වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
සිව් සැට වැනි නවාංසකය
මැයි 10, 2019
ජන්ම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා මැ අයහපත් පල ඇතිකරන ගහයන් හත් දෙනාගෙන් එක් කෙනකු බව ඔබ දනිති. එය ලග්නයෙන් ද සඳු ගෙන් ද යන දෙපිළිවලට මැ බලපානා බව පැරැණි ඉසිවරුන් පෙන්වා දී ඇත.
එය “ඛර” නවාංසකය යන නමින් ද හඳුන්වා ඇත. “ඛර” යනු සකුවෙහි,තද, දැඩි, කුරිරු යන අරුත් දෙන වදනකි. මේ කුරිරු නවාංසකය හිමියා ඇතිකරන කුරිරු පල විපාක ගැනද සැලැකිලිමත්වීම වැදගත් වෙයි. මීට ඉහත පළ කළ 35 වැනි පැටුමෙහි ලා, ‘ජිද්රගහ’ යන නමින් ඉසිවරුන් හඳුන්වා ඇති ගහයන් හත් දෙනකු ගැන සඳහන් කළෙමි. “ජිද්රා” යනු “සිදුරුකරන” යන අරුත ඇති සකු වදනකි. 64 වැනි නවාංසකය අදිපතියා ද ඒ හත් දෙනා ගෙන් එක් ගහයෙකි. ඒ හත් දෙනා ගෙන් බලවත් මැ ගහයා ගේ දසා, අතුරු දසාවකදී කෙනකු ගේ මරණය සිදු වන බව ද ඉසිවරුන් පෙන්වා දී ඇත. එ පමණක් නො වැ ලග්නයෙන් හෝ සඳු ගෙන් හෝ 64 වැනි නවාංසකය යෙදෙන තැනින් රාහු ගමන් කරන අවස්ථාවක තමා ගේ හිතවත් නෑයකු ගේ මරණය සිදු වීමට ඉඩ ඇති බව බලභද්රයෝ පෙන්වා දෙති. රාහු මේ තැන ඉක්මවා යාමට මාස දෙකක පමණ කාලයක් ගන්නා බව ද කියා ඇත.
මේ 64 වැනි නවාංශකය අදිපතියා දුස්ට රාසියකට වැටී සෙනසුරු හා එක්වී ඇත්නම් ඒ තැනැත්තා ගේ මරණය සිදුවන්නේ වස ශරීරගත වීමෙන් බවත්, එම 64 වැනි නවාංසකය අදිපතියා දුස්ට රාසියක දී රාහු හෝ කේතු හෝ සමඟ එක් වී ඇත්නම් ගෙල හිරවීමෙන් මරණය සිදුවන බවත් “ජාතක පාරිජාත” නම් දෝ සතර පොතේ සඳහන් වී ඇත.
මෙ සේ මෙම 64 වැනි නවාංසකය මතින් පමණක් නොව, එහි අදිපතියා දුස්ට රාසියක තැන්පත් වී ඇත්නම් ඒ මතින් පාප ගහයකු ගමන් කරන කාලසීමාව ද අයහපත් කාලයක් බව දත යුතු වෙයි.
එ වැනි අවස්තාවක තමන් කෙරෙහි බලපාන මහ දසාව හෝ අතුරු දසාව හෝ පාපයකු ගේ වුව හොත් එයින් ඇතිකරන පලයද ඉතා මැ අයහපත් වනු ඇත. පලාපල කීමේදී එ බඳු තැන් ගැන ද සැලැකිලිමත් වීම වැදගත් වෙයි.
ජන්ම කේන්දරයක් අතට ගත් සැණින් 64 වැනි නවාංසකය සොයාගැනීමේ පහසු පිළිවෙළක්ද ඇත. 64 දොළහෙන් බෙදූ විට 4 ක් ඉතිරි වෙයි.
එ හෙයින් නවාංසක සටහනේ 4 වැනි කොටුව හිමියා 64 වන නවාංසකය අදිපතියා වෙයි. නිදසුනක් ගෙන බලමු.
මීන නවාංසකයේ සිට සිව් වැන්න මිතුනය යි. මිතුනය බුදට හිමියි. එ හෙයින් මේ කේන්දරයේ 64 වැනි නවාංසකය අදිපතියා බුද යි.නවාංසකය එකින් එක ගණන් කැර බැලූ විට එය නිවැරැදි බව පෙනෙයි. කන්‍යා රාසියේ මීන නවාංසකයේ සිට ඉදිරියට නවාංසක හතක් ඇත. එ තැන් සිට තුලා, වෘශ්චික , ධනු, මකර , කුම්භ, මීන යන රාසි හයෙහි නවාංසක පණස් හතරකි. (9ය6=54) යි.ඒ 54 ද කන්‍යා රාසියේ නවාංසක හතට එකතු කළ විට 61 ක් වෙයි. ඊළඟ මේෂ රාසියේ නවාංසක ඇරඹෙන්නේ මේෂයෙනි. එහෙයින් , මේස, වෘෂභ, මිතුන යන නවාංසක තුන ඉහත හැට එකට එක් කළ විට 64 වෙයි. එ හෙයින් ඉහත කී කෙටි ක්‍රමය නිවැරැදි බව පැහැදිලි වෙ යි.
මෙ සේ ඕනෑම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා පහසුවෙන් සොයා ගත හැක.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
හේමසිරි කුමාරණතුංග
෴ සබැඳි ලිපි ෴
ඕනෑම පුද්ගලයකුගේ ආයු ප්‍රමාණය හා වසනාවන්ත භාවය ප්‍රකාශ කරන මැණික් කටු රේඛා හෙවත් මණිබන්ධන රේඛා හස්ත රේඛා පරික්ෂාවේදි ඉතාම වැදගත් වේ. අත්ලක...
2024-04-11 18:30:00
කෙනකු පුනාවස නැකතින් උපත ලද්දේ නම් ඔහු මිහිරි වදන් පවසන සංගීතය, චිත්‍ර, නාට්‍ය වැනි අංශයන්ට සමත් මෙන්ම ආදායම් මාර්ගයන්ට ද කලාව යොදා ගනී....
2024-04-11 18:30:00
ශක වර්ෂ 1946 හෙවත් ව්‍යවහාර වර්ෂ 2024ක් වූ අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා අපරභාග 09.05ට නව වසර උදාවේ.උදාවන්නාවූ සූර්ය මංගල්‍ය හෙවත් සිංහල අලුත්...
2024-04-11 18:30:00
රාශි චක්‍රයේ දසවැනි රාශිය මකරය. මකර රාශිය දුකට අධිපති ශනි ග්‍රහයාට අයත් වේ. සාමාන්‍ය ස්වරූපය අනුව සිහින් සිරුර සිහින් මුහුණ හා මහත් දත් ඇති...
2024-04-11 18:30:00
මේෂ ලග්නයභාග්යයය ඉස්මතු වේමේෂ ලග්න හිමියන්ගේ සියලු කටයුතු හා අරමුණු සඵල වන වාසනාව ගෙනෙන වසරක් ලෙස නම් කළ හැකිය. ඔබේ සිතට හැඟෙන සිතිවිලි ක්...
2024-04-04 18:30:00
ලොව ජීවත්වන අප සියලුම දෙනාටම අදරය අත්‍යවශ්‍ය කාරණයකි. එය මිනිසාට පමණක් උරුම වු කාරණයක් නොවන බව අප සතා සිවුපාවුන් හැසිරෙන ආකාරයෙන් අපට තහවුරු වේ. ආදරය...
2024-03-28 18:30:00
අග්නි යනු ගින්නයි. මාරුතය වේගයෙන් හමන සුළඟයි. ඒ අනුව අග්නිය හෙවත් ගින්න කුජ නිවේදනය කරන අතර මාරුතය හෙවත් වේගයෙන් හමන සුළඟ සෙනසුරු නිවේදනය කරයි. ඒ...
2024-03-28 18:30:00
සල්මන් ඛාන් ලෝකයේ ප්‍රසිද්ධ නළුවකු බවට පත් වන්නේ ඔහුගේ නමේත්, දෛව අංකයේත්, පෞද්ගලික අංකයේත් ඇති ගැළපීම නිසාය. ඔහුගේ නමේ අකුරුවල එකතුව 3කි. දෛව අංකය...
2024-03-28 18:30:00
පිළිතුරුප්රශ්නය -වාහන හා ඉඩම් ලාභ තිබේද?ඩබ්.බී. කොස්සින්න, ලෙව්ල පිළිතුර -ඔබට වාහන ඉඩම් ලාභ ඇත. ගත කරන කාලය ඒ සඳහා හොඳයි. 2025 අප්‍රේල්...
2024-03-28 18:30:00
පිළිතුරුප්රශ්නය -වාහන හා ඉඩම් ලාභ තිබේද?ඩබ්.බී. කොස්සින්න, ලෙව්ල පිළිතුර -ඔබට වාහන ඉඩම් ලාභ ඇත. ගත කරන කාලය ඒ සඳහා හොඳයි. 2025 අප්‍රේල්...
2024-03-28 18:30:00
දුන්නකින් ඉලක්කයට විදීමට සැරසෙන මිනිසෙකුගේ උඩුකයක් සහ අශ්වයකුගේ යටි කයක් සංකේතවත් කරන ධනු ලග්නය රාශි චක්‍රයේ නව වැනි රාශියයි. යම් අයකු යම්කිසි...
2024-03-28 18:30:00
ශීර්ෂ රේඛාව මඟින් පුද්ගලයකුගේ මානසික තත්ත්වය, ආකල්ප සහ කල්පනා කිරීමේ ශක්තිය ආදි මානසික ක්රියාකාරිත්වයන් පිළිබඳ හඳුනාගත හැකි බව මින් පෙරද මා සඳහන් කළ...
2024-03-21 18:30:00
“මහත්මයා, මේෂ, වෘෂභ, මිථුන, කටක ලග්නවලට කොහොමද?”“හොඳයි, වරදක් නැහැ.” “එහෙනම් අස්විද, බෙරණ, කැති, නැකැත්වලට කොහොමද මහත්මයා.” “හොඳයි වරදක් නැහැ...
2024-03-21 18:30:00
සියලු ලෝ වැසියන්ගේ පෙර ජාතියෙහි රැස් කරන ලද කුසලාකුසල කර්මයන්ගේ හේතුවෙන් හට ගන්නා වූ ශුභ අශුභ දසා කාලයන් දැන ගෙන ඒ වූ පරිදි තත් කාලයේ කටයුතු...
2024-03-21 18:30:00
මුවසිරස නැකතින් ජන්ම දායාදය ලබා ඇත්නම් චින්තන විප්ලවයක් කළ හැකිය. කාටවත් පියවි දෑසට ගෝචර නොවන ගුප්තමය ක්‍රියාවන්හි නියැළුණු බලවත් චරිතයකි. ජීවිතයේ...
2024-03-21 18:30:00
ශකවර්ෂ 1945ක් වූ මීන රවි 09 භාග මැදින් පුර තෙළෙස්වක තිථිය ලත් මෙදින සිට එම රවි 15 භාග මැදින් අව තියවක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-03-21 18:30:00