට බන්ධනාගාර 28ක් නියෝජනය කරන, රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් 150 කගෙන් පමණ යුත් කණ්ඩායමක් විසින් තම කලා කුසලතා ප්‍රේක්ෂකයා හමුවේ ඉදිරිපත් කරනු ඇත. බන්ධනාගාර නේවාසික සංගීත කණ්ඩායම සංගීතවත් කරන ලලිත සිරසර ප්‍රසංගයට බන්ධනාගාර නිලධාරීන්ගෙන්, රැඳවියන්ගෙන් සමන්විත වෙස් නර්තන කණ්ඩායම, අංගම්පොර කණ්ඩායම, බටහිර නර්තන කණ්ඩායම්, නාට්‍ය කණ්ඩායම විශේෂාංග එක්ව ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.