සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ කඨින මහා පුණ්‍යෙීත්සවය

නොවැම්බර් 17, 2023

උතුරුකරයේ මුලතිව්, වැලිඔය සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ කඨින පුණ්‍යමහෝත්සවය එහි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය බදුරලියේ ඛේමධම්ම හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි සහ සියපත පදනමේ දායකත්වය මත ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු පින්කම් රාශියකින් සමන්විතව පසුගිය දා පවත්වනු ලැබීය.

මේ පුණ්‍ය කර්මය තුළ දී ශ්‍රී ශාක්‍යමුණි සුගන්ධ කුටියේ අති උතුම් ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම, නාග විහාරයේ ධාතුන් කරඬු වහන්සේලා සහිත ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම, ආරණ්‍ය සේනාසනය සඳහා කුල දරුවන් පැවිදි කිරීම, සිල්වත් ගුණවත් මහා සඟ රුවනේ ශීලයේ ගුණය රැකුණු පොහොය ගෙය සීමා මාලකය සඟ සතු කොට පූජා කිරීම, සිව් දෙසින් වඩිනා මහා සංඝරත්නය ඇතුළු දස සිල් මාතාවන් 140ක් උදෙසා මහා සංඝගත දක්ෂිණාව, කඨින චීවර පෙරහර මෙන්ම කඨිනානුශංස ධර්ම දේශනයන්ගන් සමන්විතව සිදු කරනු ලැබීය. 

--------------

 සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සංගමේ දිස්ත්‍රික් ශාඛා පිහිටුවීම

සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සංගමයේ කළුතර දිස්ත්‍රික් ශාඛාව මේ මස 14 වෙනි දින කළුතර ප්‍රාදේශීය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරිකා ගජනායක මහත්මිය සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාන්ත ක්‍රිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත් වූ අතර නව සාමාජිකයන් බඳවා ගැනීමේ සහතික පත්‍රයක්ද එදින පිරිනැමූ අතර නව නිලධාරී මණ්ඩලයක්ද තෝරා පත් කර ගන්නා ලදී.

---------------------

පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ට දේශනයක්

හෝමාගම ආයුර්වේද සංරක්ෂණ සභාව ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ආයුර්වේද සංරක්ෂණ සභාවල වෛද්‍ය ලියාපදිංචිය අපේක්ෂිත පාරම්පරික වෛද්‍ය සිසුන් සඳහා පවත්වනු ලැබූ ලෝක ආහාර දිනය වෙනුවෙන් “ජලය යනු ජීවයයි” “ජලය යනු ආහාරයයි” යන තේමාව යටතේ දේශනයක් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විය.

නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයේ විශේෂඥ වෛද්‍ය මනරම් පෙරේරා සහ නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයේ වෛද්‍ය සඳුන් ලියනගේ සහ දේශීය වෛද්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍ය චමල් තේනුවර මහතාගේ සම්පත් දායකත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී. චින්තක මහතාගේ සහභාගීත්වයෙන්ද හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දේශීය වෛද්‍ය අංශය මඟින් මෙය සංවිධාන කටයුතු මෙහෙයවනු ලැබීය.

ජයන්ති කුරේ 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.