මේ සතියේ ලග්න පලාපල ( ජූනි02 සිට 08 දක්වා)

ජුනි 2, 2023

 

 

මේෂ

 

පදිංචියේ වෙනසක්

 

 

යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

නිතර ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වගකීම් වැඩි කරන අතර, පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු යෙදේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා වෙනස්කම් කීපයක් සිදු කරයි. නිතර තැන තැන ඇවිදිලි ඇති කරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

හදිසි අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම නිතර ගත සිත වෙහෙසීමට ද සිදු වෙයි. තරග විභාග ජයග්‍රහණයට ද හිමිකම් ඇති කරයි.

 

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින්වර බාධා ගෙන දෙන කාලයකි. නිතර හට ගන්නා පාදයේ වළලුකර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න.

 

 

 

අය 07 වැය 04

ජය අංකය – 02

ජය වර්ණය – කහ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

වෘෂභ

තැන්පත් ධනය වැයවීමක්

 

විශේෂ වරප්‍රසාද කිහිපයකට මඟ සැලසෙමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

පවුලේ වගකීමක් තමා වෙත පැවරෙන සතියකි. එමෙන්ම පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට ද සිදු වෙයි. ලැබීම් අතින් යහපත් වුවත් තැන්පත් ධනය වැයවීමක් ද සිදු වීමට ඉඩ ඇත.

 

රැකියාව

රැකියාවේ කටයුතුවලට නොසිතූ බාධා කීපයක් ඇති කරයි. එමෙන්ම මනසට පීඩාකාරි ලෙස කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. තනතුරු මාරුවක් හෝ ස්ථාන මාරුවක් සිදුවීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

දරුවන්ගේ කටයුතු කෙරෙහි වඩාත් සැලකිලිමත් විය යුතු කාලයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. විභාග ජයග්‍රහණයකට හිමිකම් ඇති කරයි.

 

සෞඛ්‍යය

පැවැති රෝගාබාධයකින් සුවය හිමි කරයි. එහෙත් උරහිස ආශි‍්‍රත ආබාධයක් ඇතිවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණ කීපයකට භාජනය වීමට සිදුවන කාලයකි.

 

 

අය 07 වැය 03

ජය අංකය - 05

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

මිථුන

 

වාහන ගනුදෙනුවක්

 

පැවැති ගැටලු කීපයකින් නිදහස අත්කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 5,6,7,8 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

අමතර වියදම් බහුල කරයි. එමෙන්ම පවුලේ ගැටලුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදු වෙයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති ගනුදෙනුවක් සාර්ථක වන බවක් පෙන්වයි. වාහන ගනුදෙනුවක් සිදුවීමෙන් වාසි කීපයක් අත්කරයි.

 

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. දුර බැහැර රැකියා කටයුතුවලට අවස්ථාව සැලසෙන කාලයක් වන අතර, ඒ සම්බන්ධ ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවන සතියකි.

 

අධ්‍යාපනය

විශේෂ වරප්‍රසාද කීපයකට හිමිකම් ඇති අතර, අධ්‍යාපනික ජයග්‍රහණයක් උදෙසා විශේෂ සැලසුමක් ද ඇතිකර ගන්නා කාලයකි. ශාස්ත්‍රීය කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන කාලයකි.

 

සෞඛ්‍යය

පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන සතියක් වන අතර, විවිධ සෞඛ්‍යය පරීක්ෂණවලටද භාජනය වීමට සිදුවන කාලයකි.

 

 

අය 06 වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - ළා දම්

සුබ දවස - බදාදා

 

කටක

 

රැකියාවේ විශේෂ වරප්‍රසාද

 

 

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,6,6,7 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

නිතර පදිංචියෙන් පිට වාසයට හේතු යෙදෙන සතියකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. රාත්‍රී ගමන් බහුල කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතුවලට විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා, පිරිස් පාලනය ආදී රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආ අධ්‍යාපනික කටයුත්තක් අතරමඟ නවතා දැමීමට හේතුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර ගත සිත වෙහෙසවා කරන කටයුතු අධික කරයි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් කැපවී කටයුතු කරන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින් වර බාධාගෙන දෙන සතියකි. මුත්‍රා අමාරුවක් හේතුවෙන් පීඩාවට පත්කරයි. නිතර දියර වර්ග පානය පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

 

අය 07 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

සිංහ

 

ව්‍යාපාර ආරම්භයට සුබයි

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5,6 යන භාවයන් මතිනි.

 

ගෘහ ජීවිතය

පවුලේ සැප සතුට වෙනුවෙන් කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවේ. අතරමඟ නවතා තිබූ අලුත් ඉදිකිරීම් කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට සූදානමක් ඇති කරයි.

රැකියාව

වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සුබදායක කාලයක් වන අතර, මෙතෙක් පාඩු ලබමින් සිටි කටයුතු කීපයක් නැවත ආරම්භ කිරිමට අවස්ථාව උදා කරයි. තනතුරු මාරුවක් සිදුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න.

 

අධ්‍යාපනය

දරුවකුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කීපයක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම විශේෂ පාඨමාලා හදාරන අයට සුබදායකයි.

සෞඛ්‍යය

කලට වේලාවට ආහාරපාන නොගැනීමෙන් ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරයි. රුධිරගත ආබාධයකට හේතු යෙදෙන අතර, නිතර කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 08 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – සඳුදා

 

 

 

කන්‍යා

 

විදෙස් රැකියා ලාභ

 

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 2,3,4,5 යන භාවයන් මතිනි.

 

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අතමිට සරුවන බවක් පෙන්නුම් කරයි. පවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්විය යුතු කාලයකි. ඥාතීන් අතර, සුහදතාවයට හේතු යෙදෙන සතියකි. විනෝද ගමන් වන්දනා ගමන් ආදියට සම්බන්ධ වීමට කරුණු යෙදේ.

 

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන කාලයකි. මෙතෙක් රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙන්නුම් කරයි. විදෙස් රැකියා ලාභවලටද හිමිකම් ඇති කරයි.

 

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු කෙරෙහි වෙනදා නැති උනන්දුවක් දක්වන කාලයකි. ආගම ධර්මය පිළිබඳ අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි.

 

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින් වර ගතට, සිතට පීඩා ගෙනදෙන අන්දමේ කරුණු කීපයක් යෙදේ. අක්ෂි රෝග, ස්නායු ආබාධවලට හේතු ඇති කරන කාලයකි.

 

 

 

අය 05 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

 

තුලා

 

දේපළ ගැටලුවකින් නිදහස්

 

 

 

වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ සමගියට හේතු සැලසෙන කාලයකි. නිතර වැඩිහිටි අයගේ උපදෙස් මත කටයුතු කිරීමට සිදු වෙයි. දේපළ සම්බන්ධ ගැටලුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා දුර දිග සිතා බැලිය යුතු කාලයකි.

රැකියාව

විදෙස් රැකියා හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වේ. නිතර අතමිට සරුවන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

නිතර පොත්පත්, ලිපි ලේඛන කටයුතු කෙරෙහි සිත යොමු කරන කාලයකි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් අමතර වෙහෙසීමක් සිදු කරයි. සෞන්දර්යාත්මක කටයුතුවල නියුතුවන කාලයක් වන අතර, ඒවායින් අමතර ආදායම් ද හිමිකරයි.

 

සෞඛ්‍යය

වරින් වර ඇති කරන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. උදාසීන ගති මතුකරන කාලයක් බැවින් ආහාරපාන ගැනීමේදී මෙන්ම එදිනෙදා කටයුතු පිළිබඳව ද සැලකිලිමත් වන්න.

 

 

අය 07 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

 

වෘශ්චික

 

පින් දහම් කටයුතුවල නිරත වෙයි

 

වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2,3 යන භාවයන්වලයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා දනට පිනට ලැදිව කටයුතු කරන කාලයකි. එමෙන්ම පරම්පරාගත දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකි වෙයි. ආර්ථිකය වෙනදාට වඩා යහපත් කරන සතියකි.

රැකියාව

ස්වයං රැකියා කටයුතුවල නියුතු වූ අයට විශේෂ ණය පහසුකම් ලබා ගැනීමේ මාර්ග උදා කරයි. එමෙන්ම ලිපි ලේඛන සම්බන්ධ ගැටලුවකින් නිදහස්වීමට අවස්ථාව සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට දැනුම වැඩි කර ගැනීමේ මාර්ග පෑදෙන බවක් පෙන්නුම් කරයි. නිතර කණ්ඩායම් වැඩසටහන්වලට සහභාගිවීමට අවස්ථාව උදාකරන අතර, පැවැති දුර්වලතා මඟහැරී උනන්දුවෙන් කටයුතු කරන කාලයකි.

සෞඛ්‍යය

නිතර සෙම් රෝග බහුල කාලයක් වන අතර, ජනයා රැස්වන ස්ථානවලට යාමෙන් වැළැකී සිටීම යහපත් කරයි. වෙනදාට වඩා ජලයෙන් පරිස්සම් වීමද වැදගත් වේ.

 

 

 

අය 06 වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

 

ධනු

දරුඵල හිමිකම්

 

අමතර ලැබීම්වලට පැවැති බාධාකාරි බව මඟහැරී යන සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් දරන සතියකි. දරු ඵල අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. සහෝදර බැඳීම්වලට බාධාකාරී බවක් ඇති වන අතර නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ කල්පනාකාරී වන්න.

රැකියාව

රැකියාවේ තනතුරු මාරුවක් හෝ ස්ථාන වෙනසක් පිළිබඳ පුවතක් අසන්න ලැබේ. වෙනදාට වඩා වගකීමෙන් කටයුතු කරන කාලයක් වන අතර, අලුත් රැකියා මාර්ග අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

විශේෂ පාඨමාලාවක් හැදෑරීම වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවන සතියකි. නිතර පොත්පත් පාඩම් වැඩ කෙරෙහි සිත යොමු කරන බවක් පෙන්වයි. කණ්ඩායමක් එකතු වී කරන වැඩසටහනකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් තරමක් දුරට විවිධ ගැටලුවලට මුහුණපායි. උදරාශි‍්‍රත ආබාධයක් හට ගැනීමෙන් වැඩකටයුතු කීපයක් ප්‍රමාදවීමට ඉඩ ඇත. නිතර කෑම බීම පිළිබඳ කල්පනාකාරි වන්න.

 

 

අය 07 වැය 06

ජය අංකය – 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

 

 

 

මකර

 

අතමිට සරු කරන රැකියා මාර්ග

 

වෙනදාට වඩා වැයපස අධික කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තකට නොසිතූ බාධා කීපයක් එල්ලවීමට ඉඩ ඇත. ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. දේපළ ගැටලුවකට මුහුණපෑමට සිදුවන කාලයකි.

රැකියාව

අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් වන අතර, තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. විසිතුරු බඩු නිර්මාණය කරන කර්මාන්තවල නියැළී සිටින අයට විශේෂ වාසි කීපයක් අත් කරයි. අතමිට සරු කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි.

අධ්‍යාපනය

තරඟ විභාගයක් වෙනුවෙන් සූදානම් වන කාලයක් වන අතර, නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. මඟහැරී තිබූ පාඩම් වැඩ කීපයක් සම්පූර්ණ කර ගැනීමට මාර්ගය උදා කරයි.

සෞඛ්‍යය

ශාරීරික අපහසුතා මඟහැරී යන කාලයකි. මෙතෙක් ලබාගත් ප්‍රතිකාර කීපයක් අතරමඟ නවතා දැමීමට සිදු වෙයි. එහෙත් චර්මගත ආබාධයක් හෝ පාදයේ වළලුකර ආශි‍්‍රත වේදනාවක් ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න.

 

 

අය 08 වැය 06

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

 

 

කුම්භ

 

උෂ්ණාධික රෝගාබාධ

 

 

මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවන සතියකි. වෙනදාට වඩා වියදම් පක්ෂය වැඩි කරන බවක් පෙන්වයි. හිතවතකු සමඟ මුදල් හුවමාරුවකට මඟ සැලසේ. දේපළ ගනුදෙනුවක් හෝ හුවමාරුවක් සිදුවිය හැකිය.

 

රැකියාව

රැකියාවේ කටයුතුවල නොසිතූ වෙනස්කම් කීපයක් සිදු කරයි. දුර රැකියා මාර්ගවලට මෙන්ම ගත සිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට නොසිතූ ගැටලු කීපයකට මුහුණපෑමට සිදු වෙයි. එහෙත් දැනුම වර්ධනය කර ගැනීමේ මාර්ග උදා කරන කාලයකි. ග්‍රහ අපල පෙන්වන කාලයක් බැවින් නිතර පින්දහම් කටයුතුවල නිරතවන්න.

සෞඛ්‍යය

උෂ්ණාධික රෝග මෙන්ම උණ, සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙන අතර, වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ මෙන්ම ආහාරපාන ගැනද සැලකිලිමත් වන්න.

 

අය 05 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

 

 

මීන

 

ප්‍රභූ උපකාරයක්

 

 

 

විශේෂ වරප්‍රසාද කීපයකට මඟ සැලසෙමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් පැවැති නීතිමය ගැටලුවකින් නිදහස්වීමට මඟ සැලසෙන කාලයකි. ප්‍රභූ පක්ෂයෙන් උපකාරද හිමි කරයි. ආ ගිය තැන ප්‍රසිද්ධියට පත්වන කාලයකි. අතමිට මුදල් ගැවසෙන කාලයකි.

රැකියාව

නිතර ඇවිදිලි ඇති කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ආයතන ප්‍රධානින්ගෙන් ප්‍රශංසා හා දීමනාද හිමිවන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් පැවැති ගැටලුකාරි බව මඟහැරීමට කාලයකි.

අධ්‍යාපනය

තරඟ විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානම් වන බවක් පෙන්වයි. කලා ක්ෂේත්‍රයේ නියුතු වූවන් මෙන්ම සෞන්දර්යාත්මක වැඩසටහන්වලින් තමාට තෑගිබෝග මෙන්ම සම්මානද හිමි කරයි. වැඩිහිටි හා ගුරු භවතුන්ගේ ප්‍රසාදයට පත්වන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ලේ විෂවීමක් වැනි රෝගාබාධයකින් පීඩාවට පත් කරයි. වරින් වර සෞඛ්‍යය පරීක්ෂණවලට ද භාජනය වීමට සිදුවන කාලයකි.

 

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - ළා කොළ

සුබ දවස - සඳුදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.