නොමිලයේ හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීමට අවස්ථාව

නොවැම්බර් 17, 2023

 

ඉන්දු ලංකා දෙරටේ මිත්‍රත්වය තහවුරු කරමින් ඉන්දීය රජය මගින් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනෙකු සඳහා ඉන්දියාවේ කල්කටාහි බටහිර බෙංගාල විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ජාතික හෝමියෝපති ආයතනය මගින් නොමිලේ හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙන අතර ඒ සඳහා සුදුසුකම් ලත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව සහ ගුවන් ටිකට්පත් පිරිනැමීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී සිදු කෙරිණ .

අපොස උසස් පෙළ පෙළ විද්‍යා විෂය ධාරාවෙන් හදාරා සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමකින් අයදුම්පත් කැඳවීමේ අනතුරුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් දස දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමුණු අතර ඔවුන්ට ඒ සඳහා පිටත්ව යෑමට අවශ්‍ය ගුවන් පත් ශ්‍රී ලංකා රජයේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය අල් මගින් ලබා දීම සිදුකෙරිණ. වසර පහ මාරක හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳ උපාධිය හැදෑරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා පිළිගත් හෝමියෝපති වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව උදා වනු ලබයි

අතුරු ආබාධ වලින් තොර වෛද්‍ය ක්‍රමයක් ලෙස ලොව ප්‍රචලිත හෝමියෝපති වෛද්‍ය ක්‍රමයතුළ දියවැඩියාව වකුගඩු රෝග ආතරයිටීස් ඇතුළු රෝග රැසක් සඳහා සාර්ථක පිළියම් සහිත වෛද්‍ය ක්‍රමයක් වනු එනු ලබයි.

------------------- 

ග්‍රාමීය ආයුර්වේද රෝහලක් විය යුතු කරමැටිය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව

ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම උදෙසා කරමැටිය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය ආයුර්වේද රෝහලක් බවට පත්කිරීමට පියවර ගත යුතු බව බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා පවසයි.

කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරමැටිය ප්‍රදේශයේ පිහිටි මෙම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවෙන් කරමැටිය, කන්දකැටිය ඇතුළු අවට ප්‍රදේශ රැසක දෙදහසකට අධික පිරිසක් ප්‍රතිකාර ලබාගන්නා නමුත් මෙහි සිටින්නේ එක් වෛද්‍යවරයෙකු පමණක් බවත් කාර්ය මණ්ඩලය ඉතා සීමිත බවත් මේ සඳහා ප්‍රමාණවත් පරිදි වෛද්‍යවරුන් හා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් ඇතුළු පහසුකම් ලබාදිය හැකිනම් මෙමගින් ප්‍රදේශයට විශාල සේවාවක් ලබාදිය හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත කරුණු දක්වමින් දෙනිපිටිය මහතා සඳහන් කළේ මෙම ආයුර්වේද බෙහෙත් ශාලාව ග්‍රාමීය ආයුර්වේද රෝහලක් ලෙස පුළුල් කිරීම පිණිස අවශ්‍ය තරම් භූමි ප්‍රමාණයක් පවතින මෙම ස්ථානය අවට ප්‍රදේශ රැසකට ඉතා හොඳ මධ්‍යස්ථානයක්ද වන බවයි.

හාලිඇල සමූහ - ආර්.එම්. විජේරත්න

-----------------------

සුරු දරුවෝ වැඩසටහන කැලණිය ගුරුකුල විද්‍යාලයේ

රටේ අනාගතය වන පාසල් දූ දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර තිබෙන සුවධරණී - සුරුදරුවෝ මානසික සතිමත්භාවය ගොඩනැගීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ගුරුකුල මහා විද්‍යාලයේදී පැවැත්විණ. සුවපත් දැයක් උදෙසා ගුණවන්ත, දක්ෂ, ක්‍රියාශිලි, බුද්ධිමත්, කුසලතා පූර්ණ ආධ්‍යාත්මික දරුවන් බිහි කරලීම උදෙසා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දෙකටන බවුන්සෙත් මානසික සුව සෙවණේ නිර්මාතෘ කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ භාවනා අංශයේ උපදේශක පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.