මේ සතියේ ඔබට

දෙසැ. 23 සිට දෙසැ. 29 දක්වා
දෙසැම්බර් 23, 2022

 

මේෂ

අමතර මුදල් ලැබීමක්

 

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර, මේ සතිය ආරම්භයේදී ඔබේ, ලග්නයට අනුව සඳුගේ ගමන සිදු වන්නේ 9,10,11,12 යන භාවස්ථානවලයි. නිතර පිනට දහමට ළැදිව කටයුතු කරන කාලයක් වන අතර, අසරණ කෙනකුට පිහිටවීමට ද අවස්ථාව උදා කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බැලිය යුතු කාලයකි. හදිසි රැකියා තනතුරු ලාභද හිමිවිය හැකියි. අමතර මුදල් ලැබීම් සම්බන්ධ කටයුතු කීපයකට සම්බන්ධ වීමට මඟ සැලසේ. සති අන්තය වන විටදී උගුර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

විදෙස් ගමනක්

 

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදු වන්නේ 8,9,10,11 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා අතමිට සරුකරන කාලයකි. එහෙත් නොසිතූ ලෙස අලාභයක් සිදු වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දේපළ සම්බන්ධ ගැටලුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන කාලයකි. මෙතෙක් ප්‍රමාදතා සිදු කරමින් තිබූ විදෙස් ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙන්නුම් කරයි. නිතර යෙදෙන ගමන් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වන කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

මිථුන

හදිසි තීරණයක්

 

මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථානවලයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරන කාලයකි.

නිතරම මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීමට සිදුවේ. රාත්‍රී ගමන් බහුල කාලයක් බව පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී රැකියාවේ කටයුතු සම්බන්ධ උදාසීන ගති මතු කරයි. සති අන්තය වන විටදී තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න.

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

අඹුසැමි මතභේදයක්

 

මනසට පීඩාකාරි සිතිවිලි කීපයක් ඇති කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථානවලයි. පවුලේ කටයුතු සම්බන්ධ පැවැති උනන්දුව අඩු වී යන කාලයකි. එහෙත් විසිතුරු බඩුබාහිරාදිය පිළිබඳ ඇති උනන්දුව වැඩි කරයි. එමෙන්ම සතිය මැද කාලයේදී ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. ස්ථිර වූ විවාහ යෝජනාවකට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදු වන සතියකි. සති අන්තයේදි අඹුසැමි මතභේදයක් දුරදිග යෑමෙන් ගැටලු කීපයක් මතු කරයි. නිතර ඇවිදිලි වැඩි කරන කාලයකි.

 

අය 06 - වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - ළා දම්

සුබ දවස - බදාදා

 

සිංහ

අමතර මුදල් වැයවීම් වැඩි කරයි

 

වරින්වර ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර, මෙම සතිය ආරම්භයෙදී සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු සතියකි. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් අධික වන බවක් පෙන්නුම් කරයි. අමනාප වූ කෙනකු සමඟ හිතවත්කම් අලුත්කර ගැනීමට මාර්ගය පෑදේ. දරුවකු වෙනුවෙන් අමතර මුදල් වැයවීම් වැඩි කරන කාලයකි. දණහිසේ හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - ළා දම්

සුබ දවස - සඳුදා

 

කන්‍යා

 

පෙම් සබඳතාවකට බාධා

 

සැලසුම්සහගත කටයුතු කීපයකට අත ගැසීමට මඟ සැලසෙන සතියක් වන අතර මේ සතිය ආරම්භය ඔබට මිශ්‍රඵලදායක බවක් පෙන්නුම් කරයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථානවලයි. ගේ දොර අලුත්වැඩියාවක් සම්බන්ධ කටයුතු කීපයකට අත ගැසීමට මඟසැලසෙන සතියකි. ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. දරුලාබ අපේක්ෂාවෙන් සිටින අය වෙනදාට වඩා කල්පනාවෙන් පසු විය යුතු කාලයකි. නොදැනුවත්කම හේතුවෙන් ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවේ. පෙම් සබඳතාවකට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

 

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

තුලා

පවුලේ කෙනකුට උපකාරයක්

 

විශේෂ හිතවත්කමකට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථානවලයි. පවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්විය යුතු කාලයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. ගෘහ ජීවිතයේ කටයුතුවලට බාධාකාරි ලෙස කටයුතු කීපයක් සිදු කරයි. වරින්වර ඇතිකරන යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදු වෙයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. හදිස්සියේ ඇතිකරන සෙම් රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදු වන සතියකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික

වාහන ගනුදෙනුවක්

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථානවලයි. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු කාලයකි. අමතර වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් වැඩි කරන කාලයකි. පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුවකට මුහුණ පෑමට සිදු වෙයි. විවාහය සම්බන්ධ හිතුවක්කාර තීරණයක් ගැනීමෙන් ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවෙයි. හදිස්සියේ සිදු වන වාහන ගනුදෙනුවකින් වාසි කීපයක් අත්කරයි. සති අන්තයේදී තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

ධනු

ගේ දොර අලංකරණයට වෙහෙසෙයි

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස්කම් කීපයක් සිදු කරයි. නිතර ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන කාලයක් බව පෙනේ. වරින් වර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන අතර ප්‍රභූ අය හා ඇසුරටද කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී උරහිස ආශි‍්‍රත ඇති වන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි. සති අන්තයේදී ආගමික කටයුත්තක් වෙනුවෙන් දුර පලාතකට යාමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

මකර

තැන්පත් ධනය වැයවීමක්

 

ශාරීරික මෙන්ම මානසික වෙහෙසකාරී බවක් ඇතිකරන සතියක් වන අතර මේ සතිය ආරම්භය ඔබට මිශ්‍රඵලදායක බවක් පෙන්නුම් කරයි. මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථානවලයි. අමතර ලැබීම් හිමිකරන මාර්ග කීපයකට අවහිරතා මතුකරන සතියකි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවෙයි. අසල්වැසි සුහදතාවයට බාධාගෙන දෙන කාලයකි. නිතර හට ගන්නා ආමාශගත ආබාධයක් හේතුවෙන් කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි. දරුවකුගේ ඉදිරි වැඩ පිළිවෙළක් වෙනස් කිරීමට සිදු වෙයි. සති අන්තයේදී තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් සිදු වීමට ඉඩ ඇත.

 

අය 06 - වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

කුම්භ

හදිසි ගනුදෙනුවක්

 

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. නිතර වෙහෙස ඇති කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. සතිය මැද කාලයේදී වරින්වර ඇතිවන උගුර ආශි‍්‍රත ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට සිදු වෙයි. සති අන්තයේදී හදිසි ගනුදෙනුවකට සැලසුමක් ඇතිකර ගනී.

 

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මීන

ගනුදෙනුවකට නීති පිහිට

 

එදිනෙදා කටයුතුවලට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවලද ගමන් කරයි. හදිසි දේපළ ගනුදෙනුවකට අතගැසීමට සිදු වන සතියකි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. ගනුදෙනුවක් පියවාගැනීමට නීති පිහිට පැතිය යුතු කාලයකි. නිතර හමුවන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. මවගේ අසනීපයක් හේතුවෙන් තමාට වැඩි වගකීමක් දැරීමට සිදුවෙයි. සති අන්තයේදී පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. ගේ දොර කටයුතුවලද වෙනස්කම් කීපයක් සිදු කරයි.

 

අය 06 - වැය 04

ජය අංකය - 01

ජය වර්ණය - ළා කොළ

සුබ දවස - සිකුරාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.