“සුව ධරණි ඔසු තුරු” මඟින් ඔසු පැළ මිලියනයක් රෝපණය කෙරේ

නොවැම්බර් 10, 2023

 

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඔසු පැළ මිලියනයක් ජාතියට දායාද කිරීමේ “සුව ධරණී ඔසු තුරු” ඔසු පැළ රෝපණය කිරීමේ වැඩසටහනේ සමාරම්භය පසුගියදා කැලණිය ගුරුකුල මහා විද්‍යාලයේ දී සිදු කෙරුණි. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර එමඟින් දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය දේශීයව සපයා ගනිමින් ඖෂධ අමු ද්‍රව්‍ය ආනයනය සඳහා වැය වන අති විශාල ධනස්කන්ධය දේශීයව ඉතිරි කර ගැනීමත්, ගුණාත්මක අතින් උසස් ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය සපයා ගැනීම මෙන්ම පාසල් ළමයින් මෙන්ම ජනතාව තුළ දේශීය ඖෂධ පැළෑටි පිළිබඳ දැනුම, අවබෝධය වර්ධනය කිරීම තුළින් දුර්ලභ ආවේණික දේශීය ඖෂධ පැළෑටි සංරක්ෂණය මේ වැඩපිළිවෙළට සමගාමීව සිදු කරනු ලබයි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.