මැයි 03 සිට 09 දක්වා සතිය ඔබේ ලග්නයට...

මැයි 3, 2024

 

මේෂ

ප්‍රසිද්ධියට පත්වන කාලයකි

පවුලේ වගකීම්වලදී මූලිකත්වයක් ගනිමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11, 12,1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර දේ ඉපැයීමට වෙහෙසක් දරන බවක් පෙනේ. දේපළ ගනුදෙනුවක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. පවුලේ සාමාජිකයන් අතර, ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. සමිති සමාගම්වල නිලතල දරන කාලයක් වන අතර ප්‍රසිද්ධියට පත්වන බවක් ද පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටට පත්විය හැකි කාලයකි. තනතුරු ස්ථිරවීමක් හෝ ස්ථාන වෙනසක් සිදු විය හැකි බවක් පෙනෛ්. වෙනදාට වඩා අතමිට සරු කරන අමතර ආදායම් මාර්ගයකට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතුවලට සම්බන්ධ වීමට සිදු වන කාලයකි. තරග විභාගයක් වෙනුවෙන් සූදානමක් ඇති කර ගනී. ගුරුභවතුන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ප්‍රසාදයට පත්වන කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන ශාරීරික අප්‍රාණික ගතිපැවතුම් හේතුවෙන් පීඩා ගෙන දෙන කාලයකි. නිතර ඇතිවන අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන සතියකි.

පවුලේ වගකීම්වලදී මූලිකත්වයක් ගනිමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11, 12,1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර දේ ඉපැයීමට වෙහෙසක් දරන බවක් පෙනේ. දේපළ ගනුදෙනුවක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. පවුලේ සාමාජිකයන් අතර, ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. සමිති සමාගම්වල නිලතල දරන කාලයක් වන අතර ප්‍රසිද්ධියට පත්වන බවක් ද පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටට පත්විය හැකි කාලයකි. තනතුරු ස්ථිරවීමක් හෝ ස්ථාන වෙනසක් සිදු විය හැකි බවක් පෙනෛ්. වෙනදාට වඩා අතමිට සරු කරන අමතර ආදායම් මාර්ගයකට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතුවලට සම්බන්ධ වීමට සිදු වන කාලයකි. තරග විභාගයක් වෙනුවෙන් සූදානමක් ඇති කර ගනී. ගුරුභවතුන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ප්‍රසාදයට පත්වන කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන ශාරීරික අප්‍රාණික ගතිපැවතුම් හේතුවෙන් පීඩා ගෙන දෙන කාලයකි. නිතර ඇතිවන අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන සතියකි.

අය 07 වැය 08

ජය අංකය – 09

ජය වර්ණය – නිල්

සුබ දවස – සිකුරාදා

වෘෂභ

හිතවතකුගේ භෝජන සංග්‍රහයක්

අමතර ලැබීම් අතින් යහපත් කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. නිතර පවුලේ වැඩිහිටියන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වගකීම් බහුල සතියකි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු සැලසේ. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී.

රැකියාව

වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට කටයුතුª උදා කරයි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් වන කාලයකි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි.

අධ්‍යාපනය

වෙනදාට වඩා අධ්‍යාපන කටයුතු කරෙහි උනන්දුවක් දක්වන සතියකි. ප්‍රමාද වූ පොත්පත් වැඩකටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇතිකර ගන්නා සතියකි.

සෞඛ්‍යය

මෙතෙක් පැවැති ශාරීරික අපහසුතා කීපයක් මගහැරී යයි. එහෙත් සුළු සුළු වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයක් සිදු වීමට ඉඩ ඇති බවක් පෙනේ.

අය 06 වැය 04

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – බදාදා

මිථුන

උත්සවයකට සැලසුමක්

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ බැඳීම් වැඩිවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දරුවකුගේ උත්සව අවස්ථාවකට සැලසුමක් සකස්කර ගන්නා කාලයකි. හදිසි වියදමක් දැරීමට සිදු වන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බලන්න. නිතර ප්‍රධානීන් සමඟ ගැටලුකාරි බවක් ඇති කර ගනී. ස්වයංරැකියා කටයුතුවලින් විශේෂ ලාබ හිමිකරන කාලයකි. නිතර අතමිට ගැවසෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් ඇති කරන කාලයකි. තරග විභාගයකට සූදානමක් ඇති කර ගනී. අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

උෂ්ණාධික රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. එමෙන්ම ආහාර නොදිරවීමේ ආබාධයකින්ද පීඩා විඳීමට සිදු වේ. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි.

අය 06 වැය 03

ජය අංකය – 04

ජය වර්ණය - කහ

සුබ දවස – සඳුදා

කටක

ස්වයං රැකියා වාසි

තරමක් දුරට ගතට සිතට සැනසිල්ල උදා කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා ආගමික කටයුතුවලින් සහන පතන කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බැලිය යුතු බවක් පෙනේ. එමෙන්ම රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදු වන බවක් පෙනේ. ස්වයංරැකියා කටයුතුවලින් නොසිතූ ලාභ හිමිකර ගනී.

අධ්‍යාපනය

අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සිත් කලකිරීම්, රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති කාලයකි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

මෙතෙක් පීඩාකාරී බවක් ගෙන දුන් ගැටලු කීපයකින් නිදහස උදා කරයි. ඇසේ හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වරින්වර ඇති කරන ක්ලාන්ත ගතිය හේතුවෙන් හදිසි සෞඛ්‍ය පරීක්ෂයකට ලක්වීමට සිදු වේ.

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – බදාදා

සිංහ

වාහන ගනුදෙනුවක්

වැඩි වගකීම් ප්‍රමාණයක් තමා වෙත පැවරෙමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

කලබලකාරි ලෙස කටයුතු කීපයක් කරගෙන යන බවක් පෙනේ. නිතර අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන සතියකි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වාහන ගනුදෙනුවක් පිළිබඳ උනන්දුව ඇති කරන බවක් පෙනේ. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

රැකියාව

හදිසි ලැබීම් ඇති රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අත්කම් නිර්මාණ වැනි ස්වයං රැකියා කටයුතුවලට යොමුවන කාලයකි. එමෙන්ම සෞන්දර්යාත්මක රැකියා කටයුතුවලින් විශේෂ වාසි කීපයක් සැලසේ.

අධ්‍යාපනය

මෙතෙක් උදාසීන බවකින් කරගෙන ගිය අධ්‍යාපන කටයුතු නව මුහුණුවරකින් කරගෙන යන බවක් පෙනේ. කණ්ඩායම් වැඩ සටහනක මූලිකත්වයක් ගෙන කටයුතු කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි බවක් පෙන්නුම් කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වන සතියකි.

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

කන්‍යා

ගේ දොර අලුත්වැඩියාවක්

මානසික අවහිරතාවයකින් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8, 9 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පැවැති නොසන්සුන්කාරී බව මගහැරී යයි. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ. හදිසි ගණුදෙනුවකට කටයුතු උදා කරයි. වගකීම් බහුල කටයුතු කීපයක් යෙදේ. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායක සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරයි. අධ්‍යාපනික වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු සිදු කරයි. විශ්වවිද්‍යාල වරම් අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. වරින්වර හට ගන්නා උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. මේ සතියේ හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදු වනු ඇත.

අය 06 වැය 03

ජය අංකය – 02

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

තුලා

භූමි ලාභ ගෙන දේ

හදිසි ආදායම් මාර්ග කීපයකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භවන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අවිවේකී ලෙස සතිය ආරම්භ කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ. පැරැණි හිතවත්කම් අලුත්වන කාලයකි. මවට හෝ මවුපස ඥාතියකුට ඇප උපස්ථාන කිරීමට අවස්ථාව සැලසෙන කාලයකි.

රැකියාව

ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. භූමියෙන් ලාභ ගෙන දෙන කාලයකි. මෙතෙක් කරගෙන ආ රැකියාවක තනතුරු ස්ථිරවීමක් සිදු වීමට ඉඩ ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට මුදල් අගහිඟතා මතුවුවත් කෙසේ හෝ ඒවා කර ගැනීමට මාර්ග පෑදේ. තාක්ෂණික අංශයේ අධ්‍යාපන කටයුතුවලින් විවිධ කුසලතා ඉස්මතු විය හැකි අතර, ඒවාට සම්මාන සහතිකද හිමි කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය තරමක් දුරට යහපත් වන බවක් පෙනේ. පැවැති අසනීප තත්ත්වයකින් සුවය හිමිකරයි. සෞඛ්‍ය පරීක්ෂණ සතුටුදායක බවක් පෙන්නුම් කරයි. ඖෂධ භාවිතයේදි සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 05

ජය අංකය 03

ජය වර්ණය – නිල්

සුබ දවස – සඳුදා

වෘශ්චික

පැරැණි හිතවත්කමක් අලුත් වේ

විශේෂ කටයුතු කීපයකට සම්බන්ධ වීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති අවහිරතා කීපයක් මගහැරී යයි. අවිවේකී වුවත් ක්‍රමවත් ලෙස ගෘහ ජීවිතයේ කටයුතු කරගෙන යෑමට හැකි වෙයි. පැරැණි හිතවත්කම් අලුත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ.

රැකියාව

දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. මෙතෙක් අවිවේකී ලෙස කරගෙන ගිය රැකියා කටයුතු යහපත් ලෙස කරගෙන යෑමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

මනසට පීඩාකාරි ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි. නිතර ගුරුදෙගුරුන්ගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදු වෙයි. පාඩම් වැඩකටයුතු කීපයක් අතපසු වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පපුව, පෙනහැල්ල ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකින් පීඩා ඇතිකරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්විය යුතු සතියකි.

අය 07 වැය 05

ජය අංකය – 07

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා

ධනු

විශේෂ උත්සවයකට ඇරැයුමක්

උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

සහෝදර බැඳීම්වලට හේතු ඇතිකරන බවක් පෙනේ. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා උත්සාහයෙන්, උනන්දුවෙන් ගෘහ ජීවිතයේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වන සතියකි.

රැකියාව

අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිතර රැකියාවේ කටයුතු උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

මෙතෙක් පසුගාමී බවක් ඇතිකරගත් අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් කරගෙන යන සතියකි. නිතර ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

සෞඛ්‍යය

පැවැති චර්ම ආබාධයකින් සුවය හිමිකරයි. එහෙත් වරින්වර ඇතිකරන අජීර්ණ ආබාධයකින් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂයකට භාජනය වන සතියකි.

අය 06 වැය 05

ජය අංකය – 05

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා

මකර

දේපළ ගැටලුවක් නිරවුල්

වගකීමෙන් කටයුතු කරගෙන යන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන සතියකි. මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය කටයුතු කීපයක් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. පවුලේ අය සමඟ පී‍්‍රතිමත් ගමනකට කටයුතු සූදානමක් ඇතිකර ගනී. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. නිතර සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනේ. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකය.

අධ්‍යාපන

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන සතියකි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවන අයට යහපත් කාලයක් වන අතර තරගකාරී කටයුතුවලින් ජයග්‍රහණ හිමිවන බවක්ද පෙන්නුම් කරයි. කලා ක්ෂේත්‍රයේ අධ්‍යාපන කටයුතුවලින් යහපත් කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ඇතිකරන උදරාබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන සතියකි. වරින්වර හදිසි ප්‍රතිකාර පැතීමට සිදු වන කාලයකි.

අය 07 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා

 

කුම්භ

ණය ගනුදෙනුවකින් නිදහස්

උත්සාහයෙන්් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ශාරීරික වෙහෙස ඇති වුවත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යන බවක් පෙන්නුම් කරයි. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරන කාලයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. ණය ගනුදෙනුවකින් නිදහස සැලසෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. හිතුවක්කාර ලෙස තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් දැකිය හැකි කාලයකි. නිතර කණ්ඩායම් වැඩසටහන්වලදී මූලිකත්වයක් ගැනීමට සිදු වේ. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරන බවක් පෙනේ.

සෞඛ්‍යය

සෙම් රෝග, උගුර ආශි‍්‍රත ආබාධවලින් පීඩා ඇතිකරන කාලයකි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් වන සතියකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා

 

මීන

ගුප්ත කටයුතුවලින් පිහිට පතයි

 

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භවන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවෙයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරත වන කාලයකි. ගුප්තකටයුතුවලින් පිහිට පතන බවක්ද පෙන්නුම් කරයි.

රැකියාව

රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු යම් තරමකින් ඉටුවන බවක් පෙන්නුම් කරයි. අමතර මුදල් ලාභ හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම ස්වයං රැකියා කටයුතුවලින්ද වාසි සැලසෙන සතියකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ සැලසුමක් සාර්ථක කරන බවක් පෙනේ. එමෙන්ම අතපසු වූ පාඩම් වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. නිතර ඇතිවන ක්ලාන්ත ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. රුධිරගත සීනි මට්ටම, අධිරුධිර පීඩනය ආදිය පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

අය 06 වැය 04

ජය අංකය – 06

ජය වර්ණය – කහ

සුබ දවස – ඉරිදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.