මේ සතියේ ඔබට

අප්‍රේල් 7, 2023

අප්‍රේල් 07 සිට අප්‍රේල් 13 දක්වා

 

මේෂ

දේපළ ගැටලුවක්

 

නිතර ඇවිදිලි ඇති කරන සතියකි. මේ සතිය ආරම්භයත් සමඟ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 7,8,9 යන භාවයන් මතිනි. විශේෂ උත්සව අවස්ථාවක් පිළිබඳ සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. නිතර මඟතොට හමුවන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. සහෝදරයකු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. දේපළ ගනුදෙනුවක් සම්බන්ධ ගැටලුවක් දුර දිග යාමට ඉඩ ඇත. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු යෙදේ. රැකියා ස්ථානයේ සිදුවන වෙනස්කම් කීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. තරඟ විභාගවලට සම්බන්ධ වූ අයට සුබදායක කාලයකි.

අය 07 - වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

 

වෘෂභ

විදෙස්ගත වීමක්

 

මතභේදයක් දුර දිග යාමෙන් ගැටලු කීපයක් මතු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 6,7,8 භාවස්ථානවලයි. නැති වූ දෙයක් නැවත හමුවන ලකුණුූපෙන්නුම් කරයි. වාත වේදනාවකින් පීඩා විඳින සතියකි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර දූ දරුවන්ගෙන් වෙන්ව වාසයට කරුණු සැලසේ. උදරාශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ විදෙස්ගත වීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුකරයි. දේපළ ගැටලුවකට මුහුණ දීමට සිදුවන සතියකි. ආගමික නායකයන්ගේ ඇසුර පතන කාලයක් බව පෙන්නුම් කරයි.

 

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

මිථුන

වගකීම් පැහැර හැරීමක්

 

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර, මේ සතිය ආරම්භයේ ඔබගේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. නිතර මුදල් වැයවීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සතිය මැද කාලයේදී පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ආගම දහමට ළැදිව කටයුතු කරන බවක් පෙනේ. මවු පාර්ශ්වයේ දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාර හිමිකරන කාලයකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කටක

දණහිසේ ආබාධයක්

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6 යන භාවයන් මතිනි. රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ ගැටලුවකට මුහුණපෑමට ඉඩ ඇත. එමෙන්ම පදිංචි ස්ථානයෙන් පිට වාසයට ද හේතු ඇති කරයි. සතිය මැද කාලයේදී දරුවකුගේ හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට මානසික අසහනකාරි බවක් ඇති කරයි. එමෙන්ම දණහිස ආශි‍්‍රතව හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. ළඟින් ඇසුරු කරන අයකු නිසා වංචා ප්‍රායෝගයකට හසුවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

 

සිංහ

අමතර ආදායම්

 

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5 යන භාවයන් මතිනි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. එමෙන්ම කෝප සහගත සිතිවිලි හේතුවෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන සතියකි. අමතර ආදායම් මාර්ගවලට හිමිකම් ඇති කරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දුර ඥාතියකුගේ පැමිණීමක් සිදුවීමෙන් නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. සති අන්තයේදී දේපළ ආරවුලක් හේතුවෙන් අසල්වාසීන් සමඟ ගැටලුකාරි බවක් ඇතිකරයි.

 

 

අය 06 - වැය 02

ජය අංකය - 03

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

 

කන්‍යා

දේපළ ගැටලුවක් නිරවුල්

 

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථානවලයි. යටපත් වූ අසනීපකාරි බවක් නැවත මතුවන ලකුණූ පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමෙන් ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවෙයි. එමෙන්ම පොත්පත් ලිපි ලේඛන කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරන සතියකි. පරම්පරාගත දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. නිතර තමා ඇසුරු කරන අයකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වීම වැදගත් වේ. සති අන්තයේදී දරුවන් සමඟ පී‍්‍රතිමත් ගමනකට සහභාගිවීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

 

තුලා

දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක්

 

පවුලේ ඉදිරි සැලසුමක් සාර්ථක කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන කාලයකි. එමෙන්ම අතපසු වූ කටයුතු කීපයක් නැවත සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. වෙනදාට වඩා වැඩිහිටියකුගේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

සතිය මැද කාලයේදී දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වීමට හේතු ඇති කරයි. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අමතර වියදමක් දැරිය යුතු සතියකි. එමෙන්ම ආගම දහමට ළැදිව කටයුතු කරන කාලයක් බව පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික

තැන්පත් ධනය වැයවීමක්

පැවැති ගැටලුකාරි බවක් මඟහැරී යන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 12,1,2 යන භාවයන් මතිනි. ගේ දොර කටයුතු සම්බන්ධව ප්‍රමාදතා කීපයක් සිදුකරන සතියකි. විශේෂ හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. තරඟ විභාගයකට සම්බන්ධ වූ අයට සුබදායක කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. විශේෂ ගනුදෙනුවකට අතගැසීමෙන් වාසි කීපයක් අත්කරයි. සතිය මැද කාලයේදී වරින්වර මතුකරන යටි බඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇති සතියක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න.

අය 06 - වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

ධනු

පැරණි හිතවත්කමක් අලුත් කරයි

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතුකරන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවයන් මතිනි. පවුලේ මත ගැටලුවක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. පැරණි හිතවත්කමක් අලුත් වීමෙන් ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථකවීමට ඉඩ ඇත. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති සතියකි. නිතර ඇසුරු කරන අයකු සමඟ මතභේදකාරි බවක් ඇති කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට කටයුතු සැලසෙන බක් පෙන්නුම් කරයි. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට මඟ සැලසෙන කාලයකි.

අය 07 - වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුªරාදා

 

මකර

අන්සතු වස්තු ලාබයක්

 

අවිවේකී ලෙස උදාකරන මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 10,11,12 යන භාවස්ථානවලයි. ඥාති හිතවතුන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවන සතියකි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. වරින් වර මතු කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අන්සතු වස්තු ලාබයකට ද හිමිකම් ඇති සතියකි. සතිය මැද කාලයේදී නිතර ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි.

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා කල්පනාකාරී වන්න. හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති කාලයකි.

 

අය 08 - වැය 07

ජය අංකය - 04

ජය වර්ණය - ළා දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

කුම්භ

විශේෂ සැලසුමක්

 

අවිවේකී ලෙස උදාකරන මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 9,10,11 යන භාවයන් මතියි. විවාහ බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවන සතියකි. නිතර පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට මඟ සැලසේ. නොසිතූ ලෙස තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සහෝදර බැඳීම් වැඩි කරන සතියකි.

සතිය මැද කාලය වන විට දී මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයයි. වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. විශේෂ සැලසුමකට අත ගැසීමෙන් වාසි කීපයක් සැලසේ.

 

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - ළා දම්

සුබ දවස - සඳුදා

 

 

මීන

 

නොසිතු පාඩුවක්

 

විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙමින් සතිය උදාකරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10 යන භාවයන් මතිනි. නිතර පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන සතියකි. වෙනදා වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි වැටීම්, තැලීම් වැනි අනතුරු දායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න.

සතිය මැද කාලයේදී නොසිතූ ලෙස තමාට පාඩුවක් සිදුවීමට ඉඩ ඇති අතර, ගනුදෙනුවලදී සැලකිලිමත් වන්න. එමෙන්ම නොගැළපෙන ඇසුරකට ද ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර ආගමික කටයුතුවලින් සහන පතන කාලයකි.

 

අය 07 - වැය 03

ජය අංකය - 05

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.